"සර්... කාටද කතා කරන්න ඕනේ කියන්න. අපිට මෙහෙම ඉන්න බැහැ ගොඩක් වෙලා."
කළු ඇදගෙන වටේ හිටපු කෙනෙක් කියද්දී මම තවත් ලං උනේ කලින් සද්දෙට ඇහුන කට හඩ හරියටම ඒ කට හඩද කියලා බලන්න."මට කතා... කරන්න ඕනේ... කෙනාට... ඔයාලට... හහ්... කතා කරන්න... බැහැ... එයා... කිව්වා අර... හාවා එක්ක... මැරී කරන්වා... කියලා... "
මම හරි ඒ හියුං... එයා මෙහෙම බොන්නේ නැහැ සාමන්‍යයෙන්. කවුද හාවා?"සර් පවුල් ප්‍රශ්න වලට බීලා අපිට වද දෙන්න එපා. බොන්න පුළුවන් තරමට බිව්වා නම් ඔක්කොටම හොඳයිනේ සර්... So ඔය මිනිහව කාර් එක ලඟ තියලා වරෙන් බං... "
" එහෙම කොහොමද බං මේ මිනිහා famous අපේ club එකටත් අවුලක් යයි මොනවා හරි උනොත්."
කළු ඇඳගත්ත දෙන්නෙක් කතා කර කර හිටපු තැනින් ගිහින් මන් හියුං ළඟ දණ ගහගත්ත.
" ඔහ්... බාබා... ඔයා මෙහෙ... ඔහ් මේකත් හීනයක්... වගේ... දැන්... අැස් ඇරගෙන... ඉද්දීත් මට...හීන.. පේනවා වගේ... ළඟදීම... මානසික රෝහලේ... නවතින්න... වෙයි... "
මොනාද කියවන්නේ හියුං...ඔයා මෙහෙම බොන කෙනෙක් නෙවෙයි අැයි මේ." සර් මේ සර්ව දන්න කෙනෙක්ද?"
"ඔව්... මම මෙයාව එක්ක යන්නම් ස්තූතියි... "
මම ස්තූති කරද්දී එයාලා හතර පස් දෙනා අපෙන් ඈතට ගියා.
මම ඉක්මනට ජිමීට කෝල් එකක් ගත්තා." ජිමී... මේ මම club එක ලඟ. හැබැයි මට ගෙදර යන්න වෙනවා... නැහැ නැහැ අනේ.. මම පරිස්සමට යන්නම් ඔයාලා ආවම කියන්නම් මොකද උනේ කියල. නැහැ ඔයාලා එන්න එපා මන් යන්නම් ඔයාලා ඉඳලා එන්න... බය වෙන්න එපා ගෙදර ගියාම ඔක්කොම කියන්නම්... හරි... හරි... හුම්"
එයාගෙ කෝටියක් ප්‍රශ්න වලට උත්තර දීලා හියුං දිහා බලද්දී හියුං අැස් වහගෙන මගේ උරහිසට බර වෙලා. පව් හියුං ඔයා.
මට කොහොමත් තනියම මෙයා උස්සාගෙන යන්න බැහැ. නැගිට්ටවන්නම වෙනවා." හියුං... හියුං... නැගිටින්න... මට ඔයාව ඔහොම එක්ක යන්න බැහැ. අනේ නැගිටින්නකෝ මහත්තයෝ..."
මම මහත්තයෝ කියද්දී එයා අැස් ඇරිය. සමහර දේවල් වෙනස් නොවුන නම් කියලා හිතෙනව හියුං."ඔයා... ඇත්තටම... ඉන්නවද?? අර... හාවා නැද්ද? බාබා..."
දැනුයි තේරුනේ හාවා කියන්නේ Jungkook... හිනා වෙන්න එපා හොසෝකා... තාමත් ඉරිසියාව ඉස්සර වගේමයි.
YOU ARE READING
Marriage 💘💫 || SOPE
Fanfiction[COMPLETED] අහම්බෙන් හමු වුණු ආදරේ... හිමිවීම හිමිනොවීම අතර දෝලනය... #This is only fan fiction... Just a imagination.... # fantasy love... Start - 2021.10. 28 End - 2021.12. 31 I'm not a good writter but I like it❤️ I'm not a innocent girl plea...