15 ⚔️

52 4 0
                                    

උත්පල සලකුණ අසංගනා ව ආරක්ෂා කරතැයි සිතුවේ වුවද මේඝාප්සරා හට පසු දින ආරංචි වූයේ අන් යමකි. ඒ ආරංචිය අනුව අසංගනා උත්පල සලකුණ නිසාවෙන්ම මිය ගොස් තිබිණ. මේඝාප්සරා ගේ ද්‍රෝහී වීම නිසා ඇති වූ හිත් වේදනාව හේතුවෙන් එම උත්පල සළකුණ රුහිරු පැහැයට හැරී අසංගනා ගේ බලයන් හීන කර තිබිණ. ඒ වනවිටත් ධ්‍යාන බලයන් බොහෝ වැය කර තිබු අතර එම උත්පල පුෂ්පයෙන් ඇති වූ වේදනාව දරා ගැනීමට නොහැකිව ඇය මිය ගොස් ය. සියල්ලන්ගේම දෑසින් මේ අසංගනා ගේ මරණය යනු තුන්ලොවම කම්පා කරවන්නකි. අසංගනා කෙරේ සැම දුක් වන්නා සේම මේඝාප්සරා කෙරෙහි අප්‍රසාදය ද වැඩි වන්නට විය. නමුත් කන්ඨ රජු හට වූ බිය නිසා ඔවුන් කැරලි කරන්නට හෝ අන් යමක් කරන්නට අපොහොසත් විය. 

අසංගනා ආරක්ෂා කිරීමට උත්පල පුෂ්පය අපොහොසත් වූ බව විශ්වාස කිරීමට මේඝාප්සරා අකමැති වුවා ය. කිමද යත් ඇය තම අමතර බලයක් එම අසිපත තුලට කාවැද්දූයේ අසිපත නිසා වූ තුවාලය, නාග විෂ නිසාවෙන් සිදු වූ අනතුරු ඇතුළු සියලුම දේවල් සඳහා ඖශධයක් වීමට ය. එය අසංගනා හට නොදැනෙන පරිදි ශරීරයට ඇතුළු වීමට සමත් වූයෙන් කිසි ලෙසකත් මෙවැන්නක් සිදු වීම මේඝාප්සරා හට කොයි කෙලෙසකින් වත් විශ්වාස කල නොහැකි විය. එම නිසා තමා විසින් දහසක් විරෝධතා මැද වෛශ්‍රව අසපුවට ගිය මේඝාප්සරා හට දකින්නට ලැබුනේ ශ්වේත වර්ණ වූ ඒ වෛශ්‍රව සිසුන්ගේ නිල ඇඳුම හැඳ ප්‍රධාන ශාලාව මාධ්‍යයේ වූ සයනක් වැන්නක් මත ප්‍රාණ නිරුද්ධව වැතිර සිටි අසංගනා වයි. කෙතරම් ඈ අවිශ්වාස කළේ වුවද ඈ අතින් අසංගනා මිය ගොස් තිබෙන්නේය. උත්පල පුෂ්පය අසිපත් පහරින් අසංගනා ව මුදවා ගන්න බව දැන සිටියත් ඈ නොදත් කරුණ වූයේ හිත වේදනාවන් නිසා උත්පල පුෂ්පයෙන් ලැබෙන මරණීය වේදනාවයි. තමා නිසා අසංගනා ඒ වේදනාවෙන් පීඩා විඳී බව මේඝාප්සරාගේ හදවත කුඩා කැබැල්ලක් වත් ඉතිරිව නොයන සේ බිඳ දැමුවේ ය. තමා සතුව උත්පල සලකුණ නොමැති හෙයින් ඉන් ලැබෙන මරණීය වේදනාව නොදැනුනද මේ සිදු වූ සියල්ලෙන් ඈ හට ලැබුන වේදනාව එම මරණීය වේදනාව හා සමාන විය. වෙනසකට තිබුණේ එම වේදනාවෙන් අසංගනා මිය යාමත් මේඝාප්සරා මැරී මැරී ඉපදීමත් පමණකි. 

✔️මේඝාංගනා ⚔️ 𝕳𝖎𝖘𝖙𝖔𝖗𝖎𝖈𝖆𝖑 𝕲𝕷🦋Where stories live. Discover now