මම උදේ ඇහැරුනේ තද ඔලුව රිදිල්ලකුත් එක්ක.." මම කොහෙද මේ ඉන්නෙ..දැකල පුරුදුයි..ආහ් කවුද මේ..යුන්හි..මම එහෙද ඉන්නෙ "
මම බලනකොට යුන්හි මගෙ අත උඩින් ඔලුව තියාගෙන නිදි..කදුලුත් ඇවිල්ලා..
මම අතහිමීට උඩට ගන්න හදනකොට යුන්හිත් ඇහැරුනා..
" ආහ්..ඔප්පා ඔයා ඇහැරුනාද..ඉන්න මම කොපි එකක් හදාගෙන එන්නම්..ඊයෙ තෙමුනනෙ හොදටම.."
____________________________________________
යුන්හි නැගිටලා යන්න හදනකොට ජන්ග්කුක් යුන්හිගෙ අතින් අල්ලලා නවත්තගත්තා..යුන්හි හැරිලා බලලා ඇස් වල කදුලු පුරවගත්තා...
" යුන්හි මියාන්හේ.."
" මම කෝපි හදාගෙන එන්නම්.."
යුන්හි මුකුත් නොකියම දොරත් වහගෙන එලියට ගියා..
ආහ්..මම මොනවද ඊයෙ කිව්වෙ..ඇයි මට ඒ දේවල් වලට තරහ යන්නෙ..ඒ මදිවට මම බීලා ඊයෙ..හොදටම තෙමිලා..
අද නම් ඉවසුවා හොදටම ඇති..මේකෙ දෙකෙන් එකක් මම විසදගන්නවා..
ජන්ග්කුක් තමන්ටම කියාගෙන ඇදෙන් බැහැලා ගියෙ යුන්හිව හොයාගෙන...
" දෙයියනේ යුන්හි..මො-මථකද උනේ "
ජන්ග්කුක් යනකොට යුන්හි බිම වැටිලා හිටියෙ සිහිය නැතුව..ජන්ග්කුක්ගෙ හදවත සීයට දෙසීයට ගැහෙන්න ගත්තා..යුන්හිව අරගෙන සෝෆා එකෙන් තියල එක දිගට කතා කරන්න ගත්තා..
" ගෝඩ්..මෙයාට හොදටම උනනෙ..ඇදුම් සීතලයි තාම.ආර්...මොකද කරන්නෙ..යුන්හි නැගිටින්නකෝ..යුන්හි..මේක හරියන්නෙ නෑ.."
ජන්ග්කුක් යුන්හිවත් හරහට අරගෙන කෙලින්ම ගියෙ යුන්හිගෙ කාමරේට..
යුන්හිව ඇදෙන් තියල බාත් රූම් එකට ගියපු ජන්ග්කුක් බාත් ටබ් එකට උනු වතුර පුරවන්න ගත්තා..
" මියාන්හේ යුන්හි..වෙන කරන්න දෙයක් නෑ..ඇත්තටම මියාන්හේ.."
තමන්ටම කියාගත්ත ජන්ග්කුක් යුන්හියගෙ ඇදුම් එකින් එක අයින් කලා..ඒ වෙලාවෙ ජන්ග්කුක්ගෙ හිතේ තිබ්බෙ යුන්හි ගැන ආදරයක් මිසක් කාමයක් නෙවෙයි..ඒ හින්දම වැඩි වෙලාවක් නොගෙන යුන්හිව බාත්ටබ් එකට දැම්මා..

YOU ARE READING
the rain || JJK [ ✔ ]
Fanfictionගෙවුන ඒ කාලය තවමත් මතකයි අද වගේ.. වෙන් උනත් ඔබගෙන් හදවතේ තියේ තවමත් ඒ සුවද.. දම්පාට සාගරයක් මැද මතකයි අද වගේ වින්දා සතුට දුක දෙකම.. ඈත් වෙන්නට කාලය ලං උන විට මතකයි ඔබ කදුලු සැලුවා අප වෙනුවෙන්.. ස්තූතියි තවමත් ඒ ආදරේ අඩු නොකර අපට දෙනවට.. කියන්නට බ...