මම උදේ ඇහැරුනේ පහල වීදුරුවක් බිමට වැටෙන සද්දයත් එක්ක..
දෙයියනේ කවුද මේ උදේ පාන්දර කුස්සියේ හොල්මන් කරන්නෙ..😑වෙලාව බැලුවම උදේ 6.45..😤
මම කොන්ඩෙත් උඩට කරල බැදගෙන පහලට බැස්සෙ කවුද කියල බලන්න..
දෙයියනේ ඔප්පා....😨
" අනේ ඔප්පා ඔයාට තුවාල උනේ නෑ නේද..😳"
මම ගියපු ගමන් බැලුවෙ ජන්ග්කුක්ගෙ අත් දෙක..ලේත් එනවා..මෙයා මොනවද මේ කුස්සියට වෙලා කරන්නෙ 😤
" ඔප්පා ඔයා මොනවද මේ කුස්සියට වෙලා කරන්නෙ..තේ එකක් හදල දෙනවනෙ කිව්ව නම්..මොකටද පන්ඩිත වැඩ කරන්න ගියෙ..බලන්නකෝ දැන් අතත් තුවාල වෙලා 😤"
" ශ්ශ්..ඒක එච්චර රිදෙන්නෙ නෑ යුන්හි..මම ආවෙ කෝපි එකක් හදාගන්න.එනකොට කොහෙන්ද ආපු පූස් පැටියෙක් පැන්න ඇගට..අතේ තිබ්බ කෝප්පෙ බිමට වැටුනා..ඒක අස්කරනකොට තමයි තුවාල උනේ..ඒක එච්-"
" කට කට..ඇති..මෙහෙ එන්න බෙහෙත් දාන්න 😒 "
මම තිබ්බ තරහ පිට කරලම එයාව පුටුවෙන් වාඩි කරවලා බෙහෙත් දාන්න පටන් ගත්තා..
" මොකටද දැන් ඔය පන්ඩිත වැඩ කරන්න ගියෙ..කතා කලා නම් මම එනවනෙ 😒 "
" ඔයා ඊයෙ නිදාගන්නකොටත් රෑ උනානෙ..නිදි ඇති කියල හිතුනා ඉතින්..අනික මට බඩගිනි ආවා..ඒකයි අනේ ඕකට කෑ ගහන්න ඕනෙද 😑 "
" කෑ ගහන්න නෙවෙයි දෙන්න ඕනෙ තව පාරක්.මෙයාට මොනාහරි උනා නම් මම මොනවද ජිමින් ඔප්පට කියන්නෙ 😒 "
" ඔයා මොකටද ජිමින්ට ඕවා කියන්නෙ 😒 "
" එයා තමයි ඊයෙ ඔයාව මෙහෙ තියාගන්න කිව්වෙ..රෑ කුනාටුවක් ආවා..එයා ඔයාට කෝල් කරනකොට ඔයා නිදි..ඉතින් මම ආන්ස්වර් කලා..එතකොට එයා කිව්වා තියාගන්න කියලා ඔයාව..කුනාටුවක් නෙවෙයි කවුරුහරි ඇවිත් උස්සන් ගියත් මෙයා දන්නවයෑ..හොදට නිදිනෙ 😒 "
" හරි ඉතින් මට මහන්සියට නින්ද ගියෙ..තියාගන්න බැරි නම් යවන්න තිබ්බනෙ..කෑ ගහන්නෙ 😒 "
" යවනව තමයි..ජිමින් ඔප්පා පවු නිසා තියාගත්තෙ..දැන් කියවන්නෙ නැතුව ඉදගෙන ඉන්න..මම කන්න මොනාහරි හදාගෙන එන්නම්..වොෂ් දාන්න ඔයාට ඇදුනුත් නෑනෙ. 😒 "
YOU ARE READING
the rain || JJK [ ✔ ]
Fanfictionගෙවුන ඒ කාලය තවමත් මතකයි අද වගේ.. වෙන් උනත් ඔබගෙන් හදවතේ තියේ තවමත් ඒ සුවද.. දම්පාට සාගරයක් මැද මතකයි අද වගේ වින්දා සතුට දුක දෙකම.. ඈත් වෙන්නට කාලය ලං උන විට මතකයි ඔබ කදුලු සැලුවා අප වෙනුවෙන්.. ස්තූතියි තවමත් ඒ ආදරේ අඩු නොකර අපට දෙනවට.. කියන්නට බ...