༺1༻

294 44 12
                                    

මිනිස්සු හිතන් ඉන්නේ අභ්‍යාවකාශයේ ඉන්නේ ලොකු ඔලු තියන කෙට්ටු ඒලියන්ස්ලා කියලා....
ඒත් එහෙම නෑ....
අපි මායාකාරයෝ...පෘතුවියේ වැලි කැටයේ ඉදන් මිනිසා දක්වා මැව්වේ අපි...ඒත් කාලය එක්ක මිනිස්සු අපිව අමතක කලා...
ඒත් අපි නිතරම පෘතුවිය වෙනුවෙන් හිටියා...
පෘතිවියට කරදර ආවේ ගෝරාවරුන්ගෙන්....
එයාලා උත්සහ කලේ පෘතුවිය එයාලා යටතට ගන්න....
අපි දිගටම ඒ වෙනුවෙන් සටන් කලා...

"පීච්....අද ඉස්කෝලේ යන්නේ නැද්ද...."

"එනවෝ...."

පුටුව උඩ තිබ්බ බෑග් එකක් අතට අරන් මම අයියා පස්සෙන් ගියා...

කලින් මම කියපු ඔක්කොම ඇත්ත හොදේ...මගේ තාත්තාත් මායාකාරයෙක්..අම්මා මනුස්සයෙක්...ඒකයි අපි පෘතුවියේ ඉන්නේ තාත්තා පැවතන් එන්නේ වායු පරම්පරාවෙන්...ඒ නිසා මට වගේම අයියටත් සුලග පාලනය කරන්න පුලුවන්...

මගෙ නම කිව්වෙත් නෑනේ...මම Pinge මගේ අයියා Matt අපි දෙන්නටම තියෙන්නෙ කොල්ලොන්ගෙ නම්...මම ඉපදෙන්න ඉද්දි හිතලා තියෙන්නෙ කොල්ලෙක් කියලා....කොහොමත් ඉතින් දිගට තියන කොන්ඩෙ කැපුවොත් මම මැට්ගේ ට්විනා වගේ...මට වයස පහලවයි...අයියට දා හතයි...අපි ඉස්කෝලෙට යන ගමන් ඉන්නේ...

"ඔය දෙන්නා මිස්ටර් චාල්ස්ගෙයි මිසිස් චාල්ස්ගෙයි ලමයිද..."

අපේ ගමන වැලැක්කුවේ ගොඩක් උස ශක්තිමත් පාට කෙනෙක්...එයාගේ නහයේ හරහට රතු පාට ඉරක් ගිහින් තිබ්බා...කොන්ඩෙ ඉස්සරහ ටික සුදුයි ඇදන් හිටියේ කලුයි සුදුයි...මට මතක් උනේ බ්ලැක් ඇන්ඩ් වයිට් චිත්‍රපටි..

"ඔව්..."

අයියා කිව්වේ මගේ අතින් හයියෙන් අල්ලගෙන..
අර මිනිහා ගොඩක් සතුටින් හිනා වුනා..

"ආ...ගොඩක් හොදයිනේ...කොහෙද දැන් දෙන්නා යන්නේ..."

"අපි..ඉස්කෝලෙ යනවා.."

"මා එක්ක එනවද..."

"ම්ම්..බෑ අන්කල්...ඉස්කෝලෙ යන්න ඕන.."

"මාත් එහාට තමා යන්නේ..."

අපි තුන්දෙනාම ඉස්කෝලේ පැත්තට ගියා..

"ඔයාලාගේ නම් මොනාද..."

"මම පීච්...මේ මගේ නංගි මැට්.."

හෑ...ඒ මොකක්ද ඒ ගොනා කරේ...නම් දෙක මාරු කරානේ...සැක්..මට විතරක් කියලා තිබ්බෙ නම විතරයි දැන් ඒකත් නෑ... කට අරින්න හිතුනත් මම සද්ද නැතුව ගියා..

"හ්ම්...මම ශීරෝ...මම ආවේ විශේශ වැඩකට ඔයාව එක්කන් යන්න..."

එයා කිව්වෙ අයියාගේ පැත්තට අත දික් කරලා..මම අයියගෙ අතේ එල්ලුනේ බයට..

"මට මෙයාව දාලා එන්න බෑ..."

එතකොටම ඒ කෙනාගේ ශීරෝගේ පෝන් එක රින්ග් උනා...එයාගේ මූනේ තිබ්බෙ බයක්...

"ඔයාලා ඉස්කෝලෙට යන්න..."

එහෙම කියලා එයා ගියා...එයා ගියාට පස්සෙ අයියා මා ඉස්සරහ දන ගැහුවා..

"අයියේ...ඇයි නම් මාරු කරලා කිව්වේ..."

"පීච්..මට පොරොන්දු වෙන්න මට මොනා උනත් ඔයා හොදින් ඉන්නවා කියලා..."

"අයියේ...ඒ මනුස්සයා මාරයද..."

අයියා අමාරුවෙන් හිනා උනා..

"අපො නෑ...එයා හොද කෙනෙක්...මේ ලෝකේ ගොඩක් ලොකුයි පැටියෝ...මට පොරොන්දු වෙන්න.."

"අයියේ...ඔයා නැති තැන මම කොහොමද සතුටින් ඉන්නේ..."

අයියා නිහඩවම මාව බදා ගත්තා...


















පීච්ගෙ අයියට මොනා වෙයිද???



Matt & Pidge

Galaxy Love✔️✔️Where stories live. Discover now