12

132 33 8
                                    


මොකක්ද දෙයියනේ ඒ උනේ..

ආපු මනුස්සයො ඔක්කොටම ගැහුව නේද..?

මගෙ හාට් එක ගැලවිලා බිමට වැටෙන්න වගේ..

" ඇක්ෂන් ෆිල්ම් එකක් වගේ "

ඔව් ටේහියුන් කියපු කතාව ඇත්ත.ඇක්ෂන් ෆිල්ම් එකක් වගේ තමයි.මේ යුන්හිමද.තයිකොන්ඩෝ කලු පටිද කොහෙද.ලේ එනකන්ම ගැහුවනෙ..

ඒ මදිවට මුකුත් උනේ නෑ වගේ ඉන්න ලස්සන.එක පාරම මොනව වෙනවද මන්දා.ඔක්කොටම කෑ ගහල යන්න ගියා.දැන් ඇවිත් අර මනුස්සයො ඔක්කොටම ගැහුව.

හරි අමුතුයි.මමයි ටේයි ජිමිනුයි තාමත් හිටගෙන බලන් හිටියෙ යුන්හි දිහා..

" මේ..ටේ..මරු නේද බම්"

" මරු තමයි.දැන් නම් බයත් හිතෙනවා බම්"

" උබ මොකටද බය වෙන්නෙ"

" නෑ ඉතින් කතා කරන්නත් බයයි  වගේ ජිමිනා..බලනවකෝ අර මිනිස්සු දිව්වත් එක්ක"

හියුන්ග්ලා දෙන්නා කියන ඒවට නම් මටත් බය හිතුනා.අම්මෝ..කෙල්ලෙක් කියල මූනෙන් විතරයි පේන්නෙ...

" මේ කුකියා..උබ එදා තනියම කතා කරන්න ගියපු වෙලාවෙ ඔය වගේ දෙයක් උනා නම් එහෙම..මටයි ජිමිනටයි දහයෙ බෑග් එකක් අරන් එන්න තිබ්බා උබේ කෑලි ටික අහුලන්න "

මේ ටේහියුන් නම්..

" හහ්..එව්වා හදේ තමයි..මමත් දෙනවා දෙකක් එහෙනම්"

මමත් ඉතින් ලැජ්ජාව වහගන්න එහෙම කිව්වා..ඒ පාර ඒ ඩබල හිනා වෙනවා..හහ්..මාව විහිලුවක්ද දන්නෑ..

___________________________________________

" නෑ මම හොදින්.."

යුන්හි ෆෝන් එකත් අතට ගන්න ගමන් කතා කලේ ක්ලෙයාගෙ මූන දිහාවත් නොබලා.

" යුන්හි මොකද උනේ කියන්නකෝ"

ක්ලෙයා යුන්හිගෙ ෆෝන් එක අරගෙන පැත්තකින් තියල අත් දෙක අල්ලගෙන කතා කලා.

" කියන්නකෝ "

" ඇයි දැන් ආවෙ.අර කට්ටිය එක්කම කතා කරන්න.මාව ගනන් ගත්තෙ නැත්තෙ මාව ඔයාලට ගැලපෙන්නෙ නැති නිසාද..මට සල්ලි නෑනෙ..එහෙමනෙ..කමක් නෑ.යන්න එයාලත් එක්කම ඉන්න..මට මෙහෙම-"

the  rain || JJK  [  ✔ ]Where stories live. Discover now