11🍁රහස

1.3K 318 135
                                    

ආදරෙයි අහසක් තරම්............

🍁🍁🍁අම්මෝ ඔයාලගෙ Votes, Comments වලට ගොඩාක් ස්තූතී.....කට්ටිය මට නමකුත් හදලා නේහ්😌.....කමක් නෑ දුකක් නෑ😂😂😂....ආදරෙයි හැමෝටම😘😘😘😘❤️💚💛..........
.
.
.
.
ගෙදර ගියපු ශාන් wash එකකුත් දාගෙන කල්පනා කළේ ලීසගෙ ප්‍රශ්නෙට මොකද්ද කරන්නෙ කියලා.....මුකුත් සාක්ෂියක් නැතුව ලීසගෙන් අහලා වැඩක් නැති නිසා සාක්ෂියක් හම්බවෙනකම් ශාන් කට වහන් ඉන්න තීරණය කළා.....දන්නෙම නැතුව 5.30ත් වෙලා තිබ්බ නිසා ලෑස්තිවෙලා කාලා තාත්තටත් කියලා ගියේ ලීසව ගන්න......කියපු වෙලාවට කලින් ලීසාව ගන්න ගෙදර ළගට ගියපු ශාන් දැක්කෙ ලීසගෙ ගෙදර ළග bike එකක් නවත්තලා තියනවා....වාහනේ පැත්තකින් නවත්තපු ශාන් බලාගෙන හිටියෙ මොකක්ද වෙන්නෙ කියලා....

ටික වෙලාවකින් ලීසා ගෙදරින් එළියට ඇවිල්ලා ඒ bike එක ළගට ආවා....ඊටපස්සෙ bike එකේ හිටපු කෙනා හෙල්මට් එක ගලවලා bike එකෙන් බැහැලා ලීසගෙ කරටත් අත දාගෙන ගේ ඇතුලට යද්දි තමයි ශාන් දැක්කෙ ඒ රයන් කියලා......ශාන්ට කියාගන්න බැරි තරම් කේන්තියක් ලීසා එක්ක වගේම රයන් එක්කත් දැනෙද්දි ඉක්මනට 4n එක අරන් zoom කරලා දෙන්නගෙ 4to කිහිපයක් ගත්තා....ඔක්කොටම වඩා ශාන්ට කේන්ති ගියේ මෙච්චර කල් දෙන්නම ලස්සනට එයාව ගොනාට අන්දවපු එක ගැන.....ශන්‍ට එයා ගැනම ලොකු දුකක් දැණුනා....තවත් හිටියොත් තරහා පාලනය කරගන්න බැරි බව දන්න නිසා වාහනේ හරවගෙන ආයෙමත් ගෙදරට ගියා....ගෙදරට ගිහින් ලීසට msg එකක් දැම්මෙ ඔලුවෙ කැක්කුමක් හැදුණ නිසා වෙන දවසක ඇවිදින්න යමු කියලා......ඊටපස්සෙ 4n එකත් off කරලා වතුර මල යටට ගිහිල්ලා ශාන් හොදටම ඇඩුවා......මොකද මෙච්චර කල් හරිම ලස්සනට ලීසා එයාව අන්දපු එක ගැන ශාන් ගොඩාක් දුකින් හිටියෙ....මොනවා වුණත් යීබෝව හම්බවෙන්න කලින් ශාන් ඇත්තටම හිටියෙ මොන ප්‍රශ්නෙ ආවත් ලීසාව marry කරන්න....මොකද ශාන් ලීසට ආදරේ කළා....ඒක ආකර්ශනයක් විතරයි කියලා යීබෝව හම්බුණාට පස්සෙ තේරුණත් ලීසගෙ ඇත්ත ස්වරූපය හෙලි වුණාම ශාන්ට දරාගන්න බැරි තරම් දුකක් කලකිරීමක් දැණුනා......

හොදටම අඩලා පරණ දේවල් ඔක්කොම හෝදලා දාපු ශාන් හිතාගත්තෙ ලීසා වෙනුවෙන් අද ඉදන් එකම කදුලක් වත් නොහෙලා ඉන්න.....එයා තීරණය කළා යීබෝ වෙනුවෙන්ම විතරක් ජීවත් වෙන්න.....ඒ වගේම ඇමතුමක් අරන් ලීසා ගැන අවධානෙන් ඉන්න කියලා කියපු මනුස්සයටත් ශාන් හිතින් පින් දුන්නා......

ආදරෙයි අහසක් තරම්(Completed)Donde viven las historias. Descúbrelo ahora