"අනේ මැණික නැගිටින්න කො..ඔයා ඔහොම ඉන්නකොට ඔයාගේ කූ මැරි මැරි ඉපදෙනවා..රත්තරන් "
කුක් නේහාගේ මේ දවස් දෙක තුනට සුදු මැලි උන අතක් අල්ලගෙන මෙහෙම කියන්නෙ දැන් දවස් තුනක් තිස්සෙ...එත් නේහාට ඒ කියන කිසි දෙයක් ඇහෙන්නෙ නම් නෑ කෙල්ලව රූම් එකට මාරු කරල අදට දවස් තුනක් ගතවුනත් නේහාට තවම සිහිය ආවේ නෑ..කුක් මේ ගෙවන්නෙ කොල්ලගේ ජිවිතේ ගෙවාගන්න අසිරුතම දවස් කිහිපයක්... නේහා හැම නිතරම කියන කුක්ගේ කතා කරන බෝල ඇස් අද වෙද්දි හොදටම රතු වෙලා..කවදාවත් දෙවියන්ගේන් කිසිවක් නොඉල්ලපු කොල්ලගේ හිත අද දෙවියන් යදිනවා නේහාව අරක්ෂා කරලා දෙන්න කියලා..
ඒ හිතට නේහා මේ ඉන්න විදිය බලාගෙන ඉන්න අමාරු උනාත් කුක් නම් නෙවෙයි නේහාව රූම් එකට මාරු කර මොහොතෙ ඉදන් මේ වෙනකන් නේහා ළඟින් අඩියක් හෙලවුනේ..සිහිසුන්ව ඉන්න නේහාගේ හැම අවශ්‍යතාවක්ම ඉටු කරේ කුක්ගේ අත් දෙකෙන්මයි කෙල්ලව බලාගන්න හෝස්පිට්ල් එකෙන් දුන්න නස්ලාට නේහාව අල්ලන්නවත් කුක්ගේන් ඉඩක් ලැබුණේ නෑ මොකද කොල්ලා ඒ හැම දෙයක්ම කරේ කිසිම අපුලකින් තොරවයි...ඒ හිත ඒ තරමට නේහා ගැන වද උනා..
එත් ඒ හිත හැමදේයක්ම දරාගන්නවා කියල ඉවසන් හිටියත් කොල්ලාව මේ දවස් තුන පුරාවට ගොඩක් ම අසරණ කරේ චුටි ජුකි එයාගේ ඔම්මාව හොය හොය අඩන්න පටන් ගනිද්දි...
"අනේ පුතේ ඔම්මා පොඩි ගමන් ගිහින් තාම ආවේ නෑනේ ,ඔම්මා තව ටිකකින් එනවා කිව්වා,මේ දැන් එන ගමන් ඉන්නෙ......"වගේ නොයෙකුත් බොරු කියලා කුක් ඒ චුටි හිත මේ දවස් තුන පුරාවට රැවටුවේ පොඩ්ඩට නේහාව මේ ඉන්න විදියට පෙන්නලා පොඩ්ඩව තවත් රිදවන්න තාත්තෙත් විදියට කුක්ගේ හිත ඉඩ නොදුන්න නිසා..හැමදාම නේහාගේ තුරුලට වේලා කිරි සුවදට නැලවෙන ඒ නොදරුවාට කුක් මොනවා කියල එයාගේ අම්මාව සිහිසුන්ව මේ වැතිරිලා ඉන්න විදිය පෙන්නද..
ජිවිතේ හරි පුදුමයි කියල හිතෙනවා මිනිස්සුන්ට සිද්ධ වෙන මේ වගේ දෙවල් දකින්න ලැබේද්දි..අපි හිනෙකින්වත් නොහිතන දේවල් සමහර වේලාවකට අපිව ගතින් වගේම හිතිනුත් අන්ත අසරණම කරනවා අද නේහාකුක් ජිවිතත් අන්න ඒ වගේ.. තමන්ට හැදිලා තියෙන ලෙඩෙ ගැනවත් නොදැන නේහා සිහිසුන්ව ඉද්දි කුක්ට සිද්ධ වෙලා තියෙන්නෙ දහක් ප්‍රශ්නවලට තනියම උත්තර හොයන්න..
YOU ARE READING
STAY ❤️ ||JJK|| (Completed ✔️)
FanfictionI know you always stay with me..♥️ Nehakook_ Started ➡️ 2021.08.25 Finished ➡️️ 2021.10.07 ||Fiction By MaKie_99|| _Be Original... Don't be a CopY Paste🚫_