අදත් ෂොප් එක වහලා දැම්ම.අද decoration වැඩ ටික කරන්න ඕනෙනෙ.ඒක හින්දා.අපි තුන්දෙනා එකතු වෙලා ලස්සනට මුලු ශොප් එකම එලියෙ ඉදල අස්සක් මුල්ලක් නෑරම සුද්ද කරල decoration කලා.එයාලට ඕනෙ කිව්වෙ දම්පාට මික්ස් කරල කලුපාට.ඒ පාට දෙක යූස් කරල අපි ශොප් එක ලස්සන කලා.ඇත්තටම ගොඩක් ලස්සනයි.චාම්.මට ලොකු සතුටක් දැනෙනවා.මේක මට තිබ්බ හීනයක්.කවදහරි දවසක එයාලව දකින එක.වාහ්..නියමයි.ඒක හැබෑ වෙනවා..ඒක මෙච්චර ඉක්මනට වෙයි කියල නම් මම කවදාවත් හිතුවෙ නෑ..මම හිතන්නෙ මගෙ ජීවිතේ මම අලුතින් පටන් ගන්නව කියලා.ඒ තරම් සතුටුයි..
" ආ..මෙන්න මේක බොන්න"
ක්ලෙයා ඇමරිකානෝ තුනකුත් අරගෙන ඇවිත් වාඩි උනේ ලොකු කතාවකට මුල පුරන ගමන්..
" මේ අහන්නකෝ..අද අර ගොල්ලෝ තව ටිකකින් එනවා කිව්වා..එයාල මේකට කැමති වෙයිද..මට බයයිත් වගේ"
" මොනවද ක්ලෙයා මේ කියන්නෙ..බලන්නකෝ එයාලා අනිවාරෙන්ම කැමති වෙනවා..නැද්ද යුන්හියා..බලන්නකෝ මේකෙ ලස්සන"
යුන්ජේ කිව්වෙ අත් වැලමිටෙන් නවාගෙන නිකට තියාගන්න ගමන්.
" ඔව් ක්ලෙයා..බලන්නකෝ සුපිරි වැඩක් අද දුන්නෙ අපි..මාර ලස්සනයි "
මමත් ඒ කතාවට එකතු උනා..
" හායි...අපි ආ-...වාව්..."
ඇහුන කට හඩත් එක්කම අපි තුන්දෙනාම බැලුවෙ main door එක පැත්ත.අර තුන්දෙනා ඇවිල්ලා..ජිමින් සර් කියන්න ගියපු කතාව නවත්තලා කටත් ඇරගෙන ඇස් දෙකත් ලොකු කරගෙන හතර වටේම බලන්න පටන් ගත්තා..අනිත් දෙන්නා කියලත් වෙනසක් නෑ..තුන්දෙනාම ගල්වෙලා බලාගෙන ඉන්නවා..
" මේ ක්ලෙයා මම කිව්වා නේද ඔයාට..වශී වෙලා ඉන්නෙ වශී වෙලා"
මම ක්ලෙයාගෙ කනට කරල රහසින් කියනකොට යුන්ජේත් හිනා වෙන්න ගත්තා..
" සර්..එන්න ඇතුලට..එලියෙ වහිනවා සීතලයි.."
ක්ලෙයා පුටුවෙන් නැගිටලා තුන්දෙනා ඉන්න පැත්තට යනකොට මමයි යුන්ජේ දෙන්නත් ඒ පස්සෙන් ගියා..
" වාව්...ටේ...කුකී...මම මේ දකින්නෙ හීනයක්ද..බලනවකෝ මේක ලස්සන..ඇත්තම කියනවද..මේක කලේ ඔයාලද"
YOU ARE READING
the rain || JJK [ ✔ ]
Fanfictionගෙවුන ඒ කාලය තවමත් මතකයි අද වගේ.. වෙන් උනත් ඔබගෙන් හදවතේ තියේ තවමත් ඒ සුවද.. දම්පාට සාගරයක් මැද මතකයි අද වගේ වින්දා සතුට දුක දෙකම.. ඈත් වෙන්නට කාලය ලං උන විට මතකයි ඔබ කදුලු සැලුවා අප වෙනුවෙන්.. ස්තූතියි තවමත් ඒ ආදරේ අඩු නොකර අපට දෙනවට.. කියන්නට බ...