༺13༻

97 28 15
                                    

යානයට ආපු ගමන් අරෝරා කරේ අපි එක්ක ආපු කෙනාට ආගන්තුක සත්කාර කරපු එක...ඒත් ඒ කෙනා ඊට කලින් නැගිටලා අරෝරාගේ අත් වලින් තදින් අල්ල ගත්තා...

♠ මට මේ සත්කාර ඕන නෑ කුමරියනි..ඔයාගේ තාත්තා නවත්තපු තැනින් ඔයා පටන් ගත්ත එකට මට සතුටුයි...කුමරියනි....සාකාන්ගේ හදවත  තියෙන්න ඕන තැන එයාගේ හදවත තිබ්බොත් ඔක්කොම හරියයි...

☖ ඒත් ජෝසෆ් සාකාන් එයාගේ හදවත විසික් කරානේ..

♠ ඔව් කුමරියනි..එයාගේ හදවත ආයමත් ගන්න සාකාන්ට ඕන වෙලා...එයා දැනන් ඔයාලා ඒක හොයනවා කියලා....ඒ නිසා සාකාන් මේ දවස්වල ෆිලෝබියා නිම්නය , ඇෆ්ලෙයා ක්ශේම භූමිය , ලියනොරා කියන තාක්ශනික නගරය කියන තැන් තුනටම ගෝරාවරු දාලා ඉන්නේ...ඒ තැන් තුනෙන්  දෙකක හෝ එකක තමා කුමරියනි අපිට ඕන දේ තියෙන්නේ..

☖ ඒත් තාත්තා මට...

අරෝරා කියන්න ගිය දේ ගිලගෙන ඇගිලිතුඩු වලින් නලල පිරිමදින්න ගත්තා..

☖ ජෝසෆ්..ඔයාට ගොඩක් ස්තූතියි...කුරාන්..මෙයාව ආරක්ශිත තැනකට ඇරලවන්න...ඔය කට්ටිය නව වෙනි තට්ටුවෙ පහලොස් වෙනි කාමරෙට එන්න...දැන්ම..

අරෝරා විදාන දීගෙන ගියා..එයා පිස්සු කියෝ කියෝ හිටියට වගකීමක් ගන්න පුලුවන් කෙනෙක් කියලා මට හිතුනා..
අපි පස්දෙනාම ඒකට ගිහින් ටිකකින් කුරානුත් ආවා..ඊට පස්සේ අරෝරා ඒ කාමරේ දොර ලොක් කරා...

☖ කලින් මම හිතුවෙ තැන් දෙකයි කියලා...දැන්..තුනක්ලු....අහ්...අපිට බෙදෙන්න වෙනවා...ඒත් සම්බන්දතාව එකටම තියා ගන්න ඕන...

🌐 අරෝරා...ඔය හය දෙනා බෙදෙන්න...ඔයා යන තැනක මාත් එනවා..

☖ කොහොමද බෙදෙන්නෙ..

💚 කොල වගයක යන තැන් ලියලා උඩ දාමු...

මම අත උස්සලා කෑ ගහලා කිව්වා...ඉස්කෝලේ යන කාලේ අපි එහෙම තමා කන්ඩායම් තේරුවේ..

💛 ඒක මරු..

හංක් කිව්වෙ එයාගේ අතින් මගේ කොන්ඩේ අවුල් කරන ගමන්..

🌐 පීච් ඒක කරමු...

කුරාන් කොල කෑලි හයක් අරන් ඒවාගේ පාට තුනක ඉරි ගැහුවා..එක පාටකින් ඉරි දෙක ගානේ...ඊට පස්සෙ එයා ඒ ටික නැවුවා..

🌐 කොල පාට ෆිලෝබියා නිම්නය දම් පාට ඇල්ෆෙරා...ලියනෝරා නම් කහ පාට..

කුරාන් කොල ටික උඩ දැම්මම අපි කොල ටික ගත්තා..

🌐 පාට කියන්න...

💚 කොල

💙 කහ

💛 කහ

☖ ඕ..ශීරෝ...අපි දම්..

අරෝරා ශීරෝගේ අතේ තිබ්බ කොලේට එබිලා කෑ ගැහුවෙ කලින් අන දුන්නේ එයාමද කියලා හිතන්නත් බැරි විදිහට...

🌐 එහෙනම්..
අරෝරා ශීරෝ
හංක් ලාන්ස්
කීත් පීච්...

☖ අපි ලෑස්ති වෙමු.








😂 කතාව හරියටම පටන් ගත්තේ දැන්ද මන්දා

Galaxy Love✔️✔️Where stories live. Discover now