සාදය සඳහා බොහෝ දෙනෙක් පැමිණ තිබුණි. නන් දෙසින් කුඩා ප්‍රාන්ත රජවරු ඔවුන්ගේ අග බිසවුන්, ඔවුන්ගේ ගණන් කිරීමට ද නොහැකි තරමේ වූ අන්තඃපුර බිසෝවරුන්ද මැති ඇමති වරු පුරෝහිතවරු ඇතුළු බොහෝ පිරිසක් විය. උස් වේදිකාවක කන්ඨ රජු සහ නොපහන් මුහුණකින් බුම්ම ගෙන් සිටි මේඝාප්සරා ද විය. මෙතෙක් සාදයේ කිසිවකට අවධානය නොදුන් මේඝාප්සරා නර්තන කණ්ඩායම එන විට පවා එතරම් උනන්දුවක් නොදැක්වූවා ය. එහෙත් අහම්බයෙන් මෙන් නර්තන කණ්ඩායමේ නායිකාවට පසු පසෙන් ආ දම් පැහැ වස්ත්‍රයක් දරා සිටි මුහුණු ආවරණයක් පැළඳ සිටි අසංගනා ඇගේ අවධානයට ලක් විණ. අසංගනා ද වේදිකාව දෙසට එනවිට වටපිට බලමින් ආ නිසා මේඝාප්සාරගේ දෑස් හා ගැටිණ. නර්තන කණ්ඩායම වේදිකාවට පැමිණි පසු රජුට, මේඝාප්සරා ඇතුළු පිරිසට ආචාර කළ ඔවුන් නර්ථනය ට රජුගේ අවසරය හිමි වූ වහා ආරම්බ වූ සංගීතයට තාලයට නර්තනයේ යෙදෙන්නට විය. මෙතරම් වේලා කිසිත් අවධානයක් නොමැතිව බලා සිටි මේඝාප්සරා දැඩි අවධානයෙන් නර්තනය දෙස බලා සිටින්නට විය. නර්තනයේ මාධ්‍යදී අසංගනා හට තම ධ්‍යාන බලයෙන් ගුවනට නැගී නර්තනයේ යෙදෙන්නට අවස්ථාව උදා වූ විට ඇය රජු සහ මේඝාප්සරා සිටි වේදිකාව වන තුරුම ගුවනට නැග මේඝාප්සරා ගේ දෙනෙත දෙස එක එල්ලේ බලා සිටියදී ඒ බැල්මේ වූ හුරුපුරුදු ගතිය මේඝාප්සරා ගේ මුළු ශරීරය පැතිරෙද්දී අසංගනා මුව ආවරණය අස්සෙන් මුව කොනින් සිනාසී තමා හට ගුවනේදී පෑමට තිබු නර්ථනය ඉදිරිපත් කළා ය. අසංගනා කොයි කෙදිනකවත් නර්තනයේ නොයෙදී තිබුණේ වුවද ඇයගේ අඩි තාලයට ගුවනේ තැබුණේ මේඝයක් මෙන් සුසිනිදුවය. කොයි කෙලෙසකින් වත් ඇය නර්තනයට ආධුනිකයෙක් ලෙසින් නොපෙනුණි. ඇගේ මේ දිලිසිනේ දෙනෙත් සහ වලාකුළු මෙන් වූ නර්තනය නිසා ඇයට බාල මහලු බේදයෙන් තොරව බොහෝ දෙනෙක් වශී වී තිබිණ.
"ඔබට බොහොම ස්තූතියි මෙනවිය. ඔබ අපව ගලවා ගත්තා! ඔබ විවේක ගන්න ඔබ හට හෙට රාජකාරියට වාර්තා කළ යුතු නේ. අප තවත් ඔබට කරදර කරන්නේ නැහැ..ආ ඔබගේ නර්තන හැකියාවන් බොහොම අපූරුයි..අපරාධයක් ඔබ කඩු කිණිසි වලට වටවී සිටීම.."නර්තන කණ්ඩායමේ නායිකාවගේ පැසසුමට සුහද සිනහවකින් සංග්‍රහ කළ අසංගනා ඇය හට ආචාර කර තමා හට ලබා දී තිබු කුටිය දෙසට යන්නට විය. මේඝාප්සරා ගේ කුටියට අසළම තිබූ කුටියක් රජු විසින් ඇය හට ලබා දී තිබූ අතර ඔහුගේ බිය වූයේ අසංගනා ගේ ආත්මය පැමිණ හෝ මේඝාප්සරා හට අනතුරක් කරාවි කියා ය. එයත් ඔහු දියණිය ගැන සිතන නිසා නොව මේඝාප්සරා යනු ඔහුගේ අරමුණට යන ගමනේ ප්‍රධාන ඉත්තෙකු වන නිසා වෙනි. නමුත් අසංගනා ගෙන් ගලවා ගැනීමේ කාර්යය අසංගනා හටම පැවරීම අත්‍යන්තයෙන් ම හාස්‍යජනක එකක් වූ අතර අසංගනා නින්දට යන්නට මොහොතකට පෙර සිටම හඬ නොනැගෙන සේ සිනාසින.
YOU ARE READING
✔️මේඝාංගනා ⚔️ 𝕳𝖎𝖘𝖙𝖔𝖗𝖎𝖈𝖆𝖑 𝕲𝕷🦋
Historical Fictionමම කොහි සිටයත් සැමදා මගේ හදවත නුඹ සමඟයි... 💮💮💮 'ආදරය යනු හුදෙක් එක් වචනයක් පමණක් නොවේ..ආදරය යනු හුදෙක් හැඟීමක් පමණක්ද නොවේ..කෙනෙකුට එය ලෝකයක්..තව කෙනෙකුට එය ආත්මයක්..තවත් අයෙකුට එය මායාවක් කිසි දිනක නිදහස් වනු නො...