වැස්සෙ තෙමි තෙමි මම කොච්චර වෙලාවක් ඇඩුවද කියල මට හිතාගන්න බැරි උනා.පැයක් දෙකක් ඉන්න ඇති එහෙම.මුලු ඇගම වෙව්ලන තරමට මම තෙමිලා.අඩන්න කදුලු නැති තරම්.මගෙ ජීවිතේ ගොඩක්ම සතුටු උන දවසේ මම ඒ වගේ දෙයක් බලාපොරොත්තු උනේ නෑ.මම දෙවියන්ගෙන් අහන්නෙ ඇයි මගෙ ජීවිතේ මෙච්චර දුක් ගොඩක් මට ලැබෙන්නෙ.මමත් කෙල්ලෙක්.දරාගන්නව කියල තවත් කොහොම දරාගන්නද.
මම මගෙ පපුව එක අතකින් තද කරගන්න ගමන් මටම කතා කලා.මගෙන්ම ප්රශ්න ඇහුවා.මටම බැනගත්තා...
ඒත් මගෙ ඇගට දැන් වතුර වැටෙන්නෙ නෑ..තාම වැස්ස නතර වෙලත් නෑ..ඒත් ඇයි ?
මම උඩ බැලුවම මම දැක්කෙ කුඩයක්..ඒත් කවුද ඒ..
මොහ්..ජන්ග්කුක්..එයා මොකද මෙතන?කවුරුහරි දැක්ක නම්..
මම නැගිටින්න හැදුවත් මගෙ කකුල් සීතලටම ගල්වෙලා..ආපහු මාව ඉන්ද උනේ හිතන්නවත් වෙලාවක් නැතුව..
" තව කොච්චර වෙලා මෙහෙම ඉන්න ඕනෙද තෙමි තෙමි...?"
____________________________________________
යුන්හි දොරත් ඇරගෙන යන දිහා මම බලන් හිටියෙ හිතේ මොකක්දෝ අමුතු දුකක් පැල් බැදගද්දි..පවු..
අපි තවත් පැය බාගයක් කතා කලේ යුන්හි ගැන..පවු..ගොඩක් දුක් විදිනව ඒ ලමයා..ටේ ජිමින් දෙන්නත් බලන් හිටපු විදිහෙන් මට තේරුනා ඒ දෙන්නටත් දුක හිතිලා කියලා..මම එතන හිටියත් මගෙ හිත තිබුනෙම යුන්හි ලග..මොනව කරනවද දන්නෙ නෑ..වැස්සෙම ගියා තෙමි තෙමි..
අපි වැඩත් ඉවර කරගෙන යන්න ලෑස්ති උනා..
" එහෙනම් අපි යනවා..කතා කරපු විදිහට කරමුකෝ..බායි.."
තුන්දෙනත් එක්කම එලියට ආවත් මම යන්නෙ නැතුව එලියෙ නැවතුනා..ඇතුලෙ තිබ්බ කුඩෙත් අතපසු අරන් ඉහල ගත්තා..
" යා කුකියා..එන්නෙ නැද්ද..මොකක්ද කරන්නෙ"
" ටේ හියුන්ග් ඔයාලා යන්න..මම තව ටිකක් ඉදල එන්නම්.."
" මේ විකාර නැතුව යන් කුකී..වහිනවානෙ"
" කමක් නෑ හියුන්ග්...මම ටිකක් ඇවිදලා එන්නම් ඔයාලා යන්නකෝ.."

YOU ARE READING
the rain || JJK [ ✔ ]
Fanficගෙවුන ඒ කාලය තවමත් මතකයි අද වගේ.. වෙන් උනත් ඔබගෙන් හදවතේ තියේ තවමත් ඒ සුවද.. දම්පාට සාගරයක් මැද මතකයි අද වගේ වින්දා සතුට දුක දෙකම.. ඈත් වෙන්නට කාලය ලං උන විට මතකයි ඔබ කදුලු සැලුවා අප වෙනුවෙන්.. ස්තූතියි තවමත් ඒ ආදරේ අඩු නොකර අපට දෙනවට.. කියන්නට බ...