කෙසේ වෙතත් තම මවගේ මරණයේ පලිය ගැනීමට ඉටා ගෙන සිටි අසංගනා මාළිගය වෙත ගියේ මේඝාප්සරා ගේ ප්‍රධාන ආරක්ෂක තනතුර සඳහා වූ පරීක්ෂණය සඳහා සහභාගී වීමට ය. ඒ මොහොතේ මාළිගයට ඇතුළු වීමට තිබූ හොඳම ක්‍රමවේදය එය වූ අතර එම තනතුර තමා වෙනුවෙන් ලබා ගැනීමට ඇය උත්සුක විය. ඉන් මේඝාප්සරා හට ආරක්ෂාව සැලසේද නැද්ද යන වග ට වඩා තමන් මවගේ පලිය ගැන පමණක් සිතන බව තමාගේ සිතට අසංගනා කිහිපවරක් ම පවසා ගෙන තිබිණ.
ඒ අනුව තරඟ භුමිය වෙත මාළිගය මැදින් ඇවිද ගිය අසංගනා වටපිටාව නරඹන්නට වූයේ මින් පෙර කිසිදිනක අසංගනා මාළිගා ද්වාරයෙන් මෙපිටට පැමිණ නොමැති නිසාවෙනි. ඒ වනවිටත් බොහෝ සෙනඟ එහි රැස් ව සිටි අතර පෙර වූ වෛශ්‍රව අසපුවේ කුසලතා තරඟය මෙන් අසංගනා මේ තරඟයට ද තරමක් ප්‍රමාද විය. එහෙත් තමා පෙරදී තම නාමය ඉදිරිපත් කර නාම පුවරුවක් ලබා තිබූ හෙයින් ඇය හට තරඟ වැදීමේ අවස්තාව ලැබිණ. තරඟයෙන් තෝරා පත් කර ගන්නේ මේඝාප්සරා ගේ ප්‍රධාන ආරක්ෂකයා වුවද මේඝාප්සරා හැරෙන්නට අන් සියල්ලෝම එහි විය. අසංගනා ගේ මරණය ත් සමඟ කිසිඳු බාහිර ලොවේ කටයුත්තක් කෙරෙහි ඇගේ අවධානය යොමු නොවූ අතර ඈ හුදෙක් අසංගනා අපේක්ෂාවෙන් කල් ගෙවී ය. අතවශ්‍ය යමක් හැරෙන්නට ඇගෙන් කිසිඳු රජ පාලන කටයුත්තක් සිදු නොවින. එමෙන්ම කන්ඨ රජු තවමත් ඔහුගේ තුන් ලොවේ අධිපති වීමේ සිහිනය අත් හැර දමා නැත.
කොයි අත බැලුවත් තරංග වදින්නට පැමිණ තිබූ සද්ධන්ත පුද්ගලයන් විය. කාන්තාවකට කියා වූයේ ද අසංගනා පමණකි. දුටු පමණින් නම් ඒ සද්ධන්ත සියල්ලටම අසංගනා ව සිය අංගුලිකා වලින් විසි කල හැකි විය. එහෙත් සැබවින්ම මේ නම් ඒ අධිරාජිණිය විය. සද්ධන්ත වුවත් ශරීරයේ තරමට වත් මොළයක් නොතිබූ ඒ ප්‍රතිවාදීන් එකින් එක පරාජය වෙද්දී ඇය අවසාන ප්‍රතිවාදියා ව බිම දැමුවේ ප්‍රතිවාදීන්ගේ ලෙයින් අසංගනා නැහැවී සිටියදී ය. එය ඇගේ සුන්දර වූ මුහුණට බයංකාර පෙනුමක් එක කළේ වුවද කොතරම් රුදුරු වුවත් ඇය දෙසටම සියල්ලන්ගේම අවධානය යොමු වී තිබිණ. ඇය ශිබිකාව දෙසට එන විට අවඥාවෙන් බැලූ, අවඥා සහගත දෑ කියූ සියල්ලෝම ඒ මුව වලින් ම අසංගනා හට ප්‍රීති ඝෝෂා කරන්නට විය. මිනිස්සුන්ගේ ස්වභාවය එය විය. අසංගනා හට ඒ සියල්ල හුරුය. අසපුවේ දී ඒ සා අවඥාවට ලක් ව සිටි ඈ එක රැයකින් සියල්ලොගේම පැසසුමට ගෞරවාදරයට පත් විණ. එක රැයකින් සියල්ලොගේම අනුකම්පාවට භාජනය විය. අසංගනා හට එය අත්‍යන්තෙය්න් විකාරරූපි නාටකයක් බඳු විය.
YOU ARE READING
✔️මේඝාංගනා ⚔️ 𝕳𝖎𝖘𝖙𝖔𝖗𝖎𝖈𝖆𝖑 𝕲𝕷🦋
Historical Fictionමම කොහි සිටයත් සැමදා මගේ හදවත නුඹ සමඟයි... 💮💮💮 'ආදරය යනු හුදෙක් එක් වචනයක් පමණක් නොවේ..ආදරය යනු හුදෙක් හැඟීමක් පමණක්ද නොවේ..කෙනෙකුට එය ලෝකයක්..තව කෙනෙකුට එය ආත්මයක්..තවත් අයෙකුට එය මායාවක් කිසි දිනක නිදහස් වනු නො...