ආදරෙයි අහසක් තරම් .............
🍁කතාවට Vote,Comment කරන හැමෝටම ස්තූතී💚❤️💛
.
.
.
ශාන් ගියාට පස්සෙ රෑට කෑමත් හදලම යීබෝ නාගන්න ගියා...හැමදාමත් වගේ එළියෙ තිබ්බ පුංචි tap එක ඇරලා බේසමට වතුර පිරෙන්න තිබ්බා....ඒක පිරෙනකම් ඇදන් හිටපු ඇදුම් ඉවත් කරලා චූටි කොට කලිසමකුත් ඇදගෙන ඒ ඇදුම් ටික හෝදලා වැනුවා...ඊටපස්සෙ තමා එයාට මතක් වුණේ එයාගෙ ඇදුම් අර කාමරේ දාලා ආවා නේද කියලා....හෙට ගිහින් මේ ටික දීලා ඒක අරන් එනවා කියලා හිතපු යීබෝ පිරිච්ච බේසමෙන් වතුර අරන් ඉක්මනට නාගත්තා....නාගෙන ඉවර වෙද්දි 6ත් පහු....නෑව ගමන් ටිකක් ආයෙමත් සෙම ගතිය වගේ ආවෙ කලින් උණත් හැදිලා අද දවසට දෙපාරකුත් නාපු නිසා වෙන්නැති කියලා යීබෝට හිතුණා...ඉතිං ඒ නිසා රෑ වෙන්න කලින් කෑම කාලා ඉතුරු වෙලා තිබ්බ බෙහෙත් වේලකුත් බිව්වෙ ආයෙමත් ලෙඩ වුණොත් කියලා බයටමයි.....කාලා බෙහෙතුත් බීලා ඉවර වෙලා ශාන් එයාට අරන් දීපු ඇදුම් බෑග් ටිකයි තව අමතරව දීපු බෑග් එකයි අරගෙන එලියෙ දොරත් ලොක් කරලා එයාගෙ පුංචි කාමරේට ගියා....ශාන් ඇදුම් ගත්තට යීබෝ ඒ එකක් වත් හරියට දැක්කෙ නෑ....ඒ නිසා ඒ ඔක්කොම එළියට ගතපු යීබෝ එකින් එක පිළිවෙලට තිබ්බා...හැම ඇදුමක්ම packing පිට තිබ්බෙ....මේ ඇදුම් තොගේ දැක්කහම යීබෝගෙ ඇස් වලට කදුලු ආවා....අම්මයි අප්පච්චියි නැති වුණාට පස්සෙම මෙච්චර ඇදුම් ගොඩක් එයාට හම්බුණාමයි....ඉතිං කදුලු පුරවගෙනම ඒවගෙ packing කඩලා ලස්සන බලලා එයාගෙ ඇදුම් අල්මාරියෙ පිළිවෙලට ඒවා ඇසිරුවා....packing පිටින් තිබ්බ නිසා ඒවා සෝදන්න උවමනාවක් තිබ්බෙ නෑ.....ඒ වගේම අනික් ඇදුමුත් පිළිවෙලට අසුරලා තිබ්බා.....ශාන් අරන් තිබ්බ හැම ඇදුමකටම එයා ගොඩක් ආස වුණා....ඒ අතරින් කොළ පාට කමීසයයි කලු පාට කලිසමයි එයා තියාගත්තෙ හෙට අදින්න හිතාගෙන....
ඒ ඔක්කොම අසුරලා හෙට අදින ඒවත් පිළිවෙලකට තියලා යීබෝ ශාන් දීපු අනිත් බෑග් එක අතට ගත්තා....හැබැයි ඒක අනික් ඒවට වඩා ටිකක් බරට තිබුණා .....යීබෝ ඒක ඇතුලට අත දාලා තිබ්බ දේවල් එකින් එක එළියට ගත්තා....ඒකෙ තිබ්බ දේවල් දැක්කහම යීබෝට පුදුමෙනුත් පුදුමයි.......
VOCÊ ESTÁ LENDO
ආදරෙයි අහසක් තරම්(Completed)
Fanficආදරෙයි මං ආදරෙයි මේ ලොවේ කාටත් වඩා සත්තමයි බොරුවක් නොවේ මගේ ඇස් පල්ලා 💚❤️💚❤️💚❤️💚❤️💚❤️💚