ඇයි ඒ වගේ විකාර මගෙ ඔලුවට එන්නෙ..ආර්....මට පිස්සු හැදෙයි මෙහෙම ගියොත්.මම නිසාද මේ ප්රශ්න ඇති වෙලා තියෙන්නෙ.මගෙ හිත කියන්නෙම ඒ දේ ඒ විදිහට උනාට කියලමයි.මම නිසා ඔයාලට කරදරයක් වෙන්න දෙන්නෙ නෑ .. බලමුකො එයා කොහොමද මාත් එක්ක සෙල්ලම් කරන්නෙ කියලා..
මම කල්පනා කරන ගමන් බැල්කනි එකේ එහෙට මෙහෙට ඇවිද්දා.හවස් වෙලා තියෙන නිසා හරි අමුතු වැහිබර ගතියකුත් තිබ්බා..
තුන්දෙනා පහල කතා කරන නිසා මම උඩට ආවෙ ටිකක් තනියම කල්පනා කරන්න..
මම ටික වෙලාවකින් පහල බලනකොට කලුපාට ඇදගත්ත මනුස්සයෙක් ගෙදර ඉස්සරහ හිටගෙන කාට හරි කෝල් කරනවා.
මට මහ අමුත්තක් දැනුනා ඒක දකිනකොට.ඒත් මම ඒක වැඩිය හිතුවෙ නැතුව ආපහු අහක බලාගත්තා..
ඒත් තත්පර ගානක් යනකොට අර මනුස්සයා ලොකු බොක්ස් එකක් ගේට් එකෙන් ගෙදර පැත්තට විසි කලා..
මගෙ පපුව එන්න එන්න ගැහෙනකොට ඒ මනුස්සයා කෙලින්ම බැලුවෙ මගෙ දිහා.මාව දැකපු ගමන් ඒ මනුස්සයා දුවන්න පටන් ගත්තා..
මම කෙලින්ම දුවගෙන ගියෙ පහලට..දිව්වා නෙවෙයි මට දිව උනා..මම බය වෙලා දුවගෙන යනකොට තුන්දෙනා ටීවී බලනවා..මම එන එකවත් ගානක් නෑ..
මමත් ශේප් එකේ පේන්නෙ නැති වෙන්න එලියටම දුවගෙන ගියෙ එයාලට මේ දේවල් කියල ඔලුව අවුල් කරන්න ඕනෙ නැති නිසා..ඇත්තටම මට එහෙම කරන්න උවමනාවක් නෑ....
මම ගාඩ්න් එකට යනකොට යන්තන් පොද වැටෙන්න ගත්තා..මම ඒක ගන්න නොගෙන කෙලින්ම ගියෙ බොක්ස් එක ලගට..හිත සීයට දාහට ගැහෙනවා මගෙ..මේකෙ මොනවද ඇත්තෙ..මම ඕනෙ දෙයක් වෙන්න කියල ඒක ඇරලා බැලුවා..
ආ....
ඒක දිහා බලන්නවත් බෑ..ලේ..ඒකෙ මනුස්සයෙක්ගෙ ඔලුවක්..ඇසුත් නෑ..මාව විසි වෙලා බිම ඉන්ද උනා..ඔලුව කැරකිල්ල වගේ..
කවුද මේ සෙල්ලම් කරන්න හදන්නෙ..අප්පා..මේ ඔයා නම් මම ඔයාව ඉවරයක් කරලා දානවා..වැස්සත් තද වෙලා..මගෙ ඇස් වලින් කදුලු වැටුනෙ හිතේ තියන තරහ තවත් වැඩි කරන ගමන්..

YOU ARE READING
the rain || JJK [ ✔ ]
Fanficගෙවුන ඒ කාලය තවමත් මතකයි අද වගේ.. වෙන් උනත් ඔබගෙන් හදවතේ තියේ තවමත් ඒ සුවද.. දම්පාට සාගරයක් මැද මතකයි අද වගේ වින්දා සතුට දුක දෙකම.. ඈත් වෙන්නට කාලය ලං උන විට මතකයි ඔබ කදුලු සැලුවා අප වෙනුවෙන්.. ස්තූතියි තවමත් ඒ ආදරේ අඩු නොකර අපට දෙනවට.. කියන්නට බ...