පාන්දර ඉඳලා ඇදුම් අඳිනවා මේකප් දානවා ඉවරයක් නැහැ. මම කොහොම හිතුවත් බදින එක කියන තරම් ලේසි නැහැ.
අද ඉඳන් මම Jung නෙවෙයි Min වෙනවා. මගේ අම්මා අප්පා දාලා යන්න වෙනවා. නොදන්න කෙනෙක් එක්ක ජීවත් වෙන්න වෙනවා.. ආදරයක් නැති බැදීමක හිර වෙනවා. මම තව කොච්චර දේවල් ඉවසගෙන ඉන්නේ ඕනෙද?? තවත් දේවල්... මේ හිතට දරන්න බැරි තරම්.
"බාබා"
අම්මා අප්පා ඇවිත්..."ඔයා මට දැන් කියන්න මේකට අකැමැති කියලා මොන දේ උනත් මම එක්ක යනවා"
අප්පා එහෙම කියද්දී මට ඕන උනා මේ තරම් ලොකු බැදීම් මට එපා කියන්න. මාව එක්ක යන්න කියන්න. ඒත් බැහැ තවත් ඔය දෙන්නව අසරණ කරන්න බැහැ. තවත් ජීවිත අපහසුතාවයට පත් කරන්න බැහැ..."අප්පා... අම්මා අඬන්න එපා... මම සතුටින් "
මම එහෙම කිව්වම එ දෙන්න මාව බදාගෙන ඇඩුවා. මට අඩන්න බැහැ... මගේ සරල ජීවිතේට මොකද මේ උනේ..."සර් තව ටික වෙලාවයි photoshoot එකට..."
කෙනෙක් ඇවිත් එහෙම කියද්දී ආයේ මේකප් ආර්ටිස් මේකප් උයන්න උලන්න පටන් ගත්තා..."යුජී අපේ කොල්ලාගේ ලස්සන බලන්නකෝ "
අප්පා එහෙම කිව්වම අම්මා මන් දිහා බලලා කදුළු පිරුණ අැස් වලින් හිනා උනා මම කන්නාඩියෙන් මාව බැලුවා. ඇත්තටම මම ගොඩක් ලස්සනයි... මටම මගේ ලස්සන ගැන දැනුනා..."සර් ඇත්තටම මේ dress වෙන කෙනෙක්ට හදපු ඒවා කියලා කියන්න බැරි තරම්... සර්ට මෙවා perfect... "
ඇත්තටම මට දැනෙන්නේ මම ගන්නේ වෙන කෙනෙක්ගෙ තැනක් කියලා...
ඇත්තටම මම දන්නේ නැහැ මම මේ දේවල් වලට ගොඩක් ලස්සනයි... සුදු පාට ෆුල් කිට් එකට කළු පාට බෝ එකක් දාලා... ඇත්තටම මේක මටම හදපු එකක් වගේ..." හරි අපි දැන් යමු... "
.
.
.
.
.
.
.
.
" සර් ඔය දෙන්නා තව ලං වෙන්න... හතුරෝ දෙන්නෙක් වගේනේ"
දැන් පැය දෙකක විතර ඉඳන් photo ගහන කෙනා මෙහෙම ඉන්න අරම ඉන්න කීය කීය වද දෙනව. ඔක්කොටම වඩා තනි කළු ෆුල් කිට් එකට සුදු පාට ටයි එක දාලා කුමාරයෙක් වගේ ඉන්න හියුං එක්ක ඉන්න මට ලැජ්ජයි.. ඉණ අල්ලාගෙන අත් අල්ලගෙන මූණු ලං කරගෙන ඉන්න මට මාරම අමාරුයි.. හරිම නුහුරුයි...
හියුං කිසිම දුකක් නැතුව photos වලට ඉන්නේ මම තමයි මුල ඉඳන් එයාව බඳින්න හිටපු කෙනා වගේ. මට හරි පුදුමයි මෙයාලා හැසිරෙන විදිහ...
CZYTASZ
Marriage 💘💫 || SOPE
Fanfiction[COMPLETED] අහම්බෙන් හමු වුණු ආදරේ... හිමිවීම හිමිනොවීම අතර දෝලනය... #This is only fan fiction... Just a imagination.... # fantasy love... Start - 2021.10. 28 End - 2021.12. 31 I'm not a good writter but I like it❤️ I'm not a innocent girl plea...