''අනේ සොං බබා දැන් ඇති නේද නෑවා..තව ටිකක් වෙලා හිටියොත්නම් මගෙ බෝලේ හෙම්බයියත් හදාගන්නවා..''
''එතොත බබාට මෙම හතුස් හතුස් ගලා නනොනේ''
පොඩ්ඩා නේහාගෙ නහයෙන් අල්ලන් කිවිසුම් යවන විදිය පෙන්නවා..
''අනේ මගෙ පණ්ඩිත කොල්ලා ඔව් එහෙම තමා යන්නෙ..
දැන් ඇති මැණික...අපි දැන් ගිහින් සොයි ඇඳුමක් ඇදගමු..''නේහා පොඩ්ඩවත් උස්සගෙන රෑම් එකට ගියෙ තව ටික වේල හිටියොත් පොඩ්ඩව බ්ත් ටබ් එකෙන් ගොඩට ගන්න බැරි බව අත්දැකිමෙන් දන්න නිසායි..නේහා බබාට ඇදමකුත් අන්දවලා තෙත රෙදි ටික බින් එකට දැම්මා..
''ඔම්මා''
''ම්ම්ම්ම්ම්''
"අප්පා තිව්වා බබාට ලොතු බුම් එකක් ගෙනො තියල"
"ඇත්තද...එහෙනම් බබා දැන් බත් ගොඩක් කාලා ලොකු වෙන්න ඕන අප්පා ගෙන ලොකු බෘම් එක පදින්නම්"
"අනී... බබාට ඔම්මා කුක්කු ඕනී"
"ඔම්මා කුක්කුවලට විතරක් බබාල ලොකු වෙන්නෙ නෑ"
නේහා පැටියාවත් වඩාගෙන පහළට ගියෙ දැනටමත් පොඩ්ඩට කවන වේලාව පරක්කු නිසයි
"අනේ අජුම්මා බබාගෙ කෑම එක ගෙනත් දෙන්නකො"
"හරි නෝනෙ මං ගෙන්නම්"
නේහා අජුම්මා ගෙනත් දුන්න පොඩ්ඩගෙ කෑම එක කවන්න ගත්තෙ අජුම්මාටත් කෑම කන්න කියනගමන්..
''අනේ මැණික මේ අන්තිම කට විතරක් කන්නකො..''
"අනී.. ඔම්මා බබාට අන්තිම තටවල් දොඩාරියක් කව්වානේ.."
"බලන්න අජුම්මා මේයා කියන පණ්ඩිත කතා...හරි හරි මේක විතරක් කන්නකො මැණික "
YOU ARE READING
STAY ❤️ ||JJK|| (Completed ✔️)
FanfictionI know you always stay with me..♥️ Nehakook_ Started ➡️ 2021.08.25 Finished ➡️️ 2021.10.07 ||Fiction By MaKie_99|| _Be Original... Don't be a CopY Paste🚫_