🦋🦋🦋🦋🦋🦋🦋🦋🦋🦋🦋🦋🦋
මීට වසර දහස් ගණනකට පෙර මුළු තුන්ලොවටම බිහිවූ විශිෂ්ඨතම අධිරාජිණියගේ කතාවයි මේ....මනුලොව, දෙව්ලොව, යක්ෂ ලොව ලෙස එකල්හි ලෝකයන් තුනක් තිබුණි. ඒ තුන්ලොවටම අධිපති අධිරාජ්‍යයෙකු විය. ඔහුගේ බිරිඳ මනුලොව රජු අතින් මිය යන්නේය. නමුත් ඔහු තුන්ලොවටම අධිපති බැවින් ලෝක තුනෙහි සාමය උදෙසා ඔහුට කිසිවක් කරගත නොහැකි විය. ඔහුගේ දියණියව තමන් අසළ තබා ගැනීමටවත් ඔහුට නොහැකි විය. යක්ෂ ලොවේ පාලකයා මනුලොව පාලකයාට වඩා සැබැවින් ම කරුණාවන්ත විය. වැඩි කලක් නොගොස් මනුලොව සහ දෙව්ලොව අතර ගැටුම් ඇති විය. යක්ෂයන්ගේ පාලකයා දෙව්ලොව හා එක් විය.
⚔️අසංගනා
අසංගනා යනු වෛශ්‍රව අසපුවේ ශිෂ්‍යාවකි. ඇගේ කුඩා කල සිට මිතුරිය අංකිතා සමඟ ඇය නිතරම කෙලි දෙලෙන් සිටියේය. ජීවිතය ගැන, ශිල්ප ගැන, ධ්‍යාන පිළිබඳව ඇගේ අංශු මාත්‍ර උනන්දුවක් නොතිබුණි. තමාටම කියා කඩුවක් තිබුණද ඇය එම කඩුව භාවිතා කර නොමැත. තම මව පියා හෝ පෙලපෙත පිළිබදව කිසිඳු දෙයක් ඇය දැන නොසිටියාය. ඇය ඒවා දැනගැනීමට උත්සහ දරා ද නැත.⚔️මේඝාප්සරා
එකල මනුලොව පාලනය කලේ කණ්ඨ නම් රජෙකි. ඔහුගේ එකම දියණිය වූ මේඝාප්සරා අනාගත රජ කිරුළට හිමිකම් කියයි. කිසිවෙකු හා සිනාසී නැති ඇය අනෙක් කාන්තාවන් මෙන් සියුමැලි අයෙක් නොවීය. සාමාන්‍ය කාන්තාවන් සේ ලතාවට ඇය අඩි නොතැබුවාය. ඇයගේ සටන් හැකියාවට සහ ධ්‍යාන හැකියාවට අභියෝග කිරීමට සමත් අයෙක් එතෙක් ඒ තුන්ලෝකයේම සිටියේ නැත. මේඝාප්සරා කිසි දිනක කාන්තාවන් පළඳින ආකාරයේ වස්ත්‍ර හැඳ නැත. පුරුෂයන්ගේ සේ නිර්මාණය කල ඇඳුම් පමණක් ඇය පැළඳියාය.⚔️අංකිතා
අසංගනාගේ හොඳම යෙහෙළියයි. ඇය අසංගනා මෙන් නොව ධ්‍යාන, සටන් ශිල්ප මැනවින් ප්‍රගුණ කළ අයෙක් විය. අසපුවේ දැනට සිටින දක්ෂතම ශිෂ්‍යාව ඇය විය. ඇයටද කාන්තාවන්ගේ මෙන් සියුමැලි ශරීරයක් නොතිබිණ. ඇය නිතරම ඇන්දේ පුරුෂයන්ගේ මෙන් වස්ත්‍රය.⚔️අභය
වෛශ්‍රව අසපුවේ දක්ෂතම ශිෂ්‍යා ඔහුය. අසංගනාගේ මිත්‍රයෙක් සේම වෛශ්‍රව මුනිගේ බාල පුතුය.
KAMU SEDANG MEMBACA
✔️මේඝාංගනා ⚔️ 𝕳𝖎𝖘𝖙𝖔𝖗𝖎𝖈𝖆𝖑 𝕲𝕷🦋
Fiksi Sejarahමම කොහි සිටයත් සැමදා මගේ හදවත නුඹ සමඟයි... 💮💮💮 'ආදරය යනු හුදෙක් එක් වචනයක් පමණක් නොවේ..ආදරය යනු හුදෙක් හැඟීමක් පමණක්ද නොවේ..කෙනෙකුට එය ලෝකයක්..තව කෙනෙකුට එය ආත්මයක්..තවත් අයෙකුට එය මායාවක් කිසි දිනක නිදහස් වනු නො...