අසංගනා වෙනුවෙන් මුළු මනුලොව පුරා දෙවොල් ඉදි කර තිබූ අතර කන්ඨ රජු හට ඒවා විනාශ කිරීමට මේඝාප්සරා ඉඩ නොදී එම වසර නවය පුරාවටම එම දෙවොල් ආරක්ෂා කරනු ලැබුවාය. ජනතාවගේ ගැරහුම්, අවලාද, නර්මාලාපයන් ඇය තඹයකට මායිම් කලේ නැත. ඇය මායම් කළ එකම දෙයක් වී නම් ඒ අසංගනා ගේ ක්ෂමාවයි.ඊටත් වැඩියෙන් අසංගනා ගේ පැමිණීමයි. විහාර්ථ සහ අංකිතා ගෙන් සමු ගෙන අසංගනා වීදියේ ඇවිද තමා වෙනුවෙන් මේඝාප්සරා විසින් ම ඉදිකරන ලද්දා වූ දෙවොලක් වෙතට ගියේ මේඝාප්සරා විසින්ම එය ඉදි කරන ලද්දේ යැයි නොදැන ය. හුදෙක් තම දෙවොල කුමනාකාර එකක් වේද යන්න බැලීමට තිබු කුතුහලය නිසාවෙන් එම දෙවොල වෙත ගිය ඈ ද්වාරය අසළට යන විටම ඒ අසළ සිටි අයෙක් ඇයට අනතුරු ඇඟවූ වාය.
"මේ දෙවොල මේඝාප්සරා කුමරිය විසින් ඉදි කරන ලද්දක්..ඔබ යාමෙන් ශාප ලැබිය හැකියි. එහෙයින් එහි නොයන්න. කුමරිය හැර වෙනත් කිසිවෙක් මෙහි යන්නේ නැහැ "
"ඒ කිමද ?"
"ඔබ නොදන්නෙහිද අපේ මහෝත්තම අධිරාජිණිය මරා දැමුවේ ඇය විත්තිය? ඇයම මරා දමා ඇයම දෙවොලක් ඉදි කර කුමන විකාරයක් ඇය කරන්නෙහිද මන්දා ! මා යනවා මෙහි අසළ සිටීමත් ශාප ලැබිය හැකියි." එසේ කියූ ගම වැසියා එතනින් නික්ම ගියේ ය. තමා හට ඒ වනවිටත් සිදුව තිබූ ශාපයන්ට අමතරව තවත් භායනක ශාපයන් කොයි කෙලෙසකින් වත් නොවෙන බව සිතූ අසංගනා දෙවොල වෙතට ගියා ය. ඇය එහි යනවිටත් දම් පැහැයට හුරු පුරුෂ වස්ත්රයන් ට සමානකමක් දැක්වූ වස්ත්ර හැඳ සිටි අයෙක් රනින් නිම කළ තම පිළිරුවක් අබියස දණින් වැටී සිටියා ය. දෙවොල සම්පුර්ණයෙන්ම ඉස්තරම් දැවයෙන් සාදා නිම කර රනින් සහ පලිඟු වලින්ද මාණික්යයන්ගෙන් ද නිමවා තිබිණ. කොයි කෙලෙසකින් වත් මේ දෙවොල වෙතට බැතිමතුන් නො ආවා සේම මෙහි වූ කිසිවක් සොරා ගැනීමට ද කිසිවෙක් ඉදිරිපත් නොවූනා ය. අසංගනා වෙනුවෙන් ඉදි කර තිබූ එකම දෙවොලකින් වත් බැතිමත් වන්දනාම කර නොයෙක දේ නොඉල්ලූ අතර එම දෙවොල් නිර්මාණයේ ඒකායන අරමුණ වී තිබුණේ අසංගනා වෙනුවෙන් නොනගිය හැඟී හඬවල් වලට ක්ෂමා යැදීමක් ලෙසටය. එහෙයින් තම කණගාටුව ප්රකාශ කිරීමට මෙන් ම තමා යම් වරදක් සිදු කල විට එය පාපොච්චාරණය කරන ස්ථානයක් බවටද එම දෙවොල් පත් විය.
YOU ARE READING
✔️මේඝාංගනා ⚔️ 𝕳𝖎𝖘𝖙𝖔𝖗𝖎𝖈𝖆𝖑 𝕲𝕷🦋
Historical Fictionමම කොහි සිටයත් සැමදා මගේ හදවත නුඹ සමඟයි... 💮💮💮 'ආදරය යනු හුදෙක් එක් වචනයක් පමණක් නොවේ..ආදරය යනු හුදෙක් හැඟීමක් පමණක්ද නොවේ..කෙනෙකුට එය ලෝකයක්..තව කෙනෙකුට එය ආත්මයක්..තවත් අයෙකුට එය මායාවක් කිසි දිනක නිදහස් වනු නො...