උත්පල පුෂ්පයන්ගෙන් පිරී තිබූ අසපුවක සුවිසල් ගල් පඩි පෙළක ඉහළ ම පඩිය මත සිටි කාන්තාවන් දෙදෙනාව අන් අයට පෙනුනේ සුදු මොණරුන් දෙදෙනෙක් මෙනි. බැලූ බැලූ අත දම් පැහැයෙන් බැබලුනු අසපුව හරහා හමා ගිය මද පවන වෙනදාට අසපු ශිෂ්යයන් ගේ සිත් සන්සුන් කළද එදින ඒ මද පවනටවත් එය සිදු කළ නොහැකි විය. දසත වෙලා තිබූ දොම්නසේ අන්ධකාරය නැති කිරීමට මුදුන් පත වී තිබු සූර්යයා සමත් නොවීය. ස්වේත වස්ත්ර දරා සිටි දෙදෙනා වටා තම නිල් දම් පැහැ අලංකාර පියාපත් තිබූ සමනලුන් සියල්ලෝම එදින තටු සලමින් ඔවුන් වටා කැරකුණේ වෙනදා තරම් උද්යෝගයකින් නොවේ. ඉන් එකෙකු දෙදෙනෙකුගේ මියැදී බිම වැටුණේ ඔවුන්ගේ ජීවය රඳා පැවතුනු ඒ ප්රේමය නම් වූ සාරය ඔවුන්ට අහිමි වී තිබූ නිසා.
'මගේ මතකයන් සියල්ල මම මෙහි දමා යන්නෙමි..ඇහිඳීමට වෙහෙස නොවන්න නපුරු උත්පල පුෂ්පය! අප නැවත මුණ ගැසේවි..එවිට අපි සියල්ල නැවත පටන් ගනිමු'
ඇය ස්වේත වර්ණ සළු පිළි වලින් සැරසී සිටි තේජස් පෙනුමක් තිබූ එහෙත් තවමත් නොමැකුණු සුරතල් බවකින් හෙබි මුහුණකට හිමිකම් කියූ අයෙක් විය. ඇගේ කාල වර්ණ දීප්තිමත් දෙනෙත් එදින දොම්නසින් පිරී ගොස් තිබුණි. තල එළලු එහෙත් පැහැපත් සමේ වර්ණයක් ද, කාල වර්ණ හිසකේ හිමි ව තිබූ ඇය සැබැවින්ම සුන්දර වූවාය.
"නවතින්න. ඔබට මෙසේ පිටව යා නොහැකියි. අපට තව බොහෝ දුර යාමට තිබෙනවා. මා මෙහි තනිකර දමා ඔබට පිටව යා හැකිද? ඔය ලෙසින් මගෙන් පලි ගන්න එපා.." ඇගේ ගමන නවත්වන්නට යමෙක් පිටුපස සිට කෑගසන්නට විය. කාල වර්ණ දෙනෙත් හිමිව තිබූ තරුණියට අනුව නම් ඒ පුද්ගලයා කතා කළ දිගම වැකිය අතරට මෙය එක්වන බවයි. ඒ කෑගැසූ තරුණිය දෙස මඳකුදු හැරී නොබැලූ ඇය දිගටම ගමන් කළේ කඳුළු පිරි දෙනෙතින් යුතුවයි. තබන සෑම පියවරක් පාසාම ඇගේ මතකයන් එකින් එක ගිලිහෙන බව ඇයට දැනුනි. ඒ අතරින් මුලින් ම ඉවත් වන්නට පටන් ගත්තේ ඇගේ ජීවිතයේ ඇයට වැදගත්ම පුද්ගලයා හා සම්බන්ධ මතකයි. ඒ ඇයට අමතක කරන්නට ඇවැසිව තිබූ මතකයි. මතකය අමතක කරවන ඔසුව ඇය ලබා ගැනීමට හේතුව එයයි. ඇය පිළිබඳ මතකය අමතක කිරීමට. ඒ වේදනාව යළි නොදැනීමට. දෙව්ලොව හා මිනිස් ලොව යා කරන දොරටුවෙන් ඇවිද යන අතරේ අසංගනා තම මතකය අවධි කරන්නට ගත්තේ ඒවා වියැකී යාමට මත්තෙන් යළි එකඳු වරක් හෝ සිහි කිරීමටය.
YOU ARE READING
✔️මේඝාංගනා ⚔️ 𝕳𝖎𝖘𝖙𝖔𝖗𝖎𝖈𝖆𝖑 𝕲𝕷🦋
Historical Fictionමම කොහි සිටයත් සැමදා මගේ හදවත නුඹ සමඟයි... 💮💮💮 'ආදරය යනු හුදෙක් එක් වචනයක් පමණක් නොවේ..ආදරය යනු හුදෙක් හැඟීමක් පමණක්ද නොවේ..කෙනෙකුට එය ලෝකයක්..තව කෙනෙකුට එය ආත්මයක්..තවත් අයෙකුට එය මායාවක් කිසි දිනක නිදහස් වනු නො...