හොබි වාහනෙන් බහින්න දොර අරින්නත් කාලින් පොඩ්ඩා ගිහින් එයාගේ අප්පාව බදාගෙන ඉවරයි..
"අප්පා"
"අයිගො...මගෙ ජුකි පැටියා..."
නේහා ජොංකුක් ලගට එනකොටත් චුටී ජුක් කොල්ලාව බදාගෙන..හරියට පොඩ්ඩාව දාලා අයෙත් කුක් කොහෙහරි යයි වගෙ..ජොංකුක් ඒ චුටී මුණ හරි ආදරෙන් ඉඹින ගමන් කොල්ලාගෙ ලගට දුවං ආව නේහාවත් ලගට අරගෙන තුරුල් කරගත්තා..නේහාටනම් සතුට වැඩි කමට ඉකිත් ගැහෙනවා..
තුන් දෙනාම විනාඩි කිහිපයක් එකිනෙකාව තදින් තුරුලු කරගෙන ඉදියෙ එකිනෙකාගෙන් දුරස්වෙලා ගතවුනේ මාස දෙකක් උනාත් ඒ තුන් හිතටම දැනුනෙ අවුරුදු දෙකකින් නැවත එකිනෙකාගෙ උණුසුම විදිමක්..
"මදැයි මම නේහාගෙ කෑම ටිකක් කන්න කියලා ආවා..දැන්ම කන්න බැරිවෙයි වගෙ මෙතනම ඉන්න වෙන සයිස් එකක් තියෙන්නෙ"
හොබිගෙ ඒ කතාවට තමයි නේහා පියවි ලෝකෙට ආවේ..කෙල්ල ජොංකුක්ගෙන් ඈත් උනේ මුනත් රතු කරගෙන..
"අනී..ඔප්පා..මම ඔයාට කිම්චි ෆයිඩ් රයිස් හැදුවා..යමු ඇතුලට"
"අයිගො..මගේ පොඩි බේබි..පරිස්සමට උන්නා නේද"
"නේ අජුම්මා"
අජුම්මා කුක් ලගට ටිකක් ඉසිලිලා ඒ මුන හරි පරිස්සමට අතගෑවේ ඔම්මා කෙනෙක්ට නොදෙවනි සෙනෙහසකින්..
පොඩ්ඩානම් කුක් අතින් හෙල්ලෙන්නෙවත් නෑ..කොල්ලාගෙ ෂර්ට් එකේ ඉල්ලිලා.."ජුකි කො එන්න දැන් ඔම්මා ලගට අප්පාට මහන්සියිනේ"
"අනී... බබාත අප්පාව ඕනේ"
නේහා පොඩ්ඩාව ගන්න හැදුවත් ජුක් කුක්ගෙ බෙල්ල බදාගෙන..
"ක්වින්චානා.. නේහා දැන් එයා කොහොමත් මගෙ ළඟින් හෙලවෙන්නෙ නෑ...යමුද ඇතුලට මහන්සයි බබා.."
YOU ARE READING
STAY ❤️ ||JJK|| (Completed ✔️)
FanfictionI know you always stay with me..♥️ Nehakook_ Started ➡️ 2021.08.25 Finished ➡️️ 2021.10.07 ||Fiction By MaKie_99|| _Be Original... Don't be a CopY Paste🚫_