23⚔️

53 6 8
                                    

අසපුවේ වූ ආක්‍රමණයෙන් පසු චන්ද්‍ර මාස දෙකක් ඉකුත්ව ගොස් තිබූ දිනක මේඝාප්සරා සහ අසංගනා රට වට කර තිබු ඒ නිල් සිඳුව නරඹන්නට ගියෝ ය. වේලාන්තරයට වී මුහුදු රැළි තම සිරුරු නහවන තෙක් එහි අසිරිය විදිමින් ඔවුන් දෙදෙනා කාලය ගත කලේ මොහොතොකට පලි ගැනීම්, අභිරහස් සියල්ල පසෙකට කරමින්. අසංගනා හා මේඝාප්සරා ඇතුළු පිරිස අසංගනා ගේ මවගේ ආත්මය මුදා ලන්නට බොහෝ වෙහෙස වුණත් කෙලෙසකින් වත් එය සිදු කරගැනීමට නොහැකි වූ අතර ඇගේ ආත්මයේ දැඩි අධිෂ්ටානය, අසංගනා ගේ පොරොන්දුව ඉටු නොවන තාක් එම කර්තව්‍ය ලෙහෙසි නොවනු ඇති වග තේරුම් ගත් මේඝාප්සරා අසංගනා ව බලෙන් ම විහාර්ථ වෙත යැවුවා ය. කොයි කෙලෙසකින් වත් එය සතුටු සිතින් කරන්නට මේඝාප්සරා හට නොහැකි වුවත් කරන්නට වෙනත් යමක් ඉතිරිව නොතිබූයෙන් මේඝාප්සරා හට එසේ කරන්නට සිදු විණ. 

මහා වර්ෂාව මැද විහාර්ථ ගේ කුටියට වූ පිය ගැට පෙළ තරණය කල අසංගනා වෙවුලන දෑතින් විහාර්තගේ කුටියේ දොර විවර කළාය. වර්ෂාව නිසා පෙඟී ගිය නිසා ඇඟටම ඇලී ගිය වස්ත්‍ර කඩා දමා තිබූ වරලස ඇතිව සෙමින් තම කුටිය වෙතට එන අසංගනා දෙස විහාර්ථ බලා සිටියේ විමතියෙන්. ඔහුගේ අත වූ පුස්තකය අසළ වූ ලී මේසය මතින් තබා අසංගනා වෙතට විහාර්ථ පැමිණියේ තවමත් පුදුමය ඉවත් නොවුන දෙනෙතින් යුක්තවය. නමුත් ඉක්මනින් කාරණය වටහා ගත විහාර්ථ මද සිනහවක් පා අසංගනා ව තම සයනය මතින් වාඩි කර වුයේ ය.

"ඔබ සිතන කිසිවක් කළ යුතු නොවේ..මා ක්‍රමයක් සොයා ගත්තා" විහාර්ථ තමා කියවමින් සිටි පුස්තකය දෑසින් පෙන්වමින් කිවේ ය. තවමත් ඔහු අසංගනා ගේ දාත අත් හැර නොතිබුණි. ඇගේ දෑතින් අල්ල සිටියදී ම විහාර්ථ සිදුවීම පැහැදලි කරන්නට පටන් ගත්තේ ය.

"ඔබ හට මට එය ලබා දිය හැකියි. මා හා කිසිත් කළ යුතු නැහැ"

"ඈ කුමක් ?" නිසැකයෙන් ම ! අසංගනා සිතුවේ අන් යමකි.

අසන්ගනාගේ සිතැඟි හඳුනා ගත විහාර්ථ හට සිනා නොවී සිටිය නොහැකි විය. අත්‍යන්තයෙන් ම ඇයගේ මනසේ ඇඳි තිබුණේ වෙන යමකි. විහාර්ථ 'ලබා දෙන්නම්' යන්නෙන් අදහස් කළේ ධ්‍යාන ශක්තිය භාවිතයෙන් තම ශරීරයේ වෙන පුරුෂ බිජ අසංගනා ගේ ශරීරයට ඇතුළු කිරීමය. එය සඳහා අවශ්‍ය ධ්‍යාන බලයම පමණකි.

✔️මේඝාංගනා ⚔️ 𝕳𝖎𝖘𝖙𝖔𝖗𝖎𝖈𝖆𝖑 𝕲𝕷🦋Where stories live. Discover now