15

405 106 61
                                    

"හොසෝක්.... හොසෝක්..."

"ආහ්... ඔහ්... Yeonjun..."

"මොකද මෙතැන නිදි... Yoongi එන්නේ නැහැ කිව්වා. එයා එන්න කලින් මේක අත්සන් කරලා දෙන්න කිව්වා."
මම ඊයේ නිදාගෙන තියෙන්නේ ඉස්සරහ සෝයා එකේ... දොර වහලා තිබුණත් මන් දැක්කා Yeonjun අතේ extra key එකක් තියෙනව ඒක හියුංගේ key එක වගේ... හුම්... මගේ අතට දුන්න file එක අරන් බැලුවාම මට කදුළු පිරුණේ තත්පරයක් තුළ.

" Yeon-jun... Divorce papers... "
මට හිතා ගන්න බැරි තරමට මේක පුදුමයි. මගේ හැමදේම මේ මොහොතට නතර උනා. කොහොමද හියුං මන් මොනවද ඔයාට කරේ... මගේ ආදරේ මදිද මහත්තයෝ.

"ඕවා yoongi අත්සන් කරපු papers හොසෝක්... අනික මම එයාගෙ manager නිසා එයාගෙ personal life එකේ ගොඩක් දේවල් මම දන්නේ නැහැ. මට මේකට ඔයාගෙ අත්සන ඕනේ."
Yeonjun එක දිගට කිව්වත් මගේ මුහුන දිහා බැලුවේ නැහැ. Yeonjun හියුංගේ හොඳම යාළුවා වගේම එයාගෙ manager... මොකක්ද මේ කියන්නේ මට මොකුත් තේරෙන්නේ නැහැ. මම මෙහෙම තත්පරයකින් අතඅරින්න තරම් කරපු වරද මොකක්ද?

" මට... බැහැ... එ-යාට එහෙම... මාව දාලා යන්න බැහැ... මගේ හියුංට එන්න කියන්න... ප්ලීස් ජුන් ... මට ගොඩක් රිදෙ-නවා කියන්න.... මේක දරාගන්න බැහැ... ආහ්..."
මම එතැනම පුටුවේ අයිනට ගුලි උනා. මට දැනෙන දුක වේදනාව දරාගන්න තරම් මම ශක්තිමත් නැහැ.

"දැනටමත් yoongi අත්සන් කරලා තියෙන්නේ හොසෝක්... "
Yeonjun කියද්දී මට දැනුනේ ඇත්තටම මගේ මුළු ලෝකෙම පෙරලුණා කියලා. මම බලෙන් ඔයා ළඟට ආවේ නැහැ හියුං. මම බලෙන් ඔයාට ලං උනේ නැහැ. ඔයා මට ආදරේ දුන්නෙ. ඔයා මාව ආරක්ෂා කරලා ආදරේ දීලා මට ඔයා නැතුව බැරි කරේ. ඔයා මාව මෙහෙම අසරණ කරන්නේ අැයි හියුං... මට ආදරේ දැනෙන්න කලින් යන්න දෙන්න තිබ්බා හියුං... දැන් කොහොමද මන් ඔයා නැතුව ඉන්නේ....

මම දැක්කා මෙසේ උඩ divorce papers තියලා Yeonjun යනවා.

මට තේරෙන්නේ නැහැ මම මොකක්ද කරන්න ඕනේ කියලා. මම... හියුංට කතා කරනවා... ඒත් මම මොකද කරන්නෙ... මම මොනාද කියන්නේ...
මම හිත හිත ඉද්දි කතා කරේ හියුං. ඔව් හියුංට මන් නැතුව බැහැ... මගේ හියුං...

"මහත්තයෝ.... මොනාද මේ කරන්නේ... මම දන්නවා ඔයාට මන් නැතුව බැහැ... අහන්න කෝ princess කිව්වෙත් එයා ආයේ එද්දි baby කෙනෙක් ගෙනැත් තියන්නලු... අනේ හියුං මම තනියම ඔයා එන්නකෝ... Yeonjun විහිළු කරනවා... බොරු divorce papers ගෙනල්ලා... මම බය නැහැ... මේ බලන්න ඔයාගෙ බාබා අඬන්නේ නැහැ....ඔයා කියනවා නේ මම strong... ඔයාට කල් යනවා නම් කියන්න මම බලන් ඉන්නම්....අනේ ඒත් මෙහෙම විහිළු කරන්න එපා මහත්තයෝ.... "

Marriage 💘💫 || SOPETempat cerita menjadi hidup. Temukan sekarang