3🍁වේදනාව

1.5K 331 75
                                    

ආදරෙයි අහසක් තරම්...........

🍁🍁🍁මගේ කතාවට Vote,Comment කරන හැමෝටම ස්තූතී💛💛💛......

❤️💚💫💛ගොඩක් අය ඉල්ලලා තිබ්බ නිසා ඔන්න අදත් කොටසක් ගෙනාවා😍

💫💫💫💫💫💫💫💫💫💫💫💫💫💫💫💫💫💫💫💫💫💫

පසුවදා උදේම ශාන් අයියා කතා කරන්නත් කලින් ලෑස්තිවෙලා පහළට ආවෙ හැමෝම පුදුම කරවමින්.....ඒත් ශාන් නම් කිසිම වෙනසක් නැතුව පාඩුවෙ කෑම කෑවා....ශාන්ගෙ තාත්තා වගේම අයියත්  හදවතින්ම සතුටු වුණා ශාන් වගකීම් සහගත කෙනෙක් විදියට වැඩ කරන්න පටන් අරන් කියලා තේරුණ නිසා.......

ඒත් ශාන්ගෙ නම් හිතේ තිබ්බෙ වෙනමම අරමුණක්... යීබෝ ඊයෙ වැස්සෙ තෙමි තෙමී ගියපු එකයි ඊයෙ රෑ අයියා කියපු දේවලුයි නිසා ශාන්ට ලොකු වේදනාවක් වගේම එයා එක්කම ලොකු තරහක් දැණුනා....ඒ නිසා ශාන් තීරණය කළේ අද උදෙන්ම ගිහින් හොරෙන් හරි යීබෝ හොදින්ද කියලා බලන්න.....ඒත් ඒ ඇයි කියලා එයාටම තේරුණේ නෑ.....ඒත් යීබෝ හොදින්ද කියලා බලන්න ශාන්ට ලොකූ උවමනාවක් ආවා......

කෑම කාලා ඉවර වෙලා අයියටයි තාත්තටයි කියලා Office යන්න පිටත් වුණා....ඒත් එක්කම වගේ ලිසීගෙන් ශාන්ට call එකක් ආවා.....

"හනී ඔයා අදත් වැඩද😒?"

"ඔව් ලීසා ඇයි?"

"මොකක්ද හනී ඔයා මටත් නපුරු වෙනවනෙ දැන්😑......"

"එහෙම නෑ ලීසා....ඇයි උදේම ගත්තෙ කියන්නකො...."

"අනේ හනී ඔයාට ඒකත් අමතකද අෆ්ෆා😒....."

"මොකක්ද ලීසා🙄....මං drive කරන ගමන් ඉන්නෙ...ඉක්මනට කියන්න...."

"අද හවසට අපි shopping යන්නනෙ බබා කතාවුණේ...."

"ආහ් ඔව්නෙ හරි ලීසා මං වැඩ ඉවර වෙලා ගන්නම් ඔයාට...."

"මම අදත් එන්නම්කො office එකට එතකොට අපිට ටිකක් කලින් යන්න පුලුවන්නෙ....."

"හ්ම්ම්.."

ලීසාගෙ ඇමතුම ඉවර වුණාට පස්සෙ ශාන් කල්පනා කළේ එයාට ඇතිවුණේ දුකක්ද?කළකිරීමක්ද එහෙමත් නැත්නම් වෙන මොකක් හරිද කියලා.....කොහොම වුණත් අයියයි තාත්තයි කිව්වා වගේ ලීසා ගැන තව පාරක් හිතන්න ඕන කියලා නම් ශාන්ට අද තේරුණා........එයාට පළවෙනි පාරට අද ලීසාව කරදරයක් වගේ දැණුනා.....

ආදරෙයි අහසක් තරම්(Completed)Dove le storie prendono vita. Scoprilo ora