10⚔️

78 6 10
                                    

" අසංගනා ඔබ දකින සියල්ලක්ම සත්‍ය නොවේ...ඕනෑම දෙයක යටි අරුතක් තිබිය හැකියි"

සුවන්ධිකා ගේ එම වැකිය සමඟ දොර අභියස මදකට නතර වූ අසංගනා එහි වූ අරුත සොයන්නට මහත් වෙහසක් දැරීය. තම මානසික හැකියාවන් භාවිතා කර සුවන්ධිකා ගේ මනස කියවීමට මත්තෙන් ඈ පිටව ගිය හෙයින් සහ මේඝාප්සරා හමු වීමට යාමට ප්‍රමාද වන හෙයිනුත් ඇයට එම කාරණය මදකට පසෙකලා විහාර්ථ සහ දේව්ධීර් සමඟ සල් පිල වෙතට ගියා ය. පෙර දිනයේ මෙන් සල්පිලට පැමිණි මේඝාප්සරා හා අසංගනා හට රිසි සේ කතිකා කරන්නට ඉඩ දී විහාර්ථ සහ දේව්ධීර් පසෙකට විය. දේව්ධීර් සල්පිලෙන් ආහාරයට කජු මද ගන්නට ගිය අතර විහාර්ථ අසංගනා සහ මේඝාප්සරා ට අසලින් වූ හිස් කඩ සාප්පුවක බැම්මට හේත්තු වී සිටියේය.

"මා නිසා ඔබ හට බොහෝ සෙයින් කරදරයි නොවෙද මේඝා?"

"ආලය වෙනුවෙන් මා කරන කිසිවක් මට කරදර නොවේ."

"ඔබ හට කෙදිනක හෝ රජකුමරෙක් විවාහ පත් කොට ගෙන මගෙන් ඉවතට යන්නට සිදුවේවිද මේඝා?" අසංගනා තම මුහුණ බිමට හරවා මේඝාප්සරාගෙන් එසේ අසද්දී එම බිය මේඝාප්සරා ගේ හදවත ද පසාරු කොට ගෙන මනස දෙසට ඇදෙන්නට විය. එය හුදෙක් අනියත බියක් වුවත් සැබෑවක් වුවත් එය එසේ වුවහොත් මේඝාප්සරා නිසැකයෙන් අසංගනා ව රාජ්‍යත්වයට ඉහලින් තෝරා ගන්නා බව පැහැදිලි කරුණක් සේ දිස් විණ. බිමට හැරවී තිබූ අසංගනාගේ මුහුණ තම සුරතින් ඉහළට ඔසවා තම දෑස් හා ඇගේ දෑස් ගැටෙන්නට සැලැස්වු මේඝාප්සරා අසංගනාගේ දෑස දෙස එක් විශ්වාසවන්ත බැල්මක්, ආලය උතුරන බැල්මක් හෙලීය.

"අසංගනා, සංගීතයට සප්ත ස්වරයන් තිබෙනවා. නමුත් මගේ හදට ඇත්තේ එක් ස්වරයයි... ඒ ඔබ පමණයි. "  අසංගනා මේඝාප්සරා ගේ ඒ වැකිය නිසා තම මුවට නැගුනු මදහසින් යුතුව මේඝාප්සරා හට තවත් තුරුල් විය.

මේ අතර ඔවුන් ගේ මේ හමුව පෙරදිනයේ මෙන් බලා සිටි ඒ පුද්ගලයා අසංගනා ගේ සහ මේඝාප්සරාගේ හමුව සැල කරන්නට ආපිට යන්නට සැරසෙද්දී යමෙක් ඔහුගේ හස්තයේ වැලමිටෙන් අල්ලා ගෙන ඔහුව නවතා ලීය. ඔහුගේ වැලමිටෙන් හදිසියේ අල්වා නවතා ගැනීම නිසා පැළඳ සිටි ලෝගුව ඔහුගේ හිසෙන් ඉවත් වූ අතර ඔහුගේ මුහුණ ඔහුව අල්වා ගත් පුද්ගලයාට සහ අල්වා ගත පුද්ගලයට ඔහුගේ මුහුණත් හොඳින් පෙනින. ඒ වැලමිටෙන් අල්වා නවත්වා ගත පුද්ගලයා දේව්ධිර් වූ අතර එම ලෝගුවක් හැඳි පුද්ගලයා සකුණ කුමරු විය.  

✔️මේඝාංගනා ⚔️ 𝕳𝖎𝖘𝖙𝖔𝖗𝖎𝖈𝖆𝖑 𝕲𝕷🦋Where stories live. Discover now