ටේ ජන්ග්කුක් යුන්හී තුන්දෙනා උදේට කෑම අරන් කතා කර කර හිටියෙ යුන්හිගෙයි ජන්ග්කුක්ගෙයි සම්බන්දෙ ගැන..එතකොටම තමයි ජන්ග්කුක්ට මතක් ජිමින්ව.එදා ජිමින් යුන්හි එකක් ඇවිදින්න ගිය හේතුව ජන්ග්කුක්ට ප්‍රශ්නයක් වෙලා තිබුනෙ..
" යුන්හි..එදා ඔයා ඇයි ජිමින්ශි එක්ක ගියෙ 😑 "
" අපි එදා නිකන් ඇවිදින්න ගියෙ.මමත් කම්මැලිකමින් හිටියෙ.ඒකයි.ජිමින් ඔප්පා කතා කරල ඇහුවා යමුද කියල.ඉතින් මමත් ගියා ☺ "
" කොහෙටද ගියෙ 😑 "
" අනේ හාවෝ මම කිව්වෙ අපි වෙනදට යන තැනට ගිහින් තියෙන්නෙ..මොන සිහියෙන්ද ඉන්නෙ 😑 "
" ආහ් හරි හරි..ගිහින් මොකද කලේ 😑 "
" කතා කර කර හිටියා.ඊට පස්සෙ වහින්න ගත්තනෙ ඒකයි ආවෙ 😑 "
" යුන්හියා..ජිමින් ඔයාට ආයෙ කතා කලේ නැද්ද..😕 "
" නෑනෙ ටේ ඔප්පා.ඊයෙ අර උන දේයින් පස්සෙ කතා කලේ නෑ 😕 "
" උගේ ෆෝන් එකත් ඕෆ්..කුකියා ඔයා එනවද..නෑ එක්කෝ ඉන්නකෝ..මම ජිමින්ව බලල එන්නම් 😕 "
" හියුන්ග් පරිස්සමෙන් 😕 "
ටේහියුන්ග් ජිමින්ව හොයාගෙන ගියා..කුකී කෙලින්ම හැරුනේ යුන්හි දිහාට..
" අපි අර නවත්තපු තැනින් පටන් ගමුද 😌 "
" අනේ මේ..මට බෑ..මෝඩයා..😑 "
" අනේ..😌 "
" ඔප්පා මේ අහන්න..ඔයා මට මේ බොරු නෙවෙයි නේද කරන්නෙ.මට රැවටෙන්න බෑ ඔප්පා..අනික ඔයාට කරදරයක් වෙන්නටත් බෑ මට..අනික ඔයා ගොඩක් famous කෙනෙක්..මම නිකන්ම කෙල්ලෙක්..ඒ දේවල් එක්ක බලනකොට අනිත් අය මාව පිලිගනීද..මාව රවට්ටනව නෙවෙයි නේද 😔 "
" ඔයාට මාව විශ්වාස නැද්ද ආහ්..මම idol කෙනෙක් වෙන්න පුලුවන් යුන්හි..ඒත් මම අනිත් අයගෙ හිත් එක්ක සෙල්ලම් කරන්නෙ නෑ..විශේශයෙන් ආදරේ එක්ක..මම ආදරේ කලා නම් ආදරේ කලේ ඔයාට විතරයි යුන්හි..ඒක හැමදාටම එහෙමයි..ඔයාට මාව විශ්වාස නැද්ද ආහ්..කතා කරනව යුන්හි..විශ්වාස නැද්ද "
යුන්හිගෙ උරහිස් වලින් අල්ලගත්ත ජන්ග්කුක් දිගටම ඇහූවෙ එකම දේ..යුන්හි උත්තර දෙවන වෙනුවට කලේ අඩන එක විතරයි..
YOU ARE READING
the rain || JJK [ ✔ ]
Fanfictionගෙවුන ඒ කාලය තවමත් මතකයි අද වගේ.. වෙන් උනත් ඔබගෙන් හදවතේ තියේ තවමත් ඒ සුවද.. දම්පාට සාගරයක් මැද මතකයි අද වගේ වින්දා සතුට දුක දෙකම.. ඈත් වෙන්නට කාලය ලං උන විට මතකයි ඔබ කදුලු සැලුවා අප වෙනුවෙන්.. ස්තූතියි තවමත් ඒ ආදරේ අඩු නොකර අපට දෙනවට.. කියන්නට බ...