" කුකී මොකද උනේ.."ජන්ග්කුක් පහලට එනව දැකපු ටේ නැගිටලාම ඇහුවා.
" අපි යමු.."
" කුකී ඒ කියන්නෙ වැඩේ හරිද.."
ජිමින් ඇස් බෝල කරගෙන ඇහුවා.
" ඔව් එයා අනිවාරෙන්ම එනවා.."
" සර් ඒ කියන්නෙ එයා කතා කලාද.." යුන්ජේ හිනාවක් දාගෙනම ඇහුවා..
" ම්ම්ම්හ්.." කුකී ඔලුව වැනුවෙ ඔව් කියන්න..
" එහෙනම් අපි යමු..අපි අනිද්දට හම්බෙමු "
" හරි සර්..පරිස්සමට යන්න"
තුන්දෙනාම පිටත් උනේ හිතේ ලොකු සතුටකුත් පුරවගෙන..අනිත් දෙන්නට වඩා ජන්ග්කුක්ගෙ හිත ගොඩක් සතුටින් පිරිලා..ඒ ඇයි කියන්නවත් එයා දැනගෙන හිටියෙ නෑ..
මේ උත්සවයේ වැඩ බාරගත්තෙ පොඩි තුන නිසා එයාලා බයෙන් හිටියෙ වැඩේ හරියට කරගන්න බැරිවෙයි කියලා..ඒත් දැන් ජන්ග්කුක් නිසා වැඩේ ලස්සනට ප්ලෑන් වෙලා..
" ඇත්තටම කුකී ඔයා මොනවද යුන්හිට කිව්වෙ..වචනයක්වත් කතා නොකර හිටපු එයා කොහොමද ඔයත් එක්ක කතා කලේ.."
යන ගමන් ජිමින්ට තිබ්බ ලොකුම ප්රශ්නෙ ඇහුවා..
" මමත් අහන්න හිටියෙ කුකී..මොනවද එයා කිව්වෙ..ඔයා බොරු නෙවෙයි නේද ඔය කියන්නෙ"
" පිස්සුද හියුන්ග් මම බොරු කියනවද ඔයාලට..එයා කැමති උනා එන්න..අනික ඉතින් මගෙ මේ ලස්සනට ඕනෙ කෙනෙක් ඔය වගේ වැඩකට කැමති වෙනවා.." ජන්ග්කුක් ඇගට පතට නොදැනී කියනකොට අනිත් දෙන්නට හිනාව එලියට පැන්නා..
" ඔව් ඔව්..අපිටත් පේනවා ඒක නේද ටේ..මොනව කියල හරි වැඩේ හරිනෙ..ඒ ඇති"
" හ්ම් ඔව් ඔව්..ඔය ලස්සනට තව මොන මොනවට කැමති වෙයිද දන්නෙ නෑ..අපි බලමුකො " ටේ කිව්වෙ කට කොනින් හිනා වෙලා ජන්ග්කුක් දිහා බලන ගමන්..
" හියුන්ග්..මොකක්ද ඒ කිව්වෙ.."
" මුකුත් නෑ..නිකන් "
___________________________________________
මම ගෙදර ගියපු ගමන් හොද වොෂ් එකක් දාගෙන ඇදට පැන්නෙ අමුතු චිල් එකකින්..අනේ මන්දා..ඒ වෙලාවෙ මම මොනවද ඒ කිව්වෙ..මටවත් හිතාගන්න බෑ..

YOU ARE READING
the rain || JJK [ ✔ ]
Fanficගෙවුන ඒ කාලය තවමත් මතකයි අද වගේ.. වෙන් උනත් ඔබගෙන් හදවතේ තියේ තවමත් ඒ සුවද.. දම්පාට සාගරයක් මැද මතකයි අද වගේ වින්දා සතුට දුක දෙකම.. ඈත් වෙන්නට කාලය ලං උන විට මතකයි ඔබ කදුලු සැලුවා අප වෙනුවෙන්.. ස්තූතියි තවමත් ඒ ආදරේ අඩු නොකර අපට දෙනවට.. කියන්නට බ...