'නුඹට ඇසුණ දේ තමා!' එය එසේ වුවත් එය පිළිගැනීමට අසංගනා පකිලුනා ය. මේඝාප්සරා ගේ උත්පල සලකුණ කුමක් ද එයට සිදු වූයේ? අසංගනා ගේ හදවත පැනයන් ගෙන් පිරී යද්දී ඇයගේ අවධානය ගිලිහී මනුලොව සෙබලාගේ අසිපත් පහරක් නොකෑවේ අනූ නවයෙනි. එයත් විහාර්ථ ට පින් සිදු වන්නට ය.
කෙසේ හෝ කන්ඨ රජු දිර්ඝායුෂ අගුල ක්‍රියාත්මක කර දේව ඝාතක පුෂ්පය ගන්නට සැරසෙද්දී අසංගනා ගේ මව ගොස් ඔහුව වළක්වා ලන්නට ඔහු හා සටන් වැදින.
"දීර්ඝායුෂ අගුල? මෙය වසර සියයකට ආසන්න කාලයක් අතුරුදහන් ව පවතී දෙයක්. කන්ඨ රජු ට කොහින්ද එය ??" අංකිතා සෙබළුන් දෙදෙනෙකු හා සටන් කරන අතරතුර දී එසේ විස්මය පල කළා ය.
නමුත් එය දිර්ඝායුෂ අගුල කොහෙන් ආවා ද? කන්ඨ රජු හට කොහින්ද? ඔහුට කවුරුන්ද මෙය දුන්නේ යන ඒවා පිළිබඳව සිත සිතා සිටිය හැකි හැකි කාලයක් නොවිය. දිර්ඝායුෂ අගුල ක්‍රියාත්මක කිරීමට නම් අමරණියෙකු හෝ අමරණීය භාවයට දෛවය සහ ස්වර්ගය විසින් තෝරාගන්නා ලද දේව මණ්ඩලයේ කිසිවෙකු විය යුතුය. එසේත් නොමැති නම් අනාගත ස්වර්ග දේව මණ්ඩලයේ පිරිසට එය ක්‍රියාත්මක කළ හැකි විය. එහෙයින් අන්කිතා සහ විහාර්ථ ගේ පළමු සැකය සටන අතරතුරේදීම යොමු වුනේ මේඝාප්සරා හට ය. නමුත් ඒ වනවිටත් ක්‍රියාත්මක ව තිබූ දිර්ගායුෂ අගුලේ බලයෙන් ඇයට මේඝාප්සරගේ ධ්‍යාන බලය සංවේදනය නොවුනි. කෙසේ වුවත් මේඝාප්සරා හා අසංගනා වූයේ ද්වන්ද සටනකය. ඔවුන් අතර සටනට කිසිම මනුලොව සෙබලෙක් නොඒමට මේඝාප්සරා වග බලා ගත්තා ය. අසුරයන් ද ඔවුන් දෙදෙනා අතරට නොආවෝය. අසංගනා ගේ මවවුයේ කන්ඨ රජු හා ද්වන්ද සටනකය. අසංගනා ගේ මව දීර්ඝායුෂ අගුල කෙසේ හෝ ක්‍රියා විරහිත කර දේව ඝාතක පුෂ්පය රඳවා තිබූ බාධකය සවිමත් කරන්නට පටන් ගත දුටු අසංගනා එක හස්තයකින් මේඝාප්සරා හා සටන් කරද්දී අනෙක් හස්තයෙන් තම ධ්‍යාන බලයන් භාවිත කොට තම මවට සහය විය. මේ සියල්ල කොයි කෙලෙසකින් වත් එසේ වීමට අකමැති වූ කන්ඨ රජු තම යුධ ඇඳුමේ සඟවා සිටි නාග විෂ ගෙන අසංගනා ගේ මව වෙත එය තැවරූ අසිපතෙන් පැමිණ පහර දුන්නේ අසංගනා ඉදිරිපිටම ය.
YOU ARE READING
✔️මේඝාංගනා ⚔️ 𝕳𝖎𝖘𝖙𝖔𝖗𝖎𝖈𝖆𝖑 𝕲𝕷🦋
Historical Fictionමම කොහි සිටයත් සැමදා මගේ හදවත නුඹ සමඟයි... 💮💮💮 'ආදරය යනු හුදෙක් එක් වචනයක් පමණක් නොවේ..ආදරය යනු හුදෙක් හැඟීමක් පමණක්ද නොවේ..කෙනෙකුට එය ලෝකයක්..තව කෙනෙකුට එය ආත්මයක්..තවත් අයෙකුට එය මායාවක් කිසි දිනක නිදහස් වනු නො...