මේඝාප්සරා ගේ හසුන රැගෙන තම කුටිය වෙතට දුව ගිය අසංගනා මේඝාප්සරාගේ සයනය මත හිඳ එය ප්‍රවේශමෙන් දිග හැර කියෙව්වා ය. එහි වූයේ මේඝාප්සරා පසු දිනයේ සල් පිළට පැමිණ අසංගනාව මුණ ගැසෙන බවයි. හෝරාව සමඟ නිශ්චිත ව ස්ථානය සඳහන් කර තිබූ ඒ හසුන අවසානයේ 'ඔබේ මේඝා' යනුවෙන් සඳහන් කොට තිබුණත් එම හසුන නිල රාජකාරියක් සඳහා ලියන ලද පණිවිඩයක් සේ දිස් වුණි. කිසි දිනක ආලය කර හෝ හදවත විවර කර නොතිබූ මේඝාප්සරා ගෙන් හසුනක් ලැබීම ද වටින්නේ ය. එහෙයින් හසුන ලියා තිබූ ආකාරයට මද සිනහවක් පෑ අසංගනා එය ප්‍රවේශම් සහගත ස්ථානයකින් තබා කුටියෙන් පිටතට ගියේ විහාර්ථ හමු වීමට ය. සල් පිලට අසංගනා හට තනිව නොයෙන ලෙස මේඝාප්සරා ඉල්ලා තිබූ බැවින් හා අංකිතා තම නිවසේ කටයුත්තකට බැහැර ගොස් සිටි නිසාත් ඇය හට ඉතිරිව සිටියේ විහාර්ථ පමණකි.
විහාර්ථ අසංගනා සමඟ සල් පිළට එන්නට එකඟ වූ අතර ඒ අනුව පසු දින මේඝාප්සරා ලියා ඒවා තිබු හෝරාවට ප්‍රථම එම ස්ථානය වෙතට ඔවුන් දෙදෙනා ගියෝ ය. පැවසූ හෝරාවටම එම ස්ථානයට මේඝාප්සරා පැමිණි අතර අසංගනා අසළට ඈ පැමිණි විට ඇය පැළඳ සිටි මුව ආවරණය ඉවත් කළ අතර එම ක්ෂණයේම ඇය අසංගනා ව වැළඳ ගත්තේ විහාර්ථ එතනින් ඉවත් ව යද්දී ය. ඒ වැලඳ ගැනීම හමුවේ ඔවුන් ප්‍රේමයේ ශුද්ධ වූ සංකේතය නිලුපුල්, දිලිසෙන සමනලුන් මතු වෙන්නට පටන් ගත අතර ඔවුන් අසංගනා සහ මේඝාප්සරා වටේ පියාඹන්නට විය.
"මාගේ ශ්වේත පිච්ච මල...මට සමාවන්න ඔබ හට හසුනක් මින් පෙර එවන්නට නොහැකි වුවාට. සුහාධ සේනාධිපති මාළිගයට පැමිණි අවසරයෙනුයි මා හසුනක් එවූ යේ."
"ඊට කම් නොවේ මේඝා. මේ සැම මා නිසයි. මට අවැසි නොවූවා නම් දේවාධිරජු සමීපයේ ශිල්ප, ධ්යානවේදයන් දැක්වීමට මේ කිසිත් මෙසේ නොවීමට තිබුණා "
"පිච්ච මල...එය එසේ නොවේ. ඔබ නොමැති වුවත් විහාර්ථ මා පරාජය කරන්නට ඉඩ තිබුණා. ඔබේ හැකියාවන් ලොවට පෙන්වීම අගනේයි. ඔබ නැවත අසපුවේ සැමගේ සමච්චලයට ලක් වන අසංගනා නොවනු ඇති."
ඒ වාක්‍යත් සමඟ මේඝාප්සරා ව වැලඳ ගත් අසංගනා දෙනෙත් පියා මේඝාප්සරා හට තුරුල් වී සිටියේ ය. අසංගනා ගේ ලෝකයේ සිටි මේඝාප්සරා හට වත් අසංගනා හටවත් ඔවුන් දෙස බලා සිටි පුද්ගලයා නොපෙනුණි. අසංගනා සහ මේඝාප්සරා හට කාලය ගත කරන්නට ඉඩ දී එතනින් නික්ම ගිය විහාර්ථ වත් එම පුද්ගලයා නොදුටුවේය.
YOU ARE READING
✔️මේඝාංගනා ⚔️ 𝕳𝖎𝖘𝖙𝖔𝖗𝖎𝖈𝖆𝖑 𝕲𝕷🦋
Historical Fictionමම කොහි සිටයත් සැමදා මගේ හදවත නුඹ සමඟයි... 💮💮💮 'ආදරය යනු හුදෙක් එක් වචනයක් පමණක් නොවේ..ආදරය යනු හුදෙක් හැඟීමක් පමණක්ද නොවේ..කෙනෙකුට එය ලෝකයක්..තව කෙනෙකුට එය ආත්මයක්..තවත් අයෙකුට එය මායාවක් කිසි දිනක නිදහස් වනු නො...