©️hapte®️_15❤️

1.8K 239 20
                                    

"දන්නවද ජුකි බෝලේ ඔයාගේ අප්පා තමයි මේ ලෝකෙ ඉන්න හොදම අප්පා.."

ඇගිල්ලකුත් කටේ ගහන් නේහාගේ උකුලේ තලෙට නැලවෙන පොඩ්ඩා නේහා කියන දේවල් අහන් ඉන්නෙ සැරෙන් සැරෙට ඇදෙ අනෙක් පැත්තෙ වඩිවෙල ලැප් එකත් තියාගෙන බිස්නස් ෆයිල්ස් වගයක් චෙක් කරන කුක් දිහා බලනගමන්..

"ජුකි කියන්න ඔම්මාට ඔයාගේ අප්පා ඔය බොරු චාටු කතාවලට යලු කරගන්න බෑ කියල"

කුක් එහෙම කියල නේහාට රැව්වා..කොල්ලා තාම තරහෙන් ඉන්නෙ නේහා කොල්ලාගේන් ප්‍රශ්න හංගන එකට

"කමක් නෑ ජුකි ඔම්මා දන්නවා කියන්න ඔයාගේ අප්පාට ඔම්මා එක්ක තරහා වෙලා වැඩි වෙලාවක් ඉන්න බෑ කියල.."

කුක් නේහාගේ ඒ කතාව නැහුනා වගෙ හිටියා..

"දන්නවද ජුකි ඔයාගේ අප්පා තමයි මගේ ඔම්මය් අප්පය් දෙන්නාම ඒ නිසා එයා ඔයාගේ ඔම්මා එක්ක තරහා උනාට ඔම්මාට නම් ඔයාගේ අප්පාත් එක්ක මොහොතකටවත් තරහා වෙලා ඉන්න බෑ.."

කුක්ට කෙල්ලගේ ඒ වචන ටික නම් ටිකක් තදින් හදවතට දැනුනා..කුක් දැක්කා නේහා එහෙම කියල ලොකු සුසුමක් පිටකරනවා..

"ජුකි නිදි නේද.."

කුක් එහෙම කියාගෙන නේහා ළගට ආවේ ලැප් එකත් ඕෆ් කරලා

"අනී එයාට තාම නින්ද යාගෙන එන්නෙ..එයා ඔයා වගෙමයි කූ බලන්නකො ඉන්න විදිය.."

නේහා කිව්වේ චුටි ජුකිගේ නළලට හාදුවක් දෙනගමන්..

"එයාගේ ඇස් දෙක ඔයාගේ වගේ බබා.."

"අනී...එයාටත් තියෙන්නෙ ඔයාගේ කතාකරන බෝල ඇස්මයි..කූ බබා.."

නේහා කැමති ජුකි හැම අතින්ම කුක් වගෙ දකින්න..

"ඇයි බබා ඔයා හැම තිස්සෙම පොඩ්ඩා මන් වගේ විතරක් කියන්නෙ..එයාට ඔයාගේ ලක්ෂණත් තියෙනවා නේ.."

කුක් කිව්වේ නිදන් ඉන්න ජුකිගේ චුටි අතකින් අල්ලගෙන

"දන්නවද මන් එහෙම කියන්නෙ ඇයි කියල"

නේහා ඇහුව්වේ කුක්ගේ ඇස් දිහා බලනගමන්..එත් කුක් ඇස්වලින් කිව්වේ දන්නෙ නෑ කියල..

STAY ❤️ ||JJK|| (Completed ✔️)Where stories live. Discover now