21වන කොටස❤️💚

1.9K 456 58
                                    

මන් දැන් කානු කැටේ ඇතුලට වෙලා බලන් ඉන්නවා..මට හැප්පුන කෙනා බිම වැටුන ගෙඩි වගයක් ඇහිදිනවා...ඇත්තටම මගෙයි එතන වැරද්ද මමයි අහක බලන් දුවන් ආවෙ...ඒත් එයා නෙවෙ එක වචනයක් වත් කිව්වෙ...ඒ විතරක්ද මමයි සැර කෙරුවෙත්...මම හති අරින ගමන් ඈතින් ඉන්න එයා දිහා බලන් ඉන්නවා...".පව්" මොනවා උනත් එයා ඒ වැටුන හැම එකම එයාගෙ ඇදුමෙන් පිහ දදා එයාගෙ කරේ දාන් උන්න බෑග් එකට දාගත්තා හැප්පුන පාරට අතේ තිබුන සිලි උරේ ඉරිලා ගියා.. 

අරුන්ගෙ සද්දෙත් ලග ලගම එනවා..උනුත් තනි එකා කියලා අත අරින්නෙ නෑ...අයියෝ අර කොල්ලා තවමත් වැටුන ඒවා අහුලනවා අර යක්කු ආවොත් ....ශිහ්..මට එලියට එන්නත් බෑ..ඒ අස්සෙන් බැහැල ඉන්නෙත් කානුවලකට පල් ගද  ගහන වතුර තියන...මන් මාස්ක් එක දාන් උන්නත් ටීශර්ට් එකේ කර පොඩ්ඩක් උස්සල නහය වහ ගත්තා ..

මෙච්චර වෙලාවකට තිබුනෙ නැති වැස්සක් එන්නද මන්දා විදුලි කොටන්න ගත්තා...ලාවට කුඩුපොත ගහන එක මන් පාරෙ තියන ලයිට් එලියෙන් දැක්කෙ...ඇති යන්තන් අර ලමයා වැටිච්ච ටික අහුලන් ඉවරයි වගේ...මගෙ හිතට ඒකත් ලොකු සැනසීමක් උනා......දැන් වත් ඔතනින් ඉක්මනට යමන් කොල්ලෝ මගෙ හිත කෑගහන්න ගත්තෙ අරුන් ආවොත් කිසි දෙයක් නොදන්න මේ අහිංසකයව අහුවෙන නිසා...එයාගෙ මූනවත් මට පැහැදිලිව පේන්නෙ නෑ...

කුඩු පොත චුට්ටට චුට්ට තදවෙන්න ගත්තා...ඒ එක්කම...ඒක්කම....අයියෝහ් ඉවරයි...අහු උනා නේද මැතිව්ගෙ කට්ටිය නේද...මාවයි අර ලමයවයි එකට හැප්පුනේ තුන්මන් හන්දියක් ගාව...ඒ පාරවල් තුනෙම්ම මැතිව්ස්ගෙ කට්ටය ආවා...අර ලමය මැදි උනා...අයියො..ඇයි පුතේ ඔයා ගියෙ නැත්තේ...මම මටම බැනගන්න ගමන් කානුවෙ අස්සෙ ඉදන් බලන් ඉන්නවා අරුන් එයාගෙන් මොනවා මොනවා හරි අහනවා එයා ඔලුව දෙපැත්තට වනනවා විතරයි..එයා මාව දැක්කෙ නෑ කියනවද...මොනවද එයා කියනව ඇත්තෙ????අරුන් මොනවා මොනවා හරි අතපය විසි කර කර අහනවා අර කොල්ලා ඔලුව දෙපැත්තට වනනවා විතරයි.... අන්තීමට උන් යන්න ගියා...අම්මොහ් ඇති යන්තන්...ඒත් ඔවුන් මේ හරියෙම කැරකෙයි අද...

දැන් නම් ලොකු ලොකු වැහි පොතු එක දෙක වැටෙන්න ගත්තා දෙවියන්ට ස්තූති වෙන්න අර පොඩි එකා යනවා..ඒත් මග දුරක් ගිහින් එයා හැරිලා බැලුවා මන් හැංගිලා ඉන්න කානු කැටේ පැත්ත

VILLAIN'S LOVE❤️☠️☠️(COMPLETED YIZHAN FF)Onde histórias criam vida. Descubra agora