❤️ Stay (special ©️hapte®️) ❤️

2K 251 93
                                    


special_One

නේහාකුක් වසර දෙකකට පෙර සුන්දරතම මතක ගොන්නක එකතුවක්_❤

🍂🍂🍂..........

"බබා මම ආවා"

කුක් ඔෆිස් ගිහින් ගෙදර ආවේ නේහාව හොයාගෙන..වෙනදාට කොල්ලා ගෙදර එනකන් මග බලාන් ඉන්න නේහා අද කුක් ගෙදර ඇවිල්ලා කතා කරත් කිසිම සද්දයක් නෑ..කුක් රූම් එකට යන්න පඩිපෙළ නගින්න හැදුවත් කොල්ලට ඇහුනේ කිචන් එකේන් වතුර වැක්කෙර සද්දෙයක්..

"බබා මොකද කරන්නෙ.."

කුක් ඇහුව්වේ කිචන් එකේ සින්ක් එකට පිටුපලා ඉන්න නේහාගේ බද වටේ අතක් යවලා කෙල්ලව තුරුල් කරගෙන..

"ඇයි බබා මේ.."

නේහා කුක්ගේ පැත්තට හැරෙනවත් එක්ක කොල්ලට තේරුනේ නේහා ටිකක් තේහෙට්ටුවෙන් ඉන්නවා කියල..

"කූ බබා.."

නේහා කුක්ගේ ඇගට බර උනේ කෙල්ලගේ ඇගට පණ නැති ගතියක් දැනෙද්දි..

"ඇයි මැණික ඔයා අසනිපෙන්ද.."

කුක් නේහාව ඇගට වත්තම් කරගෙන නේහාගේ නළලට අතක් තිබ්බේ නේහාගේ ඇග රස්නෙයිද බලන්න..

"අනී කූ මම ගොඩක් හොදින්.."

"එහෙනම් ඇයි මැණික මේ..මාව බය නොකර කියන්න කො.."

"එයා ඇවිත් කූ..."

"කවුද බබා.."

කුක් ඇස් දෙකත් ලොකු කරගෙන නේහා දිහා බැලුවේ කොල්ලට නේහා කියන දේවල් නොතේරුනු නිසා..

"අපේ ජුකි පැටියා ඇවිත්.."

නේහා කිව්වේ කුක්ගේ එක අතක් නේහාගේ කුසට තියනගමන්..නේහාගේ ඇස් සතුටු කදුලුවලින් පිරිලා..එත් කුක් තාම ඉන්නෙ ඒ බෝල ඇස් ලොකු කරගෙන ලොකු පුදුමෙකින් වගේ නේහාගේ ඇස් දිහා බලාගෙන..

"කූ අපේ ජුකි ඇවිත් "

නේහාගේ ඇස්වලින් කදුලු බේරෙනවා..කුක්ගෙන් කිසිම ප්‍රතිචාරයක් නැති තැන..

"අනේ කූ ඔයාට සතුටු නැද්ද.."

නේහාට ඉකිත් ගැහෙනවා කුක්ගේන් තාම වචනයක් පිට නොවුන නිසා..කෙල්ලට දුක හිතිලා මොකද නේහා බලාපොරොත්තු උනා කුක්ට මේ දේ කිව්වට පස්සෙ කොල්ලගෙන් ලොකු රියැක්ෂන් එකක්..

STAY ❤️ ||JJK|| (Completed ✔️)Where stories live. Discover now