නේහා හිටියෙ අද පුදුම කලබලෙකින් කෙල්ල උදේ ඉදන් ගෙවල් අස්කරනවා.. කොච්චර අස් කරත් පොඩ්ඩා අයෙත් සෙල්ලං බඩු ටිකක් උස්සන් ඇවිත් සාලේ පුරාම දානවා..නේහාට ඉතිං අස්කිරිල්ලෙ ඉවරෙකුත් නෑ..අජුම්මා උදේම ගාඩ්න් එක පිහිදල අස් කරාට කෙල්ලට එත් මදි වගෙ අයෙත් සුද්ද කරනවා.. නේහා අජුම්මත් එක්ක එකතුවේලා පොඩි පොඩි රස කැවිලිත් හදන්න ගත්තා..අද කෙල්ලට ගොඩක් විශේෂ දවසක්නෙ..
එත් පොඩ්ඩානම් ඉන්නෙ නේහාත් එක්ක හොඳටම තරහා වේලා..පොඩ්ඩා උදේ නැගිටපු වේලෙ ඉදන්ම නේහාට කරදර කරන්න ගත්තෙ එයාගෙ අප්පාව ඕනා කියලා..අද අප්පා එනවා කිව්වාත් කොල්ලා දැන් නේහා කියන කතා විශ්වාස කරන්නෙ නෑ මොකද මේ මාස දෙක පුරාවටම පොඩ්ඩා අප්පාව ඉල්ලලා අඩනකොට නේහා කිව්වේම ''බබාගෙ අප්පා ඉක්මනට එනවා කියල'' දැන් පොඩ්ඩා හිතන්නෙ නේහා අදත් කියන්නෙ බොරු කියල..නේහාට බේරෙන්න බැරිම තැන චුටියාට අප්පාට කෝල් එකක් අරන් දුන්නා..
එත් පොඩ්ඩාට වැඩි වේලාවක් එයාගෙ අප්පාත් එක්ක කතාකරන්න බැරි උනේ පොඩ්ඩාගෙ අප්පා ඒ වෙද්දිත් හිටියෙ airport එකේ කොරියාවලට එන business flight එකට නගින්න පැයක කාලක් වගෙ තියෙද්දියි..අප්පා පොඩ්ඩාත් එක්ක ටික වේලාවක් කතා කරපු නිසා බබා හිටියෙ නේහාත් එක්ක හොදටම තරහා වෙලා..
"අනේ චුටී බේබිත්, පොඩි බේබි වගෙමයි"
අජුම්මා පොඩ්ඩා වඩිවෙලා ඉදපු ටිකක් ලොකු සෙල්ලං කාර් එක ළඟින් වඩිවුනා..
YOU ARE READING
STAY ❤️ ||JJK|| (Completed ✔️)
FanfictionI know you always stay with me..♥️ Nehakook_ Started ➡️ 2021.08.25 Finished ➡️️ 2021.10.07 ||Fiction By MaKie_99|| _Be Original... Don't be a CopY Paste🚫_