"චඃ! ඔබ නම් දැන් සැබෑම අවතාරයක්!"
එසේ අසංගනා ගේ ආත්මීය බලයේ ඉතිරි අර්ධය ඇයගේ ශරීරය සොයා සොහොන් භූමියට පැමිණ තිබුණි. එම රජතම ය ආත්මීය බලය පස් අතරින් කිමිද වල දමා තිබු අසංගනා ගේ සිරුර තුළට ගියේ මහා සද්දෙන් පුපුරා ගිය අකනයක් මාධ්‍යයේ දී ය.
වසර නවයකට පසු
අසංගනා ගේ මරණයෙන් පසු මේඝාප්සරා ගෙවී ගිය නව වසර පුරාවටම අසංගනා නැවත පැමිණේවි යැයි අපේක්ෂාවෙන් බලා සිටියා ය. හැකි සෑම විටම වෙස් වලාගෙන ඇය හා ගත කල ස්ථාන වලට ගිය මේඝාප්සරා කිසි විටකත් ඇගේ ඒ සුන්දර මතකයට මියෙන්නට ඉඩ නොදුන්නා ය. සැබවින්ම ආලය තිබූයේ ඔවුන්ගේ හදවත් මත තිබූ උත්පල සලකුණේ නොවීය. ඔවුන්ගේ හදවත් තුළ ය.
එසේ වෙස් වලා ගෙන සල්පිලට ගිය මේඝාප්සරා ජනයා පිරී ඉතිරි ගිය විදියක ඔහේ ඉබා ගාතේ ඇවිද යමින් සිටියා ය. ජනයා කලබලයෙන්, ප්‍රීතියෙන් ඔබ මොබ ගියද මේඝාප්සරා පමණක් වීදියේ ඉබා ගාතේ ඇවිද ගියා ය. එසේ ඇවිද යන අතරේ කාල වර්ණ වස්ත්‍රයක් හැඳ ගත් මුහුණ වැසෙන්නට සේලයක් සහ හිසට විශාල වියන ලද හිස් වැස්මක් දමා සිටි අයෙක් මේඝාප්සරා පසු කර ගියා ය. ඇය පසු කර යනවිට මේඝාප්සරා ගේ නහයට දැනුනේ නිලුපුල් සුගන්ධයකි. මේඝාප්සරා පසු පස හැරී බැලුවද වීදියේ වූ ජනකාය හේතුවෙන් ඇයව මඟ හැරී තිබිණ. එහෙයින් ඈ නැවත ඉදිරියට ගමන් කළා ය. එම කාල වස්ත්‍ර දැරී පුද්ගලයා ය හරි බැලුවේ වුවද ඇයට ද ඇති විශාල වූ ජනකාය හේතුවෙන් මේඝාප්සරා ව නොපෙනුණු බැවින් ඇයද තමා යන්නට ආ දිශාව දෙසට ගියා ය.
කාල වස්ත්‍රධාරිනිය සල්පිල පසු කොට වෛශ්‍රව අසපුව වෙත ගොස් අසපුවේ ප්‍රධාන ද්වාරයට පහල පිහිටි සොහොන් භුමිය වෙත ගියා ය. සොහොන් කොත් කිහිපයක් පසු කොට සොහොන් භුමිය මැද්දෙන් ඇය ඇවිද යන විට ඇගේ දිගු වස්ත්‍රය සොහොන් භුමියේ වූ කුඩා පැලෑටි අතර දැවටෙමින් වස්ත්‍ර ධාරිනිය පසු පස ඇදෙන්නට විය. සොහොන් භුමියේ වූ සමන්පිච්ච මල් ගස් කිහිපය නිසා හැමූ සුගන්ධය සොහොන් භුමියේ වූ මලානික ස්වභාවය තරමක් නැති කර දැමීමට සමත් ව තිබුණි. එම එක සමන්පිච්ච ගසකින් වැටුණු හොඳින් පිපුණු සමන්පිච්ච පුෂ්පය තම හස්තයට ගෙන තම නාසය අසලට ගෙන එහි සුගන්ධය විඳි ඇය එම පුෂ්පයත් අතැතිව සොහොන් භුමියේ කොනක වූ සොහොන් කොත වෙතට ගියා ය. හිස ඔසවා ගල් පුවරුවකින් නිමවා තිබූ සොහොන් කොතේ සඳහන් ව තිබූ නාමය කියවා සුසුමක් හෙළූ ඇය තම අත වූ සමන්පිච්ච පුෂ්පය සොහොන් කොතට යටින් වූ ගල් පඩිය මතින් තැබූවා ය. දසත හැමූ මද නලට ඇගේ දිගු වස්ත්‍රය තාලයට නැළවුණු අතර තරමක් කැරළි ගැසුණු දිගු කාල වර්ණ අගේ හිස කෙස් ද මදනලේ තාලයට අවනත ව නැලවින. මද පවන නිසා පඩිය මත තැබූ සමන්පිච්ච මල ඔහේ පාවී යද්දී එය අල්ලා ගන්නට ඇය වෙර නොදැරුවා ය.
YOU ARE READING
✔️මේඝාංගනා ⚔️ 𝕳𝖎𝖘𝖙𝖔𝖗𝖎𝖈𝖆𝖑 𝕲𝕷🦋
Historical Fictionමම කොහි සිටයත් සැමදා මගේ හදවත නුඹ සමඟයි... 💮💮💮 'ආදරය යනු හුදෙක් එක් වචනයක් පමණක් නොවේ..ආදරය යනු හුදෙක් හැඟීමක් පමණක්ද නොවේ..කෙනෙකුට එය ලෝකයක්..තව කෙනෙකුට එය ආත්මයක්..තවත් අයෙකුට එය මායාවක් කිසි දිනක නිදහස් වනු නො...