©️hapte®️_11❤️

1.9K 267 2
                                    

නේහා එපා කිව්වාත් කුක් ෆැමිලි ඩොක්ටර්ව ගෙන්නලා නේහාගෙ ඇගෙ තැනින් තැන රතුවෙන්න හේතුව බැලෙව්වා..

"මෙකයි කුකි මට මේ ගැන නිවැරැදි idea එකක් නෑ..මොකද මේ symptoms මගේ subject එක සම්බන්ධ දේයක් නෙවෙයි.."

නේහාගේ රතු කැලැල් බලපු Dr කිම් සෝක්ජින් එහෙම කිව්වේ කොල්ලා treatments කරන්නෙ චර්ම රෝග සම්බන්ධ නොවුන නිසා..ජින් කියන්නෙ ටේහ්ගේ ලොකු අයියා..ටේහ්ගේ ලොකු අයියාව නේහාකුක් දෙන්නාටත් දැනුනෙ තමන්ගේ අයියා කෙනෙක් වගෙ..

"දැනට මම ටැබ්ලට් එකක් දෙන්නම්..එක අරගන්න දවසට දෙවරක් ok.. "

"හ්‍යුන්ං ඇලජි එකක්ද මේ"

කුක් කිව්වේ නේහා ළගින් වඩිවෙනගමන්

"මටනම් එහෙම හිතෙන්නෙ නෑ කුකි.."

Dr.ජින්ගේ හිතෙ නේහාගේ මේ symptoms ගැන පොඩි සැකයක් නොතිබුනම නෙවෙයි..එත් කොල්ලාට නිවැරදි රෝග විනිශ්චයකට එළබෙන්න අමාරුයි..

"කොකටත් මට නේහාගේ blood sample එකක් ඕන..

ජින් නේහාගෙන් blood සම්පල් දෙකක්ම ගත්තා..

"මේකෙන් එකක් මං අපේ ලැබ් එකට යවන්නම් අනික් එක මේ සම්බන්ධ අපේ unit එකේ talent ඩොක්ටර් කෙනෙක් ඉන්නවා මං එයාට දෙන්නම්"

"අනේ ඔප්පා මට මේ මාක්වල ගාන්න cream එකක් දෙන්නකො..මං මෙහෙම කොහොමද අනේ ජිමින් ඔප්පාගේ wedding එකට යන්නෙ"

නේහාගේ මුණ සත පනහ වෙලා

"එකනම් ඇත්ත බබා ඔයා නිකන් තිත් මුවෙක් වගෙ"

කුක් එහෙම කියලා හිනාවුනේ නේහා කොල්ලාට රවද්දි...ජින් නේහාට skin power එකකුත් ලියලා දිලා කුක් එක්කම පහලට ගියා..නේහා mirror එක ඉස්සරහට ඇවිත් බැලුවේ කෙල්ල ඇත්තට තිත් මුවෙක් වගෙද කියලා..

"තිත් මුවෙක් නෙවෙයි මං ස්ට්‍රොබෙරි ගෙඩියක් වගෙ කිව්වානම් මොනවා වෙනවාද අර හාවාට..හුම්ම්ම්ම්"

"ඔම්මා"

නේහා තනියම කියව කියව ඉද්දි ජුකි දුවං ඇවිත් නේහාගේ ඇගෙ එල්ලුනා..

"ඇයි මැණික.."

නේහා පොඩ්ඩාව වඩාගෙන ඒ චුටි මුණ ඉම්බා..

STAY ❤️ ||JJK|| (Completed ✔️)Where stories live. Discover now