රැ නොදැනීම නින්ද ගිහින්. මම ගොඩක් වෙලා කල්පනා කරේ හියුං මට එහෙම කතා කරේ අැයි කියලා. එයා දන්නවා මම ගොඩක් කලබල වෙනවා එයා Phone answer නොකරම කියලා. මගේ හිතට දුකම හිතුනේ මන් එයාට වදයක් කියලා හිතෙන නිසා.
උදේ නැගිටලා පහළට යද්දී ජින් හියුං Princess එක්ක ෂොපින් යනවා කියලා චීට් එකක් තියලා ගිහින්. කන්න ඕනේ උනත් බඩගිනි නැහැ. හිතට දුකයි... ඉඳගෙන හියුංගේ photo දිහා බලන් හිටියා. නොදැනීම කදුළු එද්දි ඉක්මනට පිසදා ගත්තා.
"ඔයාට මාව වදයක් ද හියුං..."
කවුරුත් නැති ගෙදර හිත නිදහස් වෙනකම් ඇඩුවාත් කදුළු නතර වෙන්නේ නැහැ.Phone එකට කෝල් එකක්.. උඩ phone එක තියල ආව නිසා ඉක්මනට දිව්වේ හියුං වෙන්න ඇති කියලා හිතලා.
"ආ... ව්..."
කොහෙද තියෙන හදිස්සියට පඩියක හැප්පිල වැටුණා. වැටුනත් මොකෝ කියලා සතුටින් Phone එක ලඟට දුවලා ගියත් කෝල් එක ජිමීන් ගෙන්... මම answer නොකර බලාගෙන හිටියා ඔහේ... ආයේ කිහිප වතාවක් කෝල් ආවත් මම answer කරේ නැහැ.හැබැයි answer නොකර ඉන්න බැරි කෝල් එකක් ආවා. ඔව් අප්පා...
"අප්පා..."
"දරුවෝ... මොකද අර ජිමීන් ළමයගෙ කෝල් answer කරන්නේ නැත්තේ... අන්න හොඳටම තරහ ගිහින්...අසනීපයක්වත්ද"
ඔව් අප්පා හිත ලෙඩ වෙලා. කියන්න ඕනේ උනත් නැති ප්‍රශ්න අප්පාට දෙන්න ඕනේ නැහැනේ."නැහැ අප්පා.. මම දැන් ආවේ කාමරේට... මල් වලට වතුර දැම්මා."
දවල් වෙන්න හදන වෙලාවේ මල් වලට වතුර දැම්මා කියන බොරුව කියන්න උනා. අනේ මන්දා." මේ දවල් වෙන්න හදද්දි... "
" දන්නැද්ද අප්පා... ටිකක් වැඩියෙන් නින්ද ගිය. Princess උත් නැහැ. කම්මැලි නිසා වතුර දැම්මේ."
හිතට එන ඔක්කොම බොරු කිව්වා. මන් දන්නවා මගේ පොඩි දෙත් ඔයාලට තේරෙනවා කියලා ඒත් නැති ප්‍රශ්න දෙන්න ඕනේ නැහැනේ අප්පා."හරි... පුතා... අර ළමයගෙ කෝල් answer කරන්න... එහෙනම් තියන්නම් ආදරෙයි.. "
" ආදරෙයි අප්පා... "
කෝල් එක ඉවර උන ගමන් ජිමීන්ට කතා කරා. එයාගෙ Phone වැඩ නැහැ. අනේ මන්දා වෙලාවකට ටේ කොහොම ජිමී එක්ක ඉන්නවද කියලා. පොඩ්ඩ ඇත්තම් ඉවරයි. ආයේ ගත්තත් answer කරේ නැහැ.
YOU ARE READING
Marriage 💘💫 || SOPE
Fanfiction[COMPLETED] අහම්බෙන් හමු වුණු ආදරේ... හිමිවීම හිමිනොවීම අතර දෝලනය... #This is only fan fiction... Just a imagination.... # fantasy love... Start - 2021.10. 28 End - 2021.12. 31 I'm not a good writter but I like it❤️ I'm not a innocent girl plea...