📲📲📲📲" ආශ්...යුන්ජේ කියන්න"
" තාම නිදිද මෝඩියේ..අද වැඩ ගොඩයි අනේ.."
" ම්ම්ම්...මොනාද අප්පා ඔච්චර වැඩ..අද ජනාධිපති එනව කිව්වද හොට් චොක්ලට් බීලා යන්න..තාම හතයිනෙ අප්පා.."
" යුන්හියා ඊයෙ ක්ලෙයා කිව්වෙ නැද්ද විස්තරේ"
අප්පටසිරි..කිව්ව නේන්නන්..ඒක ඇත්තද එතකොට..මම නැගිට්ටා නෙවෙයි නැගිට්ටුනා..
" අහ් මේ-ඔ-ඔව් කිව්වා.."
" ඒකනෙ..ඉක්මනට ලෑස්ති වෙලා ඉන්න මම එනවා තව ටිකකින් බායි.."
" යුන්ජේ ටි-"
මෝඩයා තිබ්බනෙ..අනේ මන්ද මේ දෙන්නා ඊයෙ රෑ හීනයක් දැකලවත්ද..
මම ඉක්මනට වොෂ් එකක් දාගෙන කලිසමයි ටී ෂර්ට් එකයි ඇදල ෂූස් දෙකත් දාගෙන උඩින් කලු හූඩි එකකුත් දාගෙන එලියට බැස්සේ යුන්ජේ එනව කියපු නිසා.ඇත්තටම මම කොහොමද මේ කියන දේ විශ්වාස කරන්නෙ..ඇත්තටම මේක විහිලුවක්ද..මේ සෝල් වල මේ ශොප් එකට වැඩිය කොච්චර ලොකු ඒවා තියනවද..මම නම් හිතන්නෙ මේ දෙන්නට හොදටම පිස්සු..
මම ගේට් එක ලගට වෙලා ඉන්නකොට යුන්ජේ ආවෙ කාර් එකෙන්.වෙනදට එයා මාත් එක්ක පයින්මයි යන්නෙ.මොකද දන්නෙ නෑ..
" යුන්හියා යන්.."
" ඒත් මොකෝ මේ කාර් එකේ ඇවිත්.."
" ඔයා නගින්නකෝ යන ගමන් කියන්නම්.."
මාත් ඉතින් ඉස්සරහෙන්ම නැගල වාඩි උනා..
" හරි දැන් කියන්නකෝ"
" යුන්හියා අපි ඔම්මව බලන්න යමු ඉස්සරලම..ඊට පස්සෙ බඩු වගයක් ගන්න තියෙන්නෙ"
" ඒත් යුන්ජේ..මොකක්ද අනේ මේ BTS කතාව..විහිලුවක් නේද"
" යුන්හියා මට මේක ඔයාට කියලත් බෑ නොකියත් බෑ..ඒත් ඇත්තටම එයාලා දවස් පහකින් එයාලගෙ Disband anniversary එක සමරනවා..ඒකත් මේ අපේ ශොප් එකේ.."
" මොකක්..හරි ඒත් මොකටද මම..මම නිකන් ඒකෙ සින්දු කියන කෙනෙක් විතරයිනෙ යුන්ජේ.."
" ඒක තමයි point එක..ඔයා නිසා තමයි ඒක තෝරගෙන තියෙන්නෙ.."
" මොහ්..ඔයාට පිස්සු හැදිලද..මං වගේ කෙල්ලෙක් හින්දා..මම තාම ඇහැටවත් දැකල නෑ එයාලව..ඔයාට නම් පිස්සු යුන්ජේ.."

YOU ARE READING
the rain || JJK [ ✔ ]
Fanfictionගෙවුන ඒ කාලය තවමත් මතකයි අද වගේ.. වෙන් උනත් ඔබගෙන් හදවතේ තියේ තවමත් ඒ සුවද.. දම්පාට සාගරයක් මැද මතකයි අද වගේ වින්දා සතුට දුක දෙකම.. ඈත් වෙන්නට කාලය ලං උන විට මතකයි ඔබ කදුලු සැලුවා අප වෙනුවෙන්.. ස්තූතියි තවමත් ඒ ආදරේ අඩු නොකර අපට දෙනවට.. කියන්නට බ...