༺17༻

90 27 19
                                    

කීත් ආය අත් දෙකෙන්ම මූන වහ ගත්තා...

💚 ඔය ලේද...ඔයා අසනීපෙන්ද...

මම කලින් දැක්ක දේ සිතලුවක් කියලා හිතාගෙන...ඒත්..මම දැක්ක දේ ....

💚 ඔයාගේ අත් දෙක මූනෙන් අයින් කර ගන්න ....ප්ලීස්...

කීත් තාම අත් දෙකෙන් මූන වහන් අඩනවා...එයාගේ අත් දෙක දිගේ ලේ....
එයා හිමීට එයාගේ අත් දෙක මූනෙන් ගත්තෙ මගෙන් මුකුත් හංගල වැඩක් නෑ කියලා දැනුන නිසයි...

මම දැක්ක දේ ඇත්තක්...

















එයාගේ කටින් ලොකු දත් දෙකක් ඇවිත් තිබ්බා...වැම්පයර් කෙනෙක්ගෙ වගේ...ඒත් ඊට වඩා ලොකුයි...ඒ එක්කම එයා ආය අත් දෙකෙන්ම ඔලුව බදාගෙන කෑ ගහන්න ගත්තේ කාමරේ බඩු තැන තැන විසිරෙද්දි....ඒ එක්කම එයාගේ ඇගේ පාට ටික ටික වෙනස් උනේ එයාගේ උස වැඩි වෙනවා එක්ක...එයාගේ කන් දෙක පවා වෙනස් උනා....කීත් ඔලුවත් අල්ලන් කාමරේ මුල්ලක බිම දන ගහගත්තේ එයාගේ දරා ගැනීම උපරිමේට එද්දි .....විනාඩි කීපෙකින් එයා ආය යතා තත්වෙට හැරුනත් ඒ එක්කම එයා බිම වැතුරුනේ හොදටම හෙම්බත් වෙලා හිටිය නිසා වෙන්න ඇති...

(🙊🙉🙈 වරදක් කලත් හිතකින් නොවේ කීත් අයියාහ්....🙈🙉🙊 සොලි ස්නෝ බේබිලා කීත් අයියට සුට්ටක් සිද්දුව හී..
🙉🙈🙊)

මම හිමින් කීත් ගාවට ගිහින් එයා ගාවින් දන ගහගත්තා....මුලු ඇගම දාඩියෙන් පෙගිලා....කීත් හිමින් ඔලුව උස්සන් නැගිට්ටා...එයා කමිසයක් නැතුව ඉන්නෙ කියලා දැක්ක නිසා මම ටිකක් පස්සට උනා....කීත් ටිකින් ටික මා ගාවට ආවා...

💚 මො....මොකද ඔය...ඔයා මොකෙක්ද...කීත්...ඔයා හොද සිහියෙන් නෙමෙයිනේ ඉන්නේ....

එයාට මම කියන මුකුත් ඇහිලා නෑ වගේ කීත් ටික ටික මගේ පැත්තට ආවේ මේසෙක හැප්පිලා මාව නතර වෙද්දි..

❤️ මම විතරක් නෙමේ බොරු කරලා තියෙන්නේ...

එයා මගේ කනේ ගෑවෙන නොගෑවෙන දුරින් ඉදන් ඇහුවා...මොන කුනුහරපයක්ද යකෝ ඒ...

💚 මොකක්...මොනාද ඔය කියවන්නේ...ආ...මට යන්න දෙනවා....

කීත් මම කිව්ව මුකුත් ඇහුනේ නෑ වගේ එයා තව මට ලන් උනා...මම නම් ඩිම් වෙලා ඉන්නෙ.....මේ යකා කරන ඒවගෙන් මට අඩු වයසෙන් මැරෙන්න වෙනවා....කීත් මගේ ශර්ට් එක යටින් අත දාලා මගේ ඉනේ මාක් එක තියන තැනින් අල්ල ගත්තා....මම හිතුවා හරි...එයා තමා ඉස්කෝලේ හිටිය කොල්ලා....

💚 ඔ...ඔයා...

❤️ හ්ම්...මම තමා ඒ මාක් එක තිබ්බේ...පෘතුවියට අලෝක වර්ශ ගානක් දුරින් තියන ග්‍රහලෝකෙක ඉන්න මගේ නින්ද කැඩුවට ...

💚 මොකක්...

❤️ ඔයාට මතක නැති උනත් මට ඔයාව හොදට මතකයි....මතකද....දවසක් චිල් රන් පාර්ක් එකේ ඔයා එක්ක සෙල්ලම් කරපු කොල්ලාව...

💚 කීත් ????

❤️ ඒ ගැන පස්සෙ කතා කරමු...

මම දෙයක් කියන්න කට ඇරියත් එයා එයාගේ නිදහස් අත මගේ තොල් අතරින් තිබ්බා..

❤️ ඔක්කොටම කලින් කියන්න ඔයා කොල්ලෙක් වගේ ඇදන් මොනාද කරන්නේ....

ඒ ප්‍රශ්නෙන් තමා මට මිටර් උනේ මම ඇදන් ඉන්න ඇදුම....මගේ කම්මුල් වලට ලේ පිරෙනවා වගේ දැනෙද්දි මම බිම බලා ගත්තා....කීත් මගෙන් ඈත් වෙලා ගිහින් එයා ගාව තිබ්බ ජැකට් එකක් මට දුන්නා....රස්නේ කොහෙන් ගියාද නෑ...දැන් මාර සීතලක් තියෙන්නේ...මට ඒකෙන් තේරුම් ගියේ ඒ උන දෙට කීත් සම්බන්දයි කියන එක.....

මම බිම බලාගෙන එයාගේ කාමරෙන් එලියට යන්න ගියත් ඒ එක්කම එයා මාව අතින් ඇදලා නැවැත්තුවා..දෙයියන්ගෙ පිහිටෙන් එයත් ඇදුමක් දාන්...🙉🙈🙊

❤️ මට ඔයා එක්ක කතා කරන්න ඕන...

මම මුකුත් කියන්නත් කලින් එයා මගේ අතින් ඇදන් ගිහින් සාලේ තියන සෝෆා එකෙන් වාඩි උනා....මාත් එයාව අනුගමනය කරලා එයා එක්කම වාඩි උනා...

💚 කීත්....මොනාද කියන්න තියෙන්නෙ ...

❤️ කියන්න දේවල් ගොඩයි ..ඒත් අහන්න දෙයක් තියනවා...

💚 ම්හ්..

❤️ ඔයා මේ වගේ තැනක කොල්ලෙක් වගේ ඇදන් මොකද කරන්නේ....

එයාගේ මූනේ වෙනදා වගේ මුස්පේන්තු පාටක් නොතිබ්බත් කලින් වින්ද වේදනාව නිසා මහන්සි පාටක් මූනේ තිබ්බා....වෙනදට බුම්මන් ඉන්න මූනේ ලාවට ඇදිලා තිබ්බ හිනාව නිසා මූනම එලියයි....














😙 හායි ස්නෝ බේබිලා...

කීත් කවුද කියලා තාම මන් කිව්වෙ නෑ...

😙❤️ මොකො හිතන්නෙ කතාව ගැන...

Galaxy Love✔️✔️Where stories live. Discover now