(18+) 11⚔️

120 8 12
                                    

සුක්ෂම ලෙස නාගයන් හා සටනක් ආරම්භ කළ කණ්ඨ රජු එම සටන මැඩ පැවැත්වීමට යැයි කියා මේඝාප්සරා පිටත් කර හැරියේ එම සැලසුමේ ප්‍රධාන පියවර වශයෙනුයි. අනෙක් පසින් ලෝගුධාරියා සුවන්ධිකා ව අසපුව වෙත පිටත් කර හැරියේ නාග වංශිකයන් වෙනුවෙන් මෙම සටනෙහි පෙරමුණ ගන්න ලෙස ඉල්ලා සිටින්නට ය. දුටු පමණින් ම වරද කණ්ඨ රජුගේ සේ දිස් වීමට සැලසුම තනා තිබු අතර අසාධාරණයට එරෙහිව අසංගනා සටන් කිරීමට නාග වංශිකයන් සමඟ මේ ගැටලුව විසඳීමට එකඟ විය.

වෛශ්‍රව මුණිගේ අවසරයද ඇතුව අසපුවෙන් පිටවෙන්නට සැරසුනු අසංගනා ප්‍රධාන ද්වාරයෙන් නික්මී විශාල ගලා පඩිපෙළ බසින විට විහාර්ථ සහ අංකිතා තම අසිපත් අරගෙන ඇය පසුපසින් දුවගෙන ආවෝය.

"අසංගනා මදක් සිටින්න!! අපත් එනවා" යනුවෙන් කෑ ගසා ගෙන අංකිතා අසංගනා අසළට ආවා ය. විහාර්ථ සහ අංකිතා වත් කරදරයක පටලැවීමට අවැසි නොවූ අසංගනා ඊට විරෝධය පල කලත් ඔවුන් දෙදෙනා පසු නොබට බැවින් අකමැත්තෙන් හෝ ඔවුන් ව කැටුව යාමට අසංගනාට සිදු විය. කණ්ඨ රජුගේ සේනාව මේඝාප්සරා නොව සකුණ මෙහෙයවන බවත් නාග වංශිකයන්ගේ සේනාව සුවන්ධිකා මෙහෙය වන බවත් කටකතා පැතිර වූ කණ්ඨ රජුගේ අභිප්‍රාය වූයේ සේනාව මෙහෙයවන්නන් දැනගැනීමෙන් අසංගනා හා මේඝාප්සරා සටන අත්හැර යාම වළක්වනු පිණිසය. මේඝාප්සරා හා අසංගනා සටන් පෙරමුණු මෙහෙයවූ පමණින් තම අභිප්‍රායන් සඵල නොවන බව තේරුම් ගත් කණ්ඨ රජු තම පෙරමුණෙහි පිරිසක් සඟවා තබා සිටියේ මුලින් නාග වංශිකයන් හට ප්‍රහාර එල්ල කර කුපිත කරවා සටන ආරම්භ කරවීමටය. එවිට සේනාධිපතිවරියන් දෙදෙනා හමුවන්නේ සටන අතරමැද ය. එවිට ඔවුන් හට කිරීමට ඇති හැකියාවන් හී සීමාව පටු වනු ඇත.

සැලසුමේ ඒ කොටස වන තුරු සාර්ථකව සිදු විය. නාග වංශිකයන් බටහිර මාළිගය නම් වූ ගොඩනැගිල්ල පසු කර ඇතුලු නුවර වටකර ලූ විට කණ්ඨ රජුගේ සේනාව නුවර පිවිසුම් දොරටුවට මෙහායින් සැඟව සිටියේ කණ්ඨ රජුගේ අණ පරිදි ය. එම බටහිර මාළිගයේ වූ සඳලු තලයේ සිට මෙම සටන දෙස ලෝගුධාරියා බලා සිටියේ ලෝගුව අස්සෙන් ලාවට පෙනුනු ලවන් වලින් නැගුනු සිනහවකින් යුක්තවයි. නාග සේනාව ද්වාරය බිඳ හෙල නුවරට ඇතුලු වන විට මේඝාප්සරා දුටුවේ සටන මෙහෙයවමින් ඉදිරියට ආ ඒ රුව. තුන්ලොවින් ම තමන්ගේ හදවත සොරකම් කිරීමට හැකි වූ එකම පුද්ගලයා, අසංගනා තමාට එරෙහිව සටන් වැදීමට නියමිතයි. ඇය කිසි ලෙසකින් වත් තමා අනෙක් සේනාව මෙහෙයවන බව නොදන්නා බව මේඝාප්සරා සැමටත් වඩා විශ්වාස කළ කරුණක් විය. එහෙයින් සැලසුම පසෙක තබා අසංගනා අසලට යන්නට ඇය පියවර තබත්ම තම සේනාවේ පිරිසක් විසින් නාග සේනාවට පහරදී සටන ආරම්භ කළෝ ය. ඇසිපිය ගසන ක්ෂණයෙන් අති බිහිසුනු යුධයක් බවට එය පෙරලුනු අතර මේඝාප්සරා ව අසංගනා දුටුවේ සටන මධ්‍යයේ දී ය. මේඝාප්සරා මෙන් ම අසංගනා ද ඇය මේ සටන මෙහෙයවන්නේ තමන් බව නොදන්නා බව විශ්වාස කළා ය. හදිසියේ මේඝාප්සරා තම අධ්‍යාත්මික බලය භාවිතා කොට අසංගනා හට මනසින් කතා කර කුමක් කළ යුතු ද යන්න විමසුවා ය.

✔️මේඝාංගනා ⚔️ 𝕳𝖎𝖘𝖙𝖔𝖗𝖎𝖈𝖆𝖑 𝕲𝕷🦋Where stories live. Discover now