කුක් හුඟාක් බයවෙලා..කොල්ලා අතේ තිබුනු හොඩ් ඩොග් බැග් එකත් අතෑරලා නේහා ලගට දුවලා ගියෙ..
"නේහා...ජුකි ඔයා ගාවට ආවේ නැද්ද.."
නේහාට හිතාගන්න බෑ කුක් මේ මොකක්ද අහන්නෙ කියලා..කෙල්ල ඇස් දෙකත් ලොකු කරගෙන වඩිවෙලා ඉදපු බෙන්ච් එකෙන් නැගිට්ටා..
"කූ..ඔ..ඔයා..ත් එක්කනේ ජුකි ඉදියේ..කො බබා..ඇයි මේ තනියම.."
නේහාට පිස්සු වගෙ..කුක්ගෙ අතේ දියා ඇස් මානෙකවත් ජුකි පෙන්න නෑ..
"අනේ මැණික එයා ඔයා ගාවට එනවා කියලා මගේ අතින් බැහැලා ආවානේ.."
නේහාට මේ ඇහෙන දේවල් හිනයක් වගේ..නම්සන් කියන්නෙ ගොඩක් ලොකු තැනක් අනික තුන්දෙනාම ඉන්නෙ නම්සන් කන්ද මුදුනේ..ජුකි වගෙ අවුරුදු දෙක පොඩි දරුවෙක් මේ වගෙ තැනක අතරමං වෙන්න තියෙන ඉඩකඩ උනවාටත් වැඩියි..
"කුකි ඔයාට පිස්සු හැදිලාද දරුවාව අතෑරියේ.."
නේහාගේ ඇස්වලින් කදුලු බේරෙන්න අරන්..
"අනී..එයාට වැඩි දුර යන්න වේලාවක් නෑ.."
කුක් එහෙම කිව්වාට කොල්ලා හොදටම සිතල වෙලා..කුක් නේහාගේ අතකින් අල්ලන් පොඩ්ඩාව හොයන්න පටන්ගත්තා..
"ජු..ජුකි..ඔයා කොහේද මැණික"
නේහා කුක්ගේ අත අතෑරලා ලී පඩිපෙල දිගෙ පහලට දිව්වා..නේහාකුක් දෙන්නාගෙ පපුව ගිනි ගන්නවා වගෙ..
"අනේ මගේ හිරෝ ඔයා කොහෙද පුතේ.."
කුක් ඔලුවට අතකුත් තියාගෙන වටේම ඇවිද ඇවිද පොඩ්ඩාට කතාකරවා..නේහා පහල ඉදන් උඩට එන හැම කෙනාගෙන්ම ජුකිගේ හැඩ හුරුකම් කිය කිය පොඩ්ඩා ගැන ඇහුව්වා..එත් මෙච්චර සෙනඟ ගැවසෙන තැනක කාටද පොඩි දරුවෙක්ව මතක තියෙන්නෙ...කෙල්ල අඩ අඩා පහල පොඩ්ඩා ඉදියි කියලා හිතුනු හැම තැනකම බැලුවා..එත් ඒ එක තැනකවත් පොඩ්ඩා හිටියෙ නෑ..නේහාට මේ ජුකිව ඉපදුන දවසෙ ඉදන් තමන්ගෙන් ඇස්මායිමෙන් ඈත් උන පළවෙනි වතාව..කෙල්ලට දැන්නම් ඉවසුම් නෑ..
"අනේ මගේ මැණික, ඔම්මා මැරිලා යයි පුතේ..ඔයා කොහේද "
නේහාගේ කකුල් දෙක පණ නැති විගෙන එද්දි කෙල්ල බැලන්ස් නැතුව ඇදගෙන වැටෙන්න ගියා..එත් ශක්තිමත් අත් දෙකකින් කෙල්ලව වැටෙන්න නොදි අල්ල ගත්තා..
YOU ARE READING
STAY ❤️ ||JJK|| (Completed ✔️)
FanfictionI know you always stay with me..♥️ Nehakook_ Started ➡️ 2021.08.25 Finished ➡️️ 2021.10.07 ||Fiction By MaKie_99|| _Be Original... Don't be a CopY Paste🚫_