කාලින් දවසෙම මහන්සිවුන නේහාට අද ටිකක් වැඩිපුරත් එක්ක නින්ද ගියා..කෙල්ලට ඇහැරුනේ ඇඟ උඩ මොනවාහරි දෙයක් තියෙනවා දැනෙද්දියි..කෙල්ල ඇස් ඇරලා බලද්දි චුටි ජුක්ගෙ කකුල් දෙක නේහාගෙ බඩ උඩ පොඩ්ඩාගෙ ඇගෙ ඉතුරු ටික කුක්ගෙ මුණෙ..එත් කුක්ටවත් ජුක්ටවත් ඒ ගැන දැනිමක් නැතුව හොදට නිදි..ඔව් පොඩ්ඩා රෑට ඇදවටේම ඇවිදිනවා..කෙල්ල පොඩ්ඩාගෙ කකුල් දෙක හිමින් සිරුවේ තමන්ගෙ ඇගෙන් අයින් කරලා පොඩ්ඩාව කුක්ගෙ ඇඟ උඩින් තියලා ඇදෙන් නැගිට්ටා..
"ඈ...හෑ...හෑ...හෑ..."
නේහාට ඇදෙන් නැගිටින්න උනේ නෑ...පොඩ්ඩාට ඇහැරුනා
"අනේ ඔයාට ඇහැරුනාද මගෙ බෝලේ..ශ්..ශ්..ශ්..අඬන්න එපා කො එන්න ඔම්මා ලගට.."
නේහා අඩ නින්දෙන් ඇහැරුන පොඩ්ඩාව කෙල්ලගෙ උරෙට හේත්තු කරගෙන පොඩ්ඩාගෙ පිටට පොඩි තට්ටු දා දා නිදිකෙරෙව්වා..
"කොල්ලා නැගිට්ටාද..බබා"
කුක් එක ඇහැක් විතරක් ඇරගෙන පත සයිස් ඇනුමකුත් යවනගමන් පොඩ්ඩාව නිදිකරවන නේහාගෙ උඩොක්කුවෙන් ඔලුව තියගත්තා
"ශ්..කෑගන්න එපා.."
නේහාගෙ උරෙ නිදියන් උන්න චුටියාව කෙල්ල පරිස්සමට ඇද උඩින් තිබ්බා..
"කුකි.. බබා...නැගිටින්නකො දැන් හොදටම දවල් වෙලා"
"අනී...මාවත් දොයි කරන්න...ඔයානේ අපි දෙන්නාවම නැගිට්ටුවේ"
කුක් නේහාගෙ ඉන වටේ අත් යවලා තව ටිකක් කෙල්ලව තද කරගෙන ඒ මුණ කෙල්ලගෙ බඩ අස්සෙ හංගත්තා..
"අරස්සො..එහෙනම් අද උදේට කෑම හදන්න වෙන්නෙ නෑ"
"කමක් නෑ..මට මෙහෙම ඉන්න ඕන.."
නේහාත් කෙල්ලට තුරුවෙලා ඉන්න කුක්ගෙ කොණ්ඩ ගස් අතර ඒ සිහින් ඇගිලිතුඩු රටාවකට අරන්ගියා ..කුක් හැම නිතරම නේහාගෙන් හෙව්වේ කොල්ලාට පොඩි කාලේම අහිමි උන ඔම්මාගෙ ආදරේ..නේහාට වගෙම ජොංකුක්ටත් පොඩි කාලෙදිමයි එයාලගෙ ඔම්මාලා නැතිවුනේ..කුක් එකපාරම නේහාගෙ උකුලෙන් නැගිට්ටෙ කොල්ලාට නේහාගෙ අහන්න දේයක් මතක් වෙලා..
"ඇයි මට කිව්වේ නැත්තෙ යුමි ආවා කියලා"
නේහාට හිතාගන්න බැරිවුනා කුක් එකපාරටම ඒ අහපු දේ ගැන..මොකද කෙල්ල කුක්ට කිව්වේ නෑ යුමි ආවා කියලා
YOU ARE READING
STAY ❤️ ||JJK|| (Completed ✔️)
FanfictionI know you always stay with me..♥️ Nehakook_ Started ➡️ 2021.08.25 Finished ➡️️ 2021.10.07 ||Fiction By MaKie_99|| _Be Original... Don't be a CopY Paste🚫_