පල්ලියෙ ඉදලා දුවගෙන ආව මම කෙලිම්ම ගියේ අපි නිදාගන්න හෝල් එකට...මගෙ ඇද ජනේලේ අයිනෙම අදුරු කෙරවලක තිබුනේ.....බැලු බැල්මට කිසිම කෙනෙක්ට මගෙ ඇද පෙනුනෙ නැති උනත් ඒ අන්දකාර මුල්ලෙ තිබුන මගෙ ඇදේ ඉදන් බලපුවාම මට ඒ හැම දේම පෙනුනා...මන් දුවල ගිහින් මගෙ යකඩ ඇදට පැනලා බ්ලැන්කට් එක අරගෙන ඔලුවෙ ඉදන් පොරව ගත්තා..
"ඩග්...ඩග්..ඩ...ග්..." දුවගෙන ආව වේගෙටද කොහෙද මගේ චූටි හදවත හයියෙන් හයියෙන් ගැහෙන්න ගත්තා....අද රෑට කන්න ඕනේ නෑ...මම එහෙම හිතුවා...මගෙ හිත අපරිමිත බයකින් වැහිලා තිබුනෙ..මන් ඇදේ එහාට මෙහාට පෙරලුනා...මන් පෙරලෙන වාරයක් වාරයක් ගානෙම ඒ ඇද " චිරිස්...චිරිස්...චිරිස් ගෑවා..."
ටික ටික වටෙන් පිටෙන් අන්දකාර වේගන ආවා..මට ජනේලෙන් දම්පාට වෙච්ච අහස පේනවා....කාක්කො පියාඹනවා...ඒ එක්කම කොක්කු පේලියක් ගියා..ඇත්තටම කාක්කන්ට ඇයි පිලිවලකට පියාඹන්න බැරි...මම එහෙම හිතුවා...කොක්කු නම් හරිම පිලිවලට රටාවකට පියාඹන් ගියේ...මෝඩ කාක්කො..අහස කැත කරනවා..මම එහෙම හිතුවා..මේ වෙනකොට මගෙ මහපට ඇගිල්ල කෙලවලින් නෑවිලා තිබුනා..මන් නියපොත්ත හපලම මහපට ඇගිල්ලෙ නියපොත්ත තිබුනෙම නැති තරම්....
මං හිමීට ඇදෙන් නැකිටලා ජනේලේ ගාවට ගිහින් හිට ගත්තා ..ජනෙල් ගැට්ට ගාවට වත් උස නැති මම ඇගිලි තුඩුවලින් එල්ලිලා වගේ බලන් උන්නා..අපේ නිදාගන්න හෝල් එක තිබුනේ උඩ තට්ටුවෙ...පහල වෙන දේවල් හොදට පේනවා..ජෝන් ඈත ඉදන් දර පලන එක මට මෙතනට පෙනුනා....නොන්ඩි මේරි කොහෙද දන්නෙ නෑ..."මේරී"ඒ නම මතක් වෙන කොටත් මට බයයි...ඇත්තටම මේරි නම් නපුරු හිට්ලර් කෙනෙක්ම තමා..
එලියෙ හිටපු ලමයි එකා දෙන්න ඇතුලට ඇවිත් එකා දෙන්නා ඇගහෝදන්න යනවා...
"අත අරිනවා මාව...දෙනවා ඕක මගෙ..මමයි මෙතන එකටම අල්ල ගත්තේ...ආ..ඉදා උඹට ...තව ඕනේද..."ඈතින් ඉදන් කොල්ලො දෙන්නෙක් තුන්දෙනෙක් රන්ඩු වෙනවා...ඒක ඉතින් සාමාන්‍ය දෙයක්..
මන් ආපහු ඇදට ආවා...ඔලුව වහගත්තොත් කකුල් එලියේ..කකුල් වහ ගත්තොත් ඔලුව එලියෙ..මගෙ බ්ලැන්කට් එක මට කොටයි දැන්...මන් නිකන් මුර්දජ "ණ" ක් වගේ වකුටු වෙලා තමා නිදා ගන්නෙ...හිතේ තිබුන බයටද මන්දා මට දාඩිය දැම්මා..
ESTÁS LEYENDO
VILLAIN'S LOVE❤️☠️☠️(COMPLETED YIZHAN FF)
Fanficස්නොව්බෝල්ට ආදරෙන් , ......දන්නවද වස්තුව ....මේ ලෝකෙ හොදම හමුවීම නම් උඹයි.....!