ලිස්සන බෝට්ටුව වගේ පල්ලෙහාට තිබ්බ ඒ දොරෙන් අපි දෙන්නව කෙලින්ම වැටුනේ පූල් එකට....අපි හැමෝම තරුන ලමයි නිසා අරෝරා ලිස්සන බෝට්ටුවෙන් පූල් එකට වැටෙන හැටි ගානට ඩිසයින් කරලා තිබ්බා..මගෙ කරුමෙ තමයි ඉතින්...
පූල් එකට වැටුනම තෙමෙන්නෙ නැතුව බේරෙනවයැ....ඉතින් කියන්න සන්තෝසයි මගේ සුදු පාටයි කොල පාටයි ශර්ට් එක හොදටම තෙමිලා...අනික කොල පාට ශර්ට් එකේ අත් දෙක විතරයි...මම ශර්ට් එක යටට මුකුත් ඇන්දෙත් නෑ...කවුද දන්නෙ මෙහෙම විනාසයක් වෙයි කියලා..
❤️ ඔතන කල්පනා කර කර ඉන්නෙ නැතුව ගොඩට එනවා...
කීත් සුපුරුදු රැවිලි ගෙරවිලි හඩින් කියාගෙන ගොඩට ආවා...එයා ඇදන් හිටියෙ කලු පාට ශර්ට් එකක්..හොද වෙලාවට...
💚 අ...නෑ...ගොඩ එන්න ඕන නෑ...අ...මේ...මම සතියකින් විතර නාන්නේ....හී..මෙහෙම..ඉන්නම්.
කීත් නිකම් මා දිහා බැලුවෙ අමුතු සතෙක් දිහා බලනවා වගේ... සැක්..සතියෙන් දවස් හතක් නාන මට මෙහෙම බොරු කියන්න උනානේ...
කීත් මටත් රවාගෙන ශර්ට් එක ගලවන්න ගියා....ඒත් එකපාරටම යානය ආය ඇලවෙච්ච නිසා එයා ආය පූල් එකේ...ඒ අවස්තාවේ හැටියට හිනා නොවී ඉන්න බෑනේ....මාත් ඉතින් මගේ ශ්රී මුඛය විවර කරන් කිංකිනි වොයිස් එකෙන් හිනා උනා...හිනා වෙවී වතුරට තඩි බාබා අමාරුවෙන් හිනාව නවත්තන් කීත් දිහා බලද්දි එයා ආයෙත් මා දිහා අමුතුවට බලන් ඉන්නවා...
💚 ඇයි...
❤️ ඔයා...කෙල්ලෙක්ද..
💚 මොකක්..
❤️ සාමාන්යෙන් ඔහොම ටකරන් හිනාවක් දාන්නේ කෙල්ලො...ඒකයි..
💚 හී...මම තාම පොඩි එකානේ...ඔයාට වඩා මම අවුරුදු තුනක් බාලයි...
ආය කීත්ගේ අමුතු බැල්ම...මලා...මම දා හතේ කෙනෙක් වගේනෙ ඉන්නෙ..
💚 මම කිව්වේ...අවුරුද්දයි...
එතකොටම යානය පිස්සු හැදිලා වගේ පැද්දෙන්න ගත්ත නිසා අපිව පූල් එකෙන් උඩට විසි වෙවී ආය වතුරටම වැටුනෙ ඩොල්ෆින්ලා වගේ...
ආය යානය නැවතුනේ අපිව පූල් එකට දාමින්...ඒ එක්කම පූල් එකේ පහල දොර ඇරන් කුරාන් ශීරෝ දෙන්නම ආවා...මම පත් වෙලා තියන තත්වය තේරුම්ගත්ත නිසාද කොහෙද ශීරෝ කෙලින්ම ආවේ මම ඉන්න තැනට...
හරියටම මම පූල් එකෙන් ගොඩට එද්දිම එයා ටවල් එක මගෙ හිසේ සිට පාදාන්තය දක්වාම වැහෙන ලෙස පෙරෙව්වා..🌐 දැන් ඔක්කොම හරි...අපි ඇලෝසියස් වලට ආවා...
මම නිකමට කීත් දොහා බැලුවා...එයා නිහඩවම ඔලුව පිහිදනවා...මූනෙ කිසි හැගීමක් නෑ..
😁👋
බායි ඈ...මම කාටුන් බල බල ඉන්නේ
😁 ඕල් ඩෝග්ස් ක්රිස්මස් කැරෝල්..
නත්තල් ගී ගයමින් අපි සතුටින් ඉන්නේ...
නත්තල ලග ලග එන බව අපි දැන ගන්නේ...❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️
YOU ARE READING
Galaxy Love✔️✔️
Fantasyමිනිස්සු අපි ගැන දන්නේ නෑ.... ඒත් අපි ගොඩක් දේවල් කරන්නේ මිනිස්සු වෙනුවෙන්... Voltron.....ගොඩක් ලස්සන කතාවක්...ඒකේ චරිත මුල් කරන් තමා මම මේක ලියන්නේ...😊❤️