12වන දිග හැරුම💚❤️

1.9K 446 75
                                    

තුරුළු කරන්  හිටපු ඇදුම් වල අළුත් සුවදයි ගමන් මහන්සියයි නෑවම දනුන සනීපෙයි කිරිපාට පුලුන් පුරවපු ලොකු බ්ලැන්කට් ඒකෙන් උනුසුමයි මැද්දෙ මට නින්ද ගියා....

ම්ම්ම්..හරිම ලස්සනයි..මොකක්ද මේ තැන...පාට පාට මල් පිපිලා...සමනල්ලු ඒ මේ අත පියාඹනවා....කහපාට සුදු පාට රතුපාට හැම තැනම මල් පිපිලා...ඒ ඔක්කොම රෝස මල්...මීමැස්සො මලින් මලට පියාඹනවා...එයාලාගෙ අර චූටිම චූටි කකුල් ඔක්කොම කහපාට වෙලා...හරියට සපත්තුන දාලා වගේ...ඒ එක්කම කහපාට තටු තිබුන සමනලයෙක් ඇවිත් මගෙ නහයෙ වැහුවා...මන් එයා එක්ක හිනා උනා...එයාග් තටු කහම කහ පාටයි...ඒ එක්කම පියානොවෙ  සද්දෙ ඇහුනා....ඒ පීටර් නේද...??මන් පියානොවෙ සද්දෙ පස්සෙ එහාට ගියා...ඒ පීටර්...පීටර් වෙනදා වගේම hallelujah  කියනවා...ඇත්තටම පීටර් නම් හරිම ලස්සනට ඒක කියනවා..ඒ ඔක්කොටම වඩා එයාගෙ අර දිග ඇගිලි පියානෝව යතුරු දිගේ...එහාට මෙහාට යනකොට බලන්න ලස්සනයි....

ඩහ්...ඩහ්...ඩහ්.... ඒ සද්දෙ එක්කම මම හැරිලා බැලුවා...ජෝන්....ජෝන් අදත් දර පලනවා...එයා දර පල පල රතුපාට වීල්බැරැක්කෙට පුරවනවා..සුරුට්‍ටුටුවක් කටෙ ගහන් නලලට වැටෙන  දාඩිය බිංදු මහපට ඇගිල්ලෙන් පිහන ගමන් ජෝන් දර පලනවා...මන් හිමීට ජෝන් දිහාවට ගියා... ඒ එක්කම"චා.....ස්""""!!!" කුස්සිය පැත්තෙන් සද්දයක් ඇහුනා...ම්ම්ම්ම්ම්...හරි සුවදයි ලුසි අක්කා ලූනු තෙම්පරාදු කරනවා..එයා රත් වෙච්ච තෙල් වලට ලූනු එකතු කරන කොට " චා....ස්" ගාලා සද්දය්ක් ආවා...මන් වට පිට බැලුවා..මේ පාට පාට මල් පිපිචච...ජෝනුත් ඉන්න ලුසි අක්කත් ඉන්න ඒ වගේම පීටරුත් ඉන්න තැන...මේක..මේක..මේ නිවාසේ නේද....මෙච්චර ලස්සන මල් ??කවදාවත් මේකෙ සමනල්ලු පියෑඹුවෙ නෑනෙ...ඔව්...මේක නිවාසෙම තමා...අර තිබුන අන්දකාර පාට මූසල පාට තිබුන් නෑ...එතකොට කෝ...මේරී!!!!!

"යීබෝහ්....උඹ යක්ශ පැටියා..."

"ඩහ්..." කවුරු හරි මට ගල් බෝලෙකින් හැහුවා...ඒ බෝලේ පුරාම මඩ..අනේ මගෙ අලුත්ම කොලපාට සූට් එක...මඩ ඇති... මම හැරිලා බැලුවා...ඒ ජිමිනා..ජිමිනා හිනා වෙනවා..හිනා වෙන ගමන්  අත් දෙක ඉස්සරහට දික් කරන් මගෙ පැත්තට එනවා..ජිමිනා...ජිමිනා එන්නෙ මගෙ අලුත් සූට් එක ඉරන්නද...මම අත් දෙකෙම්ම පපුව වහන් මගෙ පස්සෙන් පස්සට ගියා....ඒ ක්කම මාව කාගෙ හරි ඇගකට හැප්පුනා.....මන් හිමීට ඔලුව උස්සලා බැලුවා...

VILLAIN'S LOVE❤️☠️☠️(COMPLETED YIZHAN FF)Donde viven las historias. Descúbrelo ahora