තරඟය අවසානයේ අසංගනා වෛශ්‍රව මුනි ගේ කුටියට ගියේ ඇයට ලැබුන කැඳවීම නිසාවෙනි. ඒ අනුව එහි ගිය ඇයට ඇය අපේක්ෂා කල පරිදිම දෙමව්පියන් මුණ ගැසුණි. එහෙත් මේ තරම් කාලයක් තමාව හමුවන්නටවත් නොපැමිණි ඒ දෙදෙනා හදිසියේ නැවත ඇයව කුමන කාරණයකට හමුවන්නට ආවේ ද යන වග වත් දන ගැනීමට ඇයට අවශ්‍ය නොවුනාය. තමා වෙනුවෙන් එකම දිනයක් වත් වය කිරීමට නොහැකි වූ ඔවුන් දෙදෙනා සම්පූර්ණ දිනයක් වැය කර තමාව හමුවීමට ආවේ කුමන කරුණකට වූවත් ඇයට අවැසි වූයේ හුදෙක් වෛශ්‍රව මුණි ව දෝශාරෝපනයෙන් ගලවා ගැනීම ම පමණකි. ඒ නිසාවෙන් ඔවුන් හා සමඟ නැවත දෙව්ලොවට එන්නට අසංගනා හට කෙතරම් දෙව්ලොව අධිරාජිනිය සහ අධිරජු ඇවටිලි කළත් එයට අසංගනා එකඟ නොවීය. ඔවුන් දෙදෙනා තම දෙමව්පියන් යන කාරණය වත් ඇය තවම හරි හැටි පිළිගෙන නොතිබුණාය. ඇයගේ හදවත තවම එය පිලිගනුමට සූදානම් නොවූවාය. එහෙයින් ඔවුන්ගේ ආරධනා සියල්ලක්ම පාහේ ප්‍රතික්ෂේප කල අසංගනා වෛශ්‍රව මුනි ගේ කුටියෙන් ඉවතට ගියේ ඇගේ මවගේ කඳුළු, පියාගේ අපේක්ෂා භංගත්වය පිරුණු දෑස මඟ හැර ය.
වෛශ්‍රව කුටියෙන් නික්මුණු අසංගනා තම කුටිය වෙතට ගියේ සියළු වෛශ්‍රව සිසුන් තමා දෙස මුව අයා බලා සිටින විටය. අසංගනා ගේ හැකියාවන් මෙන් ම ය කාගේ කවුරුන්ද යන වග පවා සිය්ල්ලොම පාහේ ඒ වන විටත් දැන සිටි බැවින් ඔවුන් ගේ පුදුම දෙගුණ තෙගුණ වී සමහරෙකුට අසංගනා දකින විට ඉබේටම වගේ තම දෙදණ පන නොමැතිව තම කයේ ලේ සියල්ලම එක්වරම සිදී යනු දැනින. තවත් සමහරෙකුට අසංගනා ඇවිදින විට පවා ඇගෙන් ශක්තිය පිට වන බව පෙනෙන බව දැනී තිබුණි. ඒ සා විශ්මය ජනක පුවතක් දරා ගැනීමට තරම් වෛශ්‍රව සිසුන් තම මනස දියුණු කර නොතිබිණි.
අසංගනා තම කුටියේ දොර විවර කරන විට ඇය දුටුවේ තමාට පිටු පා ජනේලයෙන් එළිය බලා සිටි මේඝාප්සරා ව ය. කුටියේ වූ නිවන්නට ලං ව තිබූ දුර්වල පන්දම් එළියෙන් වුවද අසන්ගනා හට මේඝප්සරා ගේ මුහුණේ වූ කණගාටුව මිශ්‍ර ආඩම්බර හැඟීම සහ පරාජය වීම නිසා අධිරජු ගෙන් ලැබුණ පහරවල් නිසා ඇති තුවාල, ඉන් ලාවට ගලනා රුහිරු බිඳු අසංගනා දුටුවාය. කුටියේ දොර වසා අගුළු දැමූ අසංගනා කඳුළු පිරි දෙනෙතෙනින් යුතුව මේඝාප්සරා දෙසට සෙමින් පාද තබා පියමැන ඇයව පසු පසින් වැලඳගත්තේ තුවාල නොපෑරෙන සේ හෙමිනි. අසංගනා එසේ මේඝප්සරා ව වැළඳ ගනිද්දී මේඝප්සරා සෙමින් තම ඉන වටා බැඳී අසංගනාගේ දෑත අල්ලා ගත්තේ එකඳු වචනයක් හෝ නොකියමිනි.
YOU ARE READING
✔️මේඝාංගනා ⚔️ 𝕳𝖎𝖘𝖙𝖔𝖗𝖎𝖈𝖆𝖑 𝕲𝕷🦋
Historical Fictionමම කොහි සිටයත් සැමදා මගේ හදවත නුඹ සමඟයි... 💮💮💮 'ආදරය යනු හුදෙක් එක් වචනයක් පමණක් නොවේ..ආදරය යනු හුදෙක් හැඟීමක් පමණක්ද නොවේ..කෙනෙකුට එය ලෝකයක්..තව කෙනෙකුට එය ආත්මයක්..තවත් අයෙකුට එය මායාවක් කිසි දිනක නිදහස් වනු නො...