වෛශ්‍රව අසපුවේ වි සියලුම වි ශිෂ්‍ය ශිෂ්‍යාවන් වනාහී අසිපත් සටන්, මනස දියුණු කිරීම වැනි විෂයන් උගත යුතු විය. හැරත් වෛශ්‍රව අසපුවේ ශිෂ්‍යයන්ගෙන් මෙම හැකියාවන් පිටත ලෝකය අපේක්ෂා කලේය. වෛශ්‍රව අසපුවේ හැකියාවන් පිලිබඳ පිටත ලෝකයේ සියල්ලෝම ඉතා ඉහළින් වර්ණනා කළේය. එම පැසසුම් සියල්ලම ඔබින අයුරින් වෛශ්‍රව සිසුන් තම හැකියාවන් පිටත ලෝකය හමුවේ තහවුරු කර තිබුණි. වෛශ්‍රව අසපුවේ වර්තමාන සිසුන් ද එම පැසසුම් වලට ඔබින මට්ටමක සිටියෝය. නමුත් අසංගනා යනු ඉන් වෙනස් අයෙක් විය. කුඩා කළ සිටම වෛශ්‍රව අසපුවේ සිටියද ඈ කිසිවෙකු සමඟ සටන් කර ජය ලබා තිබුණේ නැත. කිසි දිනක මානසික පුහුණුවීම් කලේද නැත. තම හැකියාවන් පිටත ලෝකය හමුවේ පෙන්වන කිසිදු අභියෝග කුසලතා තරඟය සඳහා සහභාගී වී නැත. වාර්ෂිකව පවත්වන එම තරඟයට අවුරුදු දහ හතක් පමණ වූ ඇගේ ජීවිත කාලය පුරා කිසිදු දිනක ඈ සම්බන්ධ ව නොතිබුණාය.
මේඝාප්සරාගේ ප්‍රථම පුහුණුවීම් සඳහා ඇය ලහි ලහියේ සූදානම් ව පන්තිය වෙත යනු අසංගනා බලා සිටියාය. වෙනදාට මේම පුහුණුවීම් සඳහා යාමට කිසිඳු උනන්දුවක් නොදැක්වු අසංගනා එදින එම පුහුණුවීමට යනු අංකිතා බලා සිටියේ විස්මයෙනි. ප්‍රථම පුහුණුවීම මේඝාප්සරා හට බොහෝ පහසු එකක් විය. වෛශ්‍රව ශිෂ්‍යයන් බොහෝ දෙනා පරදා ඇය ජයග්‍රහණය කළාය. පුහුණුවීම් කරන එළිමහන් පිටිය අසල වු ගසක් යටට වී මේඝාප්සරාගේ සටන් හැකියාව තනිවම අධ්‍යනය කල අසංගනා මේඝාප්සරාගේ හැකියාවන් කිසිවෙකුට නොඇසෙන සේ වර්ණනා කළාය. මේඝාප්සරා බොහොමයක් වෛශ්‍රව ශිෂ්‍යයන් පරාජය කිරීම හමුවේ කිසිවෙක් තමන්ගේ හැකියා තහවුරු කිරීමට ඈ හට අභියෝග නොකළෝය. ඒ හේතුවෙන් මේඝාප්සරා හට අහියෝග කිරීමට තවත් ශක්තිමත් අයෙකුගේ පැමිණීම අවැසි විය.
"මේඝාප්සරා කුමරියනි, මම ඔබට අභියෝග කරනවා හැකි නම් මා පරාද කොට පෙන්වන්න!!" ගුවනින් පැමිණ පොලොවට පාද තබමින් එසේ කියූ පුද්ගලයා වෙත සියල්ලෝගෙම අවධානය යොමු විය. ගුවනේ ගමන් කළ ආකාරයෙන් ම ඔහුගි හැකියාවන් මනා සේ පිළිබිඹු විය. උරහිසට වන්නට වැවී තිබු එක රැල්ලක් වත් නොතිබූණු කොණ්ඩයක් හිමි ව තිබූ ඔහු දේහධාරී තළ එළළු සමක් තිබු දිගු ඇසිපිය ඇති තියුණු දෙනෙතක් ද පුළුල් නලල් තලයක් හිමි ව තිබූ කඩවසම් තරුණයෙක් විය. විසි හැවිරිදි වු ඔහු වෛශ්‍රව මුණිගේ බාල පුතු විය. පොලොවට බැසි පසු ඔහු ඈත සිට පිටිය දෙස බලා සිටි අසංගනා හට සිනහවක් පෑ ඔහු දෑසින් ඈ හට සන් කර කියා සිටියේ 'බලන් හිදින්න මෙම සටන මා ජය ගෙන පෙන්වන්නම්' යනුවෙන් කියන්නට මෙනි. මේඝාප්සරා එම දෑස් වලින් සිදුවූ පණිවිඩ හුවමාරුව දුටුවාය. අමුතු ගින්නකින් තම හදවතේ කොහේ හෝ කොනක් දැවෙනු ඇය හට දැනෙද්දී ඈ තද කොට තම අසිපත අල්ලා ගත්තාය.
YOU ARE READING
✔️මේඝාංගනා ⚔️ 𝕳𝖎𝖘𝖙𝖔𝖗𝖎𝖈𝖆𝖑 𝕲𝕷🦋
Historical Fictionමම කොහි සිටයත් සැමදා මගේ හදවත නුඹ සමඟයි... 💮💮💮 'ආදරය යනු හුදෙක් එක් වචනයක් පමණක් නොවේ..ආදරය යනු හුදෙක් හැඟීමක් පමණක්ද නොවේ..කෙනෙකුට එය ලෝකයක්..තව කෙනෙකුට එය ආත්මයක්..තවත් අයෙකුට එය මායාවක් කිසි දිනක නිදහස් වනු නො...