©️hapte®️_13❤️

1.7K 242 2
                                    

නේහා ඇස්වල කදුලු පුරවන් කලබලෙන් හෝල් එක පැත්තට දුවගෙන එද්දි කෙනෙක්ගේ ඇගේ හැපුනා..

"නේහා "

"අනේ ඔන්නි...."

නේහා හේමිව තදින් බදාගත්තෙ කෙල්ලගේ වෙවුලන අත්වලින්..

"අනේ මගේ නංගි.. ඇයි දරුවෝ මේ අඩන්නෙ.."

නේහා හේමිට වාරුවෙලා ඉකි ගහනවා..

"අනේ මාව බය කරන්නැතුව කියන්කො.."

හේමි නේහාගේ උරිස්වලින් අල්ලන් හෙලෙව්වා..හේමි ශොක් වෙලා නේහා මේ බය වෙලා ඉන්න විදිය දැකල..එත් නේහා කතා කරන්න බැරි තරමට ගොළු වෙලා..

"කුකිට එන්න කියන්නද පැටියො..ඇයි මේ..ඔන්නිට කියන්න බැරි දේයක්ද..අහ්හ්හ්"

හේමි නේහාගේ මුණට පහත් වෙලා ඇහුව්වා.. කෙල්ලට හිතාගන්න බෑ නේහා ඇයි මෙහෙම හැසිරෙන්නෙ කියල..

"අනී...ඔන්නි කූට කියන්න එපා..එයාට ගොඩක් කේන්ති යයි"

"මොකද නේහා උනේ කුකිට කේන්ති යන්න තරම්..අහ්හ්හ්.."

නේහාගේ හැසිරිම දිහා ළඟින් යන කිහිපදෙනෙක්ම බල බල ගියෙ අමුතු විදියට..හේමි හොදටම දන්නවා නේහා කවදාවත් හේතුවක් නැතුව මේ වගෙ අඩන්නැති බව ඒ නිසා හේමි නේහාවත් එක්කන් සේරා ඉදපු රූම් එකට ගියා..නේහාගේ ඇස්වල කදුලු දැකපු සේරා කා කා ඉදපු ඇපල් ගෙඩියත් අතෑරලා ඇදෙන් නැගිට්ටා..

"නේහා ඇයි මේ...හේමි මොකක්ද උනේ.."

සේරා නේහාව ළඟින් වඩිකරවගෙන ඇහුව්වේ ඔම්මා කෙනෙක් වගෙ..

"අනේ මන්දා ඔන්නි මං දැන් කිප සැරයක් ඇහුව්වා..කො මේ කෙල්ල මුකුත් කියන්නෑ.."

හේමිත් නේහා ලගින්ම වඩිවෙලා නේහාගේ එක අතකින් අල්ල ගත්තා..සේරාට වගෙම හේමිටත් හොදටම තේරිලය් තිබුනේ නේහා ඉන්නෙ ලොකු අවුලකින් බව නම්..

"නේහා මේ බලන්න අපි දෙන්නට කියන්න බැරි දෙයක් අපේ නංගිට නෑනේද.. "

සේරා කිව්වේ නේහාගේන් වැටෙන කදුලු පිහිදනගමන්..නේහා සේරා කිව්ව දේට ඔලුව වනලා ඔව් කිව්වා

"ඉතිං එහෙනම් කියන්න.."

හේමි කිව්වේ නේහාගේ ගවුමේ එහාට මෙහට ගිය කර හරි ගස්සමින්..

STAY ❤️ ||JJK|| (Completed ✔️)Where stories live. Discover now