08⚔️

83 10 6
                                    

අසංගනා මේඝාප්සරා නොමැති දින වල හදවතින් මිය යමින් ඉපදෙමින් තම හදවතේ එකම අයිතිකාරිය වූ ඒ ඇගේ උත්පල පුෂ්පය නැවත ඇය හමු වීමට එන තෙක් ඇය බලා සිටියා ය. අසපුව අසළ වූ ලඳු කැලය නොතිබෙන්නට අසංගනා කෙසේ දවසේ වූ හෝරාවන් ගෙවන්නට දැයි සිතාගනිමටවත් ඇයට නොහැකි තරමේ තනිකමක් පාළුවක් ඇගේ හදවත ආක්‍රමණය කර තිබුණි. ඈ කැළයට යන සෑම විටකම විහාර්ථ කුමරු ඇය පසුපස ගියත් ඇයගේ නිදහසට බාධා කරන්නට නොගියේය. විහාර්ථ කුමරු සැමදා ඇය පසු පස එන බව අසංගනා දැන සිටියේ වුවද ඔහුට කතා කරන්නට තරම් ශක්තියක් ඇයට ඉතිරිව නොතිබුණා ය. මෙසේ වනයට ගොස් නැවත පැමිණි අසංගනා හා විහාර්ථ හට අසපුව වෙත යන විශාල වූ ගල් පඩි පෙළ තරණය කර අවසානයේ ප්‍රධාන ද්වාරය හමුවේ වූ ඒ ඡායාව දැක ඔවුන් දෙදෙනා මදකට පඩි පේළියේ අවසාන පඩිය මත පාද ඉන් එහාට තබනු නොහැකිව නතර විය.

"අයියන්ඩි?" දෙදෙනාම එක වර ඒ පැමිණ සිටි පුද්ගලයා දෙස බලා ආමන්ත්‍රණය කළෝය.

ඒ ප්‍රධාන ද්වාරය ආක්‍රමනය කොට අසංගනා හා තම සොයුරු විහාර්ථ එන තුරු මග බල සිටි ඒ තැනැත්තා වූයේ වෛශ්‍රව මුණි ගේ වැඩිමහල් පුතු දේව්ධිර් කුමරුන් ය. රාජ්‍යයේ සේනාධිපති වූ ඔහු 'අසිපත් දරන්නා' *(1) ලෙස රාජ්‍යයේ ප්‍රචලිත විය. ඔහුගේ පරිඝෝෂ* (2)නම් වූ අසිපත නිතරම පාහේ ඔහුගේ සුරතෙහි රැඳී බැවින් අසිපත් දරන්නා ලෙස ලෙස එසේ ඔහුව හැඳින්වූ අතර ඔහුගේ කඩවසම් බව නොපරදා නැගුණු ඔහුගේ හැකියාවන් ඔහුව රාජ්‍යයේ සියල්ලන්ගේම පැසසුමට හා ගෞරවාදරයට ලක් වූයේ රාජ්‍යයේ සතුරන් සියල්ලෝම දේව්ධිර් කුමරු අබියස කිසිත් කර ගත නොහැකි අයවලුන් බවට පත් වෙද්දීය. දේවාධිරාජ්‍යයේ දේවත්ව තනතුරක් සඳහා ඔහුව තෝරාගෙන තිබු අතර මනු ලොව ඔහුගේ කාර්යභාරය අවසන් වූ පසුව අනාගත අධිරජිනියගේ සේවය පිණිස ඔහුව තොර පත් කර තිබුනේ දෛවය විසිනි. එය වෙනස් කිරීමට කිසිවෙකුට නොහැකි වූ අතර එය දේවධිරාජ්‍යයාට පවා කළ නොහැක්කක් විය. ඔහුට කෙතරම් අසංගනා ගේ දෛවය වෙනස් කර ඇයව ඔහු ලඟින් තබා ගන්නට අවැසි වුවත් එය කිරීමට ඔහු අසමත් විය.

විහාර්ථ කුමරුන් ද එසේ දේව මණ්ඩලයේ නිලයකට තෝරාගෙන තිබුණත් එතනින් පසු තෝරා පත් කර ගත කිසිවෙක් ගැන සඳහනක් වූයේ නැත. එමෙන්ම ඒ වූ දේව දරුවා ස්වර්ගයට අහිමි වීමත් සමඟ මිනිසුන් ට සහ දැනට සිටින දේව මණ්ඩලය හට ඒ අනාගත අධිරාජිණිය පිළිබඳව මුළුමනින්ම අමතක ව ගොස් තිබුණි. නමුත් වසර ගණනාවකට පසු ඒ අභියෝග කුසලතා තරඟයෙන් ලොවට පළමු වරට පෙනී සිටි ඒ දේව දරුවා නැවත මිනිසුන්ගේ කතා බහට ලක් විය. මනුලොව පාලකයා ගේ ඒ වූ දුෂ්ට ක්‍රියාව ජනතාව කොතරම් හෙළ දැකුවේ වුවත් ඊට එරෙහිව කිසිත් කියන්නට තරම් එඩිතර බවක් ජනතාව තුල නොවූයේ එසේ එරෙහි වූ කිසිවෙක් අධිරජු විසින් ඇත නොහැරී බැවිනි. දේවාධිරජු වුවද තමන්ගේ බිරිඳ වෙනුවෙන් පාලි ගැනීමට කොතෙක් සිතුවද එයින් ජනතාවට සිදු වන පීඩාව නිසා කිසිත් කරනු නොහැකිව නිවටයෙක් සේ සිටියේ ය. ඔහුගේ මිනිසුන් කෙරේ වූ අප්‍රමාණ කරුණාව නිසා ඔහුගේ බිරිඳ වෙනුවෙන් පලි ගැනීමට වත් නොහැකි බව මනුෂ්‍යන් දන සිටි බැවින් ඔවුන්ගේ හදවත් තුළද වූයේ ඒ පිළිබඳව අප්‍රමාණ කණගාටුවක්. එහෙත් නිති පතා ඔහු වෙනුවෙන් ඉදි කල දෙවොලන්හි ඔහු හට නමස්කාර කොට සුවඳ කූරක් දල්වා තම ස්තුතිය පුද කරනු මිස මිසක කළ හැකි අන් යමක් ඔවුන්ට නොවිය. එහෙයින් අධිරාජිනිය ගේ සහ ඔවුන්ගේ දියණියගේ පැමිණීම මිනිසුන්ගේ හදවත් තුළ වූ ඒ පසුතැවීම මදකට පහව ගියත් මනු ලොව අධිරජු මේ ආරංචිය ඉවසනු නොහැකිව කුමක් කරාවිදැයි බියක් ඔවුන්ගේ සිත් තුල තිබුණි.

✔️මේඝාංගනා ⚔️ 𝕳𝖎𝖘𝖙𝖔𝖗𝖎𝖈𝖆𝖑 𝕲𝕷🦋Onde histórias criam vida. Descubra agora