12

465 106 13
                                    

මාස තුනක් මේ අසීමිත ආදරය මට ලැබුණා. මන් ඒකට ඇබ්බැහි වෙලා. මම මේ තරම් කෙනෙකුට ආදරේ කරන පලවෙනි වතාව. අම්මා අප්පා ඇර ලෝකයක් නොදැකපු මට අලුත් ලෝකයක් ආදරණීය ජීවිතයක් පෙන්නුවේ හියුං. අදටත් මම ආසම හියුං නිදන් ඉන්න රුව දකින්න. මට තවත් ඉස්සරහට මේ ආදරේ මේ විදිහටම ඕනේ... ලොකු අප්පා ගැන මට අමතක කරන්න ඕනේ උනත් ඒක හිත ඇතුලේ තියනවා දන්නවා කොයි වෙලේ හරි මට මොනවා උනත් මට මේ ආදරේ මෙහෙම දකින්න ඕනේ... මාස තුනක නිශ්ශබ්දතාවය හිතන තරම් සරල නැහැ... දැනෙන භයානක හැගීම වචන කරන්න අමාරුයි.

මුහුද උනත් සුනාමි එන්න කලින් නිශ්ශබ්ද වෙනවා.

"මොකෝ දැන් මුණ එල්ලන් ඉන්නේ"
Couch එකේ ඉඳගෙන නිදාගෙන ඉන්න හියුං දිහා බලන් හිටියේ දැහැනකට සමවැදිලා වගේ. මගේ දැහැන බින්දේත‍් එයාමයි.

"මම බලන් හිටියේ මගේ මිනිහා දිහා ඔයා මොකද අහන්නේ එක ගැන"
මමත් ප්‍රශ්න අමතක වෙන්න හිනා වෙලා කිව්වේ උදේ පාන්දර දුක හිතෙන දේවල් කියලා හියුංගෙ දවසම නරක් කරන්න ඕනේ නැති නිසා.

"ආහ් එහෙනම් දැන් බලන් ඉන්නකො තව පැය 2 කින් පස්සේ ආයේ දකින්න වෙන්නේ දවස් තුනකට පස්සෙනේ "
හියුං එහෙම කියද්දී මතක් උනේ අද හියුං යනවා කියලා. එයා බුසාන් යනවා අලුත් advertisement එකේ shooting වලට. ඒක මම දන්නවා උනත් දින ලං වෙද්දී ලොකු දුකක් දැනෙනවා.

"ඉක්මනට එන්න මහත්තයෝ..."
මම එහෙම කිව්වම එයා මගේ ළඟට ඇවිත් බදා ගත්තා. මම දන්නවා මට වගේම ඔයාටත් යන්න හිත නැහැ කියලා. ඒත් ඒක ඔයාගෙ වගකීමක්.

අපි ටික වෙලාවක් එහෙම ඉඳල පහළට ආවේ අද Princess ඉන්නේ දුකින් නිසා. ඔව් ඊයේ රෑ ඉඳන් උද්ඝෝෂණ යුන්ග්ස්ට යන්න දෙන්න බැහැ කියලා.
අපි පහළට යද්දී Princess සැටි එකේ ඉඳගෙන මුණ දෙක කරගෙන අත් දෙකත් බැඳගෙන ඉන්නවා.

" ජින් හියු කෝ අර ඔයාට හිටිය ලස්සන දුව... අපේ Princess කෝ හියුං"
පහළට එන ගමන් හියුං එහෙම ඇහුවෙ Princess ව අවුස්සන වගේ. මම ඉක්මනට ජින් හියුං ළඟට ගියේ නැත්තම් මේ දෙන්නගෙ නඩු බේරගන්න මට නඩුකාරයා වෙන්න වෙන නිසා.

"පාපා එයාට කින්න Princess ට ඩෝං ගින් ඉන්නෙ කියල... "
ඔන්න හරි. හියුං ගිහින් Princess එහා පැත්තෙන් ඉඳ ගත්තෙ අත් දෙක බැඳගෙන Princess ව අනුගමනය කරලා වගේ.

Marriage 💘💫 || SOPEWhere stories live. Discover now