©️hapte®️_16❤️

1.6K 234 13
                                    

කුක් දැන් ICU රූම් එක ලගට වේලා ඉන්නෙ පැය 4ක් පුරාවට..එත් කොල්ලට නේහා ගැන හරි තොරතුරක් දැනගන්න එක වෙද්‍ය්වරයෙක්වත් තවම ICU එකෙන් එලියට ආවේ නෑ..කොල්ලාගේ හිත හොදටම බය වෙලා නේහාට මොකක්ද එකපාරම උනේ කියල හිතගන්න බැරුව..

ඒ ඇස් කදුලුත් පුරවගෙන සැරෙන් සැරෙට ICU room එකෙ විදුරු කවුලුවෙන් පෙන නේහා දිහා බැලුවත් නේහාගේ මුණ වත් හරියට ඒ ඇස්වලට බලාගන්න බැරි උනේ කෙල්ලගේ ඇද වටේ ඉන්න ඩොක්ටර්ල නිසා..

"දෙයියනේ මැණික මාව පිච්චෙනවා"

කුක්ගේ ටිකක් දිගට වවලා තියෙන කොණ්ඩේ කොල්ලා දෑත බදලා ඇදගත්තෙ තවත් මේ විදියට ඉන්න එක දාරාගන්නම බැරි තැන..එත් එක්කම ICU රූම් එකේ දොර ඇරගෙන තරමක් මැදි වයසෙ වගේ වෙද්‍ය්වරයෙක් එලියට එනවා කුක් දැක්කා..කොල්ලා අඩියට දෙකට ඩොක්ටර් ලගට දුවල ගියේ නේහාට කොහොමද කියල දැනගන්න..

"ඩොර්ටර් මොකද මගේ වයිෆ්ට...ඇයි ඔයාල එයාව මෙච්චර වෙලා ඇතුලේ තියාගෙන ඉන්නෙ.."

"කම් ඩවුන් මිස්ටර් ජොංකුක්.."

වෙද්‍ය්වරයා කිව්වේ කුක්ගේ උරහිට තට්ටු කරන ගමන්..

"ඩොර්ටර් මං අහපු දේට උත්තර දෙන්න.."

කුක් කිව්වේ ටිකක් අවේගෙගින්..

"මෙහෙමයි අපි එයාගේ ස්කෑන් දෙකක් කරල ඉවරයි..දැන් තියෙන්නෙ එවාගේ රිසාල්ට් එක එනකන් පොඩි වේලාවක් බලන් ඉන්න...ok"

කුක්ට එහෙම කියපු ඩොක්ටර් කොල්ලා ළඟින් යන්න ගියෙ කුක්ට බය වෙන්න එපා කියනගමන්..

කුක් නම් ඩොක්ටර් කියපු දේවල් වලින් සැහිමකට පත් උනේ නම් නෑ..කොල්ලා එතන තිබුන පුටුවට බර උනේ දෑතින්ම ඔලුවත් අල්ලගෙන..ඩොක්ටර්ලාගේ මේ හැසිරිමෙන් කුක්ගේ හිතෙ තිබුන බය තව තවත් වැඩි උනා..

"ආදල්..."

කොල්ලා හැරිල බැලුවේ ඒ සුපුරුදු හඬ ඇහුනු පැත්ත..

"අබෝජි.."

කුක් වඩිවෙල ඉදපු තැනින් නැගිට්ටේ අඩන ජුකිවත් වඩාගෙන කොල්ලා ලගට ආව කුක්ගේ අප්පාව දැකලා..

"අප්පා...ඔම්මා කොද..ඈ..හෑ..ඈ.."

කුක්ගේ අප්පගේ අතෙ ඉදපු ජුකි කුක්ගේ අතට පැන්නෙ හොදටම අඩන ගමන්..

STAY ❤️ ||JJK|| (Completed ✔️)Where stories live. Discover now